SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ජනජීවිතය පහසු නැති උනත් එදා තිබුණු තත්වයට වැඩිය අද රට ඉදිරියෙන් ගමන් කරන බවත්

එනිසා අඳුරට හෙන ගහන්නෙ නැතිව සියළු දෙනා අත්වැල් බැඳගමු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ‌ලේකම් රවී කරුණානායක ඉල්ලා සිටියි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

“මේගොල්ලො කිව්ව ඩොලර් එක 500ට යනව කියල. මේ අය කිව්ව නේද ඩොලර් ලංකාවට ගේන්න දෙන්නෙ නැහැයි කියල. කිව්ව නේද සුද්දෝ මේ රටට එන්න එපා මේ රට වෙනස් කරන්න ඔිනෙයි කියල.

 

අන්තිමට මේ ඔක්කොම අභියෝග බාර අරගෙන.. අද ඩොලර් එක රුපියල් 300ට අඩුවෙලා තියෙනවා. අද සුද්දො එනව. අද රටට බෙහෙත් කෑම ටික ඔක්කොම එනවා.

 

මේ ජනජීවිත ලේසි නැහැ. මම ඒක පිළිගන්නව. හැබැයි  එදා තිබුණු තත්වයට වැඩිය රට ඉදිරියෙන් ගමන් කරනවා. ඒ නිසා අඳුරට හෙන ගහන්නෙ නැතිව අපි ඔක්කොම අත්වැල් බැඳගෙන ජනතාව ජයග්‍රහණය කරන්න කටයුතු කරමු.