SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැලඹිලි සහිතව ගෙවුනු වසර 14 කට පසු අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය අතුගා දමමින්

කීර් ස්ටාමර්ගේ කම්කරු පක්ෂය බලයට ගෙන ඒමට අපේක්ෂා කරන පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවෙන්  බ්‍රිතාන්‍ය ජාතිකයින්  බ්‍රහස්පතින්දා  ඡන්දය ප්‍රකාශ කළේය.

 

UK 5

කොන්සර්වේටිව් පක්ෂය ඉතිහාසයේ ඔවුන්ගේ නරකම මැතිවරණ ප්‍රතිඵලවලට මුහුන දී සිටින අතර කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පළකර ඇත.

 

මේ මොහොත වනවිට ආරංචිමාර්ග ගෙනහැර දක්වන්නේ ස්ටාර්මර්ගේ මධ්‍ය-වාම පක්ෂය මේ වනවිට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සඳහා යොමු කර ඇති බවය. කෙසේ වුවද  බොහෝ ඡන්දදායකයින්ට වසර අටක් තුළ අගමැතිවරුන් පස් දෙනෙක් පත්කරමින් බලයට පත්කළ  කොන්සර්වේටිව්වරුන් යටතේ බ්‍රිතාන්‍යයේ ඇති වූ ගැටුම් හා කැලඹීම් ද විශේෂයෙන්ම මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බූධයන් ද නිසා  කලෙකට පසුව එරට ජනතාව ද  වෙනසක් අවශ්‍ය බව යෝජනා කර ඇත.

 

UK 01

 

කෙසේ වුවද 61 හැවිරිදි හිටපු මානව හිමිකම් නීතිවේදියෙකු වන ස්ටාර්මර්ට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අර්බූධකාරීම කාලයක අග්‍රාමාත්‍යවරයා ලෙස  වැඩ භාර ගත හැකි නමුත් මේ වනවිට රටේ අර්බූධය  විසඳීමට පදනමක් හෝ මූල්‍ය සම්පත් නොමැතිව එය ඉටු කිරීමට ඔහුට සිදුවනු ඇත.

 

එරට සැබෑ තත්වය මෙසේ වුවද බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් ස්ටාර්මර් ඡන්දදායකයින්ට පවසා ඇත්තේ,

“අද බ්‍රිතාන්‍යයට නව පරිච්ඡේදයක් ආරම්භ කළ හැකිය. කොන්සර්වේටිව් යටතේ තවත් වසර පහක් අපට දැරිය නොහැකියි. නමුත් වෙනසක් සිදුවනු ඇත්තේ ඔබ කම්කරු පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළහොත් පමණි." යනුවෙනි.

 

ඒ අනුව බ්‍රහස්පතින්දා  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටේ ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක්  විවෘත විය.

 

UK 4

 

44 හැවිරිදි සුනක්, ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු එංගලන්තයේ රිච්මන්ඩ් මැතිවරණ දිස්ත්‍රික්කයේ ඔහුගේ බිරිඳ අක්ෂාතා මූර්ති සමඟ වේලාසනින්ම ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ස්ටාර්මර් ඔහුගේ උතුරු ලන්ඩන් ආසනයේ ඔහුගේ බිරිඳ සමඟ ගොස්  ඡන්දය ප්‍රකාශ කර ඇත.

 

බලාපොරොත්තු වූවාට වඩා මාස කිහිපයකට පෙර මැතිවරනය කැඳවූ සුනක් මෑත සතිවල දී අඛණ්ඩව පස්වන කොන්සර්වේටිව් ජයග්‍රහණයක් සඳහා වූ මැතිවරණ ව්‍යාපාරය අත්හැර දමමින්, කම්කරු පක්ෂයක අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවීමට පමණක් කතාකිරීමට පටන් ගෙන තිබුණි.

 

කම්කරු ආන්ඩුවක් බදු වැඩි කරන බවත්, ආර්ථික ප්‍රකෘතියට බාධා කරන බවත්, භූ දේශපාලනික ආතතිය පවතින අවස්ථාවක බ්‍රිතාන්‍යය වඩාත් අවදානමට ලක්වන බවත් පවසමින්, කම්කරු පක්ෂය ප්‍රතික්ෂේප කරනු වස්  ජනතාව පොළඹවන්නට වඩාත් උත්සාහ ගෙන ඇත.

 

“ඔවුන් අපේ රටට සහ අපේ ආර්ථිකයට කල්පවත්නා හානියක් කරාවි..

ඔවුන් අවසන් වරට බලයේ සිටි කාලයේදී කළාක් මෙන්,” යැයි සුනක් පැවසූ අතර  "එහෙම වෙන්න දෙන්න එපා."යැයි ඉල්ලා සිට ඇත.

 

uk elec 2 

කෙසේ වුවද කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වන අතර, සිකුරාදා දිනයේ ප්‍රකාශවන අවසන් ඡන්ද ප්‍රතිඵලයත් සමග කීර් ස්ටාර්මර් බලයට පත්වෙනු ඇති බවට ආරංචිමාර්ග පවසයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි