SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දේශපාලන පිටියේ ගේම් සහ වංගු හරි හරියට.

මේ දවස්වල පක්ෂ මාරු කරන්න, රැල්ල යන අතට සෙට් වෙන්න වගේම හීන් සීරුවෙ කතන්දර බෝ කරන්නත් හරි හරියට වැඩ සිද්ධ වෙනව.

 

මේ හීන් සීරු කතන්දර නිර්මාණය කරන්න නම් කාලයක් තිස්සෙ තෙම්පරාදු සන්නාම නිපදවන්නෙක් තමයි දිලිත් ජයවීර කියන්නෙ.

 

Tamil Dilit cc

 

දිලිත් දැන් ඇඩ්වටයිසින් වලින් දේශපාලනයට මාරු වෙලා.

ඒත් එයාගෙ ඒ ස්කිල් එක අතෑරලා නෑ.

අළුත්ම විදිහට ඒ ස්කිල් එක දේශපාලනයට යොදා ගන්නව කියල තමයි කට්ටිය නම් කතා වෙන්නෙ.

 

දිලිත් ගෙනියන්නෙ ජාතිකවාදී වාම දේශපාලනයක්ය කියලත් ඒ වෙනුවෙන්  විවිධ සිද්ධීන් නිර්මාණය කරමින් ඉන්නව කියලත් කියවෙනවා.

ඒවා අතර මෑතකදි යාපනයේ ආවා කල්ලියේ නායකයා යැයි සුප්‍රසිද්ධ අරුන් සිද්ධාර්ත්වත් දිලිත්ගේ පක්ෂයට එක්කර ගත්තෙ යාපනය සංවිධායක බවට පත්කරල.

 

අරුන් දිලිත්ට 

ඒත් දැනට මාස ගණනකට කලින් එජාපයේ නායකයෙක් වුනු  රවී කරුණානායකත් එජාපයේ සංවිධායක විදිහට අරුන්ව අභිෂේක කළා මතක් වෙනව.

ඒත් සිද්ධාර්ථන්ට  අවශ්‍ය සංවිධාන කටයුතු වලට ප්‍රතිපාදන සැපයුනේ නැති නිසා සිද්ධාර්ථන් ඔවුන්ව අත්හැර මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර  එක්ක එකතු වුනු බවටයි කතා පැතිරුනේ.

දිලිත් ජයවීර හොඳින්ම දන්න කාරණයක් දකුණේ ඡන්ද ලබාගත්තත් උතුරු නැගෙනහිර ඡන්දය  ඡන්ද ප්‍රතිශතයට තීරණාත්මකයි කියල. ඒක අවුලක් නැති උනේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විතරයි.

 

ඉතිං ඔන්න ඊයේ පහුගිය දවසෙ දිලිත් ජයවීර දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කළ තවත් වැඩක් උත්කර්ෂයට නගල තියෙනව. ඒක තිබුණෙ එයාගෙ මුහුණු පොතේ සටහනක.

ඒ සටහන ලාල් කොළමට වාර්තා වුනේ මෙහෙම.

ඒකෙදි හමුවෙච්ච අය දිලිත්ගෙ දේශපාලන ගමන එක්ක අත්වැල් බැඳ ගනීද කියලනම් අපි දන්නෙ නැහැ ඔන්න.

 

tamil 8

 

“අවුරුදු හතරකට කලින් ශිවා සමග පටන් ගත්ත දමිල පත්තරේ දැන් ලොකු Brand එකක් වෙලා තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා.

මීට වසර 4කට පමණ පෙර ශිවාගෙන් ආරම්භ වූ ‘තමිලන්’ සඟරාව අද දැවැන්ත සලකුණක් බවට පත්වීම සතුටට කරුණකි.

ශිවා සමඟින් අප ආරම්භ කළ පුවත්පත දැවැන්ත ජනතා සන්නාමයක් බවට පරිණාමය වී ඇති බව තමිලන් දැකීමෙන් ඉතා සතුටට පත් විය. ශිවා සහ තමිලන් කණ්ඩායමට මගේ හදපිරි සුභ පැතුම්. හොඳ වැඩ දිගටම කරගෙන යන්න!”

 

කොහොම උනත් දිලිත් ජයවීර කියන්නෙත් කෙටි කාලයක් ඇතුලත කරණම් කිහිපයක්ම දේශපාලනය ඇතුලෙ ගහපු සන්නාම දේශපාලකයෙක්!

 

#ලාල් ගේ කොළම

nalan mendis

නවතම ලිපි