SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ට

උපහාර පිදීමේ උත්සවයක් ඇය අධ්‍යාපනය ලැබූ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පසුගියදා පැවැත්විණි.

 

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් චමරි අතපත්තු ක්‍රීඩිකාව බිහිකළ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් නව ක්‍රීඩාගාරයක්, අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පැති විකට්ටුවක් සහ කාය වර්ධන මධ්‍යස්ථානයක් බිහිකරන බව සඳහන් කළ අතර තමා අධ්‍යාපනය ලත් කොළඹ නාලන්දා විද්‍යාලයේ එවක වාර්තා පිහිට වූ ක්‍රිකට් නායකයා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සිට ඇති බවත් ඔහු විසින් චමරිගේ විද්‍යාලය හොඳින් ගොඩනගා ඇති බවත් සඳහන් කළේය.

 

වැඩිදුර අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා,

 

WhatsApp Image 2024 07 06 at 09.23.112

චමරි අතපත්තු නිසා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට නව උදාවක් ඇරැඹෙයි!

 

“මට චමරි කිව්වා ඔබ තුමා අඩුමා ගණනේ මිනිත්තු පහක කතාවක් හරි කරන්න ඕන කියල. මම ඇත්තටම සන්තෝස වෙනවා, මේ ඉස්කෝලයට මං පළවෙනි සැරේට මේ ආවේ.  මම ගිය පාසල කොළඹ නාලන්දා විද්‍යාලය. අපේ පාසැලේ ඉගෙන ගෙන ක්‍රිකට් වාර්තාවක් තියපු අපේ ක්‍රිකට් නායකයා තමයි මෙම විදුහලේ ප්‍රින්සිපල් හැටියට ඒ කාලයේ ඇවිල්ල තියෙන්නේ. මම ඔබතුමාලගේ විදුහලේ ධජය දිහා බැලුවා ම, මට තේරුනා එතුමා කොච්චර මේ ඉස්කෝලයට කැපවීමකින් වැඩ කරාල තියෙනවාද කියලා. ඇත්තටම එතුමා මගේ ඉස්කෝල ධජය මෙතැන ඔබතුමාලගේ  පාසැලේ ධජයට සමාන කරලා තියෙනවා. අප විදුහල් දෙකේ ම ධජය එකයි. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ නාලන්දා  විද්‍යාලය අතර තියෙන  ලොකු සමානකමක්  මට පේනවා.

 

ඇත්තටම මම අද මෙතැනට ආවේ මගේ ගැන කතා කරන්න නෙමෙයි. චමරි අතපත්තු ගැන කතා කරන්න. මම නාලන්ද විද්‍යාලයේ මලල ක්‍රීඩා කරන සමයේ මට මතකයි  මලල ක්‍රීඩා තරග වලට යන්න ඉස්සෙල්ලා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඉස්කෝල දෙක තුනක් ගැන සොයා බලනවා. ඉන් පළමුවැනි ඉස්කෝලයක් තමයි ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය. එතන දන්නේ නැති ළමයි ඉන්නවා එකසැරේට ඇවිල්ලා ලංකාවේ පරිසාධන මට්ටමට එනවා. මේ ක්‍රීඩා පාසල හැංගිලා තිබුණාට එච්චර දියුණු පාසලක්. මම ඉතින් ඉස්සර බලනවා, කවුද ඉබ්බාගමුවෙන් එන්නේ කියලා. ඇත්තටම මම  කලේ යගුළිය, කවපෙත්ත සහ හෙල්ල විසිකිරීම. ඉතින් ඒ වගේ මේකට මට හොඳ මතකයක් තියෙනවා ඉබ්බාගමුව මහා විද්‍යාලයට ගැන.

 

මම ආසයි තව චමරිලා හතර පස් දෙනෙක් මෙම විදුහලෙන් බිහි වෙනවා දකින්න.

 

WhatsApp Image 2024 07 06 at 09.23.12

 

මගේ භාග්‍යයකට මම මෙතැනට ආවා කියලා මට හිතෙනවා.  චමරි අතපත්තු හින්ද තමයි මම මෙතැනට ආවේ. ඒ වගේ මං දැක්ක ඔබ විද්‍යාලයේ  ක්‍රීඩා පිටියත්. මේ පිටියෙන් ඉදිරි  අවුරුදු දෙක තුන වෙද්දි චමරි අතපත්තු ලා හතර පස් දෙනෙක් බිහි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

 

නව ක්‍රීඩාගාරයක්, අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පැති විකට්ටුවක් සහ කාය වර්ධන මධ්‍යස්ථානයක්!

 

ඒ අතරතුර මම ඔබ විදුහලේ ක්‍රීඩා භූමිය බලන කොට මට හිතුණා මෙතනට අලුත් පැවිලියන් එකක් ගහන්න ඕන. අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිකට්ගාරයක්, පැති විකට්  එකක් හදන්න ඕන, අංග සම්පූර්ණ ජිම් එකක් හදන්න අවශ්‍යයි කියලා. මම පොරොන්දු වෙනවා ඒ සියල්ල ඉතා ඉක්මනින් නිම කරලා දුන්නට පස්සේ මේ ක්‍රීඩා පාසල ලංකාවේ තියෙන හොඳම ක්‍රීඩා පාසල හැටියට වැජඹෙයි කියලා.

 

මම චමරිගේ විශ්‍රාම ගැනීම නැවැත්තුවා.

 

මම චමරි අතපත්තු ගැන දැන් කතා කරන්නන්. චමරි අතපත්තු ළඟ දී ඇවිල්ලා මට කියනවා,”මට ක්‍රිකට් ගැහුවා ඇති දැන් නතර වෙන්න ඕන කියලා. මං කිව්වා තව අවුරුදු හතරක් පහක් ඔයාගෙ ඇඟේ ක්‍රිකට් තියෙනවා. දැන් නතර වෙන්න බෑ.  ඉතිං ඊට පස්සේ චමරි අතපත්තු ඒක  පිළිගත්තා.  දැන් ඉස්සරහට එන හුඟක් ලෝක කුසලාන තරඟ තියෙනවා. අපේ ඉන්නවා තව හුඟක් හොඳ ළමයි, දැන් චමරිව අනුගමනය කරන්න තමයි ඒ ගොල්ලන් බලා ගෙන ඉන්නේ.

 

සුසන්තිකා ජයසිංහත් ක්‍රිකට් ආයතනයේ

 

ඒ වගේම ඔබට මං කියනවා චමරි ඔබ තමයි ලෝකයේ පළමු තැන සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව. ඇත්තටම ගත්තොත් සුසන්තිකා ජයසිංහ ඉන්නවා. මේ විදුහලෙන් බිහි වූ ශ්‍රීයානි කුලවංශ ඉන්නවා. ඇත්තටම සුසන්තිකා ජයසිංහ කියන්නේ ලංකාවේ පමණක් නොව ලෝකයේ හිටපු හොඳම ක්‍රීඩිකාවක්. මට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන් සුසන්තිකා ජයසිංහත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපිත් එක්ක වැඩ කරනවා.

 

ලංකාවේ පළමු වන ක්‍රිකට් ආයතන සභාපතිනිය

 

WhatsApp Image 2024 07 06 at 09.23.121

 

එතකොට චමරි අතපත්තු තව අවුරුදු පහකින් පහකින් පසුව විශ්‍රාම ගන්න විට,  චමරි අතපත්තු ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ,  සමහර විට මගේ තනතුරට පවත්වන පලවෙනි  කාන්තාව වෙන්ඩ පුළුවන්.

 

අපි ඒ බලාපොරොත්තුව තියලා චමරිට තව අවුරුදු 5 ක් තව ගහන්න කියලා කියනවා. මෙම ක්‍රීඩාංගණය  දඹුල්ල වෙලගෙදරට පස්සේ තියෙන හොඳම ක්‍රීඩාංගණය හැටියට මම මේක  දියුණු කරලා ඔබලාට බාර දෙනවා.

 

චමරි අතපත්තු ක්‍රීඩාංගණය

 

මම එක ඉල්ලීමක් කරනවා මේ ක්‍රීඩාංගණය නිමකල පසුව චමරි අතපත්තු ක්‍රීඩාංගණය නමින් නම් කරන්න කියලා. අපි එනවා මෙතැනට, තව වැඩිකල් යන්නේ නෑ. මම මාස හතරකින් එය ඉටු කරන්න අපේක්ෂා කරනවා.

 

ගරු ජනාධිපතිතුමා ක්‍රීඩාව දේශපාලනයෙන් මුදා ගත්තා

 

සුදත් චන්ද්‍රසේකර මහතා කිව්වා වගේ මාස හයකට හතකට ඉස්සෙල්ලා අපේ ලංකාවේ ක්‍රීඩාව නැති වෙලා තිබ්බේ. අපේ රග්බී, ෆුට්බෝල්, ක්‍රිකට් තහනම් වෙලා තිබ්බා. ඒක මේ ජනාධිපතිතුමා ඇවිල්ල ලංකාවේ ක්‍රීඩාවෙන් දේශපාලනය නැති කරලා ඒක අපට නැවත ලබා දුන්නා.

 

චමරි වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔබ ළඟට ඇවිල්ලා උදව් කරයි. ඒ වගේ තව අවුරුදු දෙකක් ඇතුළත ක්‍රීඩිකාවන් විතරක් නෙමෙයි හොඳ ක්‍රීඩකයෝත් මෙම විදුහලෙන් බිහි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා”.

 

 

 

නවතම ලිපි