SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති කාර්ඩ් බෝර්ඩ් වීරයින්ට මේ රට ගොඩ දැමිය නොහැකි යැයි ද,

ඊට අවශ්‍ය වන්නේ දක්ෂතාවය, පළපුරුද්ද සහ ජාත්‍යන්තර පිළි ගැනීමක් තිබෙන නායකත්වයක් යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. 

 

මේ වන විටත් රට ගොඩනැගීමේ නිර්භීත අභියෝගය භාර ගෙන තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර ඔහුට සිය ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ද 90%ක සහය ජනාධිපතිවරණයේ දී හිමි වන බව  හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියයි.

 

ඔහු  මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

 

Ravi eith ranil Lankaline

 

"රටේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට "එල්-බෝර්ඩ්" නායකයින්ට බැහැ. "එල්-බෝර්ඩ්" ගහ ගෙන රටට-ජනතාවට විවිධ විහිළු සපයන පුද්ගලයෙකු ජනාධිපති කර ගෙන රට ඉදිරියට ගෙන යන්න හැකියාවක් නැහැ. රටට අවශ්‍ය වන්නේ  දක්ෂතාවය, පළපුරුද්ද සහ ජාත්‍යන්තර පිළි ගැනීමක් තිබෙන ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යා හැකි නායකයෙකු බව කිව යුතුයි.

 

සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් එකට ඒකරාශී කර රට ඉදිරියට ගෙන යා හැක්කේ "එල්-බෝර්ඩ්" ගහ ගෙන යන "කාර්ඩ් බෝර්ඩ් වීරයෙකුට" නොව රනිල් වික්‍රමසිංහ මහතාටයි. "එල්-බෝර්ඩ්" ගහ ගෙන මෝටර් රථය හප්ප හප්පා ගොස් මේ රට කවදාවත් දියුණු කරනු බැහැ.

 

කඩා වැටුණු සහ බංකොලොත් වූ ආර්ථිකයක් මේ තරම් කෙටි කාලයක දී යළි ගොඩනගා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවක් ලෝකයේ දැක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියා සිටියා. මේ රටේ මූල්‍ය විනයක් ඇති කර රට බංකොලොත් භාවයෙන් මුදවා ගෙන ආර්ථිකය නිවැරදිව පීලි ගත කිරීමේ ඒ නිර්භීත අභියෝගයත් භාර ගත්තේ කවුරුවත් නෙව ජනාධිපති වික්‍රමසිංහ මහතායි. 

 

මේ ප්‍රගතිය දැක අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය ක්‍රියා කරන්නේ භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ වන අතර මේ ගමන කඩාකප්පල් කිරීම සඳහා ඔවුන් විවිධ බිල්ලන් මවමින් සහ විවිධ කතා කියමින් ජනතාව නොමඟ යවනවා. අපේ "Duplicate" පක්ෂයේ සිටින මනුස්සයා කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට කිසිම සහයක් ලබා දෙන්නේ නැහැලු. අප දන්නවා එතුමා කොහොමත් රට-ජනතාව වෙනුවෙන් එවැනි සහයක් ලබා දෙන්නේ නැහැ. නමුත් එතුමාගේ පක්ෂයේ අනිවාර්යෙයන් 90%ක් ඊට සහයෝගය ලබා දීමට සූදානමින් සිටින අතර ඒ ගැන එතුමාවත් දන්නේ නැහැ." 

 

 

(Lankanewsweek ඇසුරෙන්)

marrikkar

නවතම ලිපි