SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේ දී  පුළුල් සන්ධානයකට එළැඹෙන බවත්, ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්  වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යළිත් අවධාරණය කර ඇත.

 

“අපි සන්ධානයක් ගොඩනගනවා..! සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරයි.. වැඩපිළිවෙලක්, වැඩසටහනක් එක්ක මිසක් අපි කාටවත් පුද්ගලයින්ට සහයෝගය දෙන්න සූදානමක් නෑ.."

 

ඊයේ (05) පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන් හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

ප්‍රශ්නය:

ඩොලර් බිලියන අටක ණය කපා හැරීමක් සිදුවෙලා. ඒක සුභද? අසුභද?

 

පිළිතුර:

මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලක් සකස් කිරීම හොඳ කටයුත්තක් ස්ථාවරත්වය සඳහා. හැබැයි අපේ ණය කැපෙන්නේ ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව. ඉතින් ඒක ඒ වගුවේ දාලා තියෙන්නේ. අපිට 28% ක් ණය කැපෙන්නේ මේ අපේ දළ දේශීය නිෂ්පාදනය 2025-27 කාලේ බිලියන 88ක් අපේ ආර්ථිකයේ වැඩිවීම, ඒ කියන්නේ වෙනකොට ඩොලර් බිලියන 96 ක, 100 ක් වෙනකොට ඒ ගාන අඩු වෙනවා. හැබැයි 15% ට වඩා අඩුවෙන්නේ නෑ. ඉතින් ඒ අනුව බිලියන 8ක ආර්ථිකය 88ට තිබුනොත් කියන කාරණය බොහොම වැදගත්. එහෙම නොවුණොත් එච්චර ගාණක් කැපෙන්නේ නෑ. කොහොමත් 15% යි අඩුවෙන්නේ ඒ වගේම 2032 ඉඳන් අපිට අලුතෙන් බැඳුම්කර නිකුත් කළාම දැනට 6% පොළියට, හතේ පොළියට ගත්ත ඒවටත් 9.5% ක පොළියක්. බැඳුම්කර අලුතෙන් නිකුත් කරන්න වෙනවා. ඒ නිකුත් කළාම 2032 ඉඳන් 9.5% ක් තමයි ඒ වගුවේ හැටියට නම් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේවා අරන් තියෙන්නේ 0.5% - 0.8%

 

ප්‍රශ්නය:

ජනාධිපතිවරණය කල් දැමීමට නොයෙකුත් කුමන්ත්‍රණ සිදුවෙනවයි කියලා මේ දවස් වල කතාබහක් ඇතිවෙනවා?

 

පිළිතුර:

ඒවා ඇත්තටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මොනවා කියයිද කියලා දන්නෙ නෑ ඉදිරිපත් කරලා තියෙන පෙත්සමට. නමුත් ඒක ඇත්තටම ව්‍යවස්ථාවේ සිරිසේන ජනාධිපතිතුමාට තර්කයක් තිබුණා. එතුමාට ඡන්දේ දුන්නේ අවුරුදු 6කට. එතුමා ඒක 5 කරගත්තා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අනුප්‍රාප්තිකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නම් ඡන්දේ දුන්නේ නෑ අවුරුදු පහකට. ඒක හින්දා ඒක 6 කරගන්න බෑ.

 

ප්‍රශ්නය:

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් කියලා තියෙනවා ඉල්ලුම් කරනවයි කියලා. ඔබතුමාට මොනවහරි ආරාධනාවක් ලැබිලා තියෙනවද?

 

පිළිතුර:

අපි සන්ධානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. මේ සන්ධානය සඳහා කටයුතු කරගෙන යනවා ඊළඟ මැතිවරණය ප්‍රකාශ කළාම. අපි ඒ සන්ධානය සාකච්ඡා කරලා සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. නැත්නම් මට ඉදිරිපත් වෙන්න කිව්වොත් මම ඉදිරිපත් වෙනවා. නැත්නම් සුදුසු අපේක්ෂකයෙක් ප්‍රතිපත්තියක් මත ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්ට එහෙම වුණොත් අපි සහයෝගය දෙනවා.

 

ප්‍රශ්නය:

දැනට සහයෝගය ඉල්ලලා තියෙනවද කවුරුහරි? රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය පල කරන්නත් ඔබතුමා කැමැත්ත පළ කරලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

 

පිළිතුර:

ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඇත්තටම මාධ්‍යවලින් දිගින් දිගටම ඒ වගේ මතවාද පතුරුවනවා. වැඩපිළිවෙලක්, වැඩසටහනක් එක්ක මිසක් අපි කාටවත් පුද්ගලයින්ට සහයෝගය දෙන්න සූදානමක් නෑ.

 

ප්‍රශ්නය:

ආණ්ඩුකාරවරු මේ වෙලාවේ මේ ඡන්ද නීති උල්ලංඝනය කරමින් කටයුතු කරනවා කියලා චෝදනාවක් තියෙනවා?

 

පිළිතුර:

මැතිවරණ කොමිසමේ වගකීමක් ඇත්තටම ජූලි මාසයේ 17 වෙනිදායින් පස්සේ මැතිවරණ කොමිසම ඒ ගැන ක්‍රියා කරයි. විශේෂයෙන්ම මේ මුදල් වියදම් කිරීම ගැන විධිමත් ක්‍රියාකාරීත්වයක් පළ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

ප්‍රශ්නය:

සල්ලි විසි කිරීමක් විශාල වශයෙන් සිද්ධ වෙනවා..?

 

පිළිතුර:

ඔව් ඇත්තටම දැන් මේ ජනාධිපතිවරණයට තාම මැතිවරණ කොමිසම අපිට කිව්වේ නෑ කොච්චරද වියදම් කරන්න පුළුවන් කියලා. ඒක නිශ්චිතව ක්‍රියාත්මක කරයි. විශේෂයෙන්ම ජනමාධ්‍යවල අයිතිකාරයෝ කල්පනා කරන්න ඕන මේවා පොදු ජනතාවගේ දේපොළ. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ඊළඟට මුද්‍රිත මාධ්‍ය. ඒවා මේ අයිතිකාරයින්ට ඕන විදිහට කට්ටියකට පහර දෙන්නයි, කට්ටියකට  උදව් කරන්නයි විදිහට නොකරන්න යම්කිසි මාධ්‍ය නියාමනයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

ප්‍රශ්නය:

ජනාධිපතිවරණයක් මේ කට ළඟ තියාගෙන මේ ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් සහන ලබාදීම වගේ දේවල් ගැන කතා කරනවා..?

 

පිළිතුර:

සහන ලබාදීම් තමන්ගේ සාක්කුවෙන් නෙමෙයිනේ කරන්නේ. ආසියානු සංවර්ධන බැංකුව වගේ ඒවායින් ලබා ගන්න අයවැය සහන වලින්. ඒවා කවදහරි අපිට බදු මුදල්. ඉතින් ඒ නිසා ජනතාවට දානවා ප්‍රශ්න තියෙන්නේ  බදු මුදල් අය කිරීම නිසා. උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලය  බිලියන් 100 කට අධික ගාස්තු අය කිරීම සඳහා ඒ සහනය හරිනම් දෙන්න ඕනේ ඒවයින්. ඒ වගේම තමයි තෙල් මිලත්.

 

ප්‍රශ්නය:

හිටපු විදුලිබල ඇමතිවරයෙක් විදිහට; මේ විදුලි බල ගාස්තුව තවම අඩුවීමක් නොවීම ගැන මොකක්ද අදහස?

 

පිළිතුර:

ඉස්සරහට විදුලිබල මණ්ඩලය ගාස්තු අඩු කිරීමේ සංශෝධනයක්, මහජන උපයෝගිතා කොමිසම 9 වෙනිදා කැඳවලා තියෙන්නේ, අපි බලාපොරොත්තු වෙනවා කෙටි අදහස් දක්වන්න. දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ 13% ක්. නමුත් ඇත්තටම මේ ලාභය බෙදුවාම 40% ක පමණ විදුලි ගාස්තු අඩු කිරීමක් විදුලිබල සම්බන්ධතා තැන්පතු මුදලට පොලියක් ලබා දීමේ ගැනත් කතාබහක් වුණා.

 

WhatsApp Image 2024 07 06 at 13.07.04WhatsApp Image 2024 07 06 at 13.07.041WhatsApp Image 2024 07 06 at 13.07.06WhatsApp Image 2024 07 06 at 13.07.07WhatsApp Image 2024 07 06 at 13.07.071

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්,

එක්සත් ජනරජ පෙරමුණ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි