SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ධම්මිකට අගමැති අපේක්ෂකකම?

 

  • “සල්ලි වලින් අපේක්ෂකයො දිනනවනම් ඉන්දියාවේ මොදි පැරදිලා අම්බානි දිනන්න ඔින..”
  • “පක්ෂ කඩාගෙන දිනන්න බෑ”

පසුගිය බ්‍රහස්පතින්දා පොහොට්ටුවේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට කැඳෙව්වාලු.

 

ඒ ඉදිරි දේශපාලන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරගෙනය..

 

“අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? මමයි අපේක්ෂකයා කියල සමහරු පෝස්ටර් ගහනවා. වොයිස්කට් දෙනවා. අපි මොකද කරන්න ඔින".

මාධ්‍ය ලේකම්ලා නාමල්ගෙන් අහලා.

 

 “අපි තවම අපේක්ෂකයෙක් තෝරල නෑ. අපි ව්‍යාපාරිකයන් මත යැපෙන්නෙ නෑ. සල්ලිවලින් ඡන්ද දිනන්න පුළුවන් නම් ඉන්දියාවේ මෝදි නෙවෙයි අම්බානි දිනන්න ඕන. ඇමරිකාවේ ගූගල් එකයි, ඇපල් සමාගමයි එකට එකතුවෙලා ඡන්දය දිනන්න ඕන. ට්‍රම්ප් ජනාධිපති වෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදියට නෙමෙයි දේශපාලකයෙක් විදියට. ඡන්දය කියන්නේ සල්ලි කියල හිතන එක වැරදි අදහසක්”

නාමල් එකදිගටම කියාගෙන ගිහිල්ලා.

 

පහුගිය දොහක කොළඹ පොහොට්ටු කාර්යාලයක් විවෘත කරන්න ගිය මොහොතක ධම්මික පෙරේරා මාධ්‍යවේදීන්ට කියපු කෙළින් කතාව හින්ඳ මේ කතාව නාමල් කිව්වයැ කියලයි ලඟ හිටපු අයනම් කියන්නෙ.

 

නාමල් තවදුරටත් කියා තිබුණෙ පක්ෂ දෙකට කඩාගෙන දිනන්න බැරි බවත් පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් ය.

 

2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජයත් අද වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන සන්තෑසියත් ගැන නාමල් එතැන හිටපු හැමෝටම දේසනයක් දීල තියෙන්නෙ වැඩිහිටියෙක් වගේය කියලයි නාමල්ට ආදරේ කරන පාක්ෂිකයෙක් අපට  ආරංචිය දුන්නෙ.

 

කල යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම යැයි කියපු නාමල් රාජපක්ෂ පහුගිය දින කිහිපයක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා වට කිහිපයක්ම සිදුකර ඇති බවත් හෙට අනිද්දාම භාගයක් නොව කංචන විජේසේකර මාතරදී කිව්වා සේ පලුව පිටින්ම රනිල්ට යන්නට ඉඩ ඇති බවත් කියන කතාව තමයිලු  ඔන්න දැන් දැන් කට්ටිය ෂොට් එකක් දාද්දි බයිට් එකට ගන්නව කියන්නේ.

 

අනේ ඉතිං මේ ඔක්කොම දේශපාලන ඩ්‍රාම එකනේ..

ව්‍යවස්ථාවේ සිදුරු හොයන එකේ ඉඳල ස්ක්‍රිප්ට් එක ලියාගෙනයි කරන්නෙ කියල දැන් දැන් සාමාන්‍ය මිනිස්සුත් දැනගත්තට මෙරු ආලෝකයට වශී උනා වගේ තමයි අපේ කස්ටියත් නේද?

 

#Gossip

nalan mendis

නවතම ලිපි