SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරය ඔස්සේ සාගතය පැතිර යන බවත් දරුවන් තම දෙමාපියන්ගේ දෑත් මත  කුසගින්නෙන් මිය යන බවත් සමීක්ෂණ වාර්තා පවසා ඇත.

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් දරුවන් 34 දෙනකු දැනටමත් මිය ගොස් ඇති බව රජයේ මාධ්‍ය කාර්යාලය පසුගියදා වාර්තා කළේය.

 

ගා 2

 

ඊශ්‍රායලය ගාසා තීරයේ වටලෑම දිගටම කරගෙන යන අතර  ආධාර කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් ආහාර රුඳවුම් ප්‍රදේශ වෙත යාම වළක්වන  බව ද වාර්තා වේ.

 

මේ පිළිබඳව ගාසා තීරයේ වෙසෙන දෙමාපියන් පවසන්නේ තම දරුවන් කුසගින්නේ මිය යන ආකාරය දෙස බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

 

ga

 

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අමෙරිකාව ප්‍රමුඛ බලවත් රාජ්‍යයන් ඊශ්‍රායල පහරදීම් දෙස සුබවාදීව බැලීම මගින් පෙන්වන්නේ කුමක්ද?

 

ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂණය තක්සේරු කරන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ආයතනය විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් මගින්, ඉදිරි මාස තුන ඇතුළත ගාසා තීරය මුළුමනින්ම පාහේ සාගතයකට මුහුණ දෙනු ඇතැයි අනතුරු අඟවා ඇත.

 ගා 3

 

ළමුන් 50,000 කට වැඩි පිරිසකට උග්‍ර මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර අවශ්‍ය බව පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (UNRWA) මේ මස මුලදී ප්‍රකාශ කර තිබුණි.

 

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 37,658 දෙනකු මිය ගොස් තවත් 86,237 දෙනකු තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

 

ගා 4ගා 5

 

nalan mendis

නවතම ලිපි