SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිගේ ධුරයේ කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා දිනයේ

කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ස්ථානයක අවුරුදු 5 ක් ලෙසත් අනෙක් ස්ථානයේ අවුරුදු 6 ක් ලෙසත් සඳහන් වීම හේතුවෙන් එය නිරාකරණය කර ගැනීම සඳහා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කරයි.

 

ඉන් අනතුරුව ඊට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කරයි.

 

කෙසේ වුවද ඊයේ(04) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ජනාධිපති වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බවය.

 

එසේම දයාන් ලෙනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් තමාට හෝ තම නීතීඥයින්ට කිසිදු සම්බන්ධයක් නැති බවත් වැඩිදුරටත් පවසා තිබූ අතර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ තීරණයට සම්පූර්ණ සහාය පළකරන බවත් ජනාධිපති වික්‍රමසිංහ කියා ඇතැයි නිවේදනයේ සඳහන්ව තිබුණි.

marrikkar

නවතම ලිපි