SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අසාධරණ ලෙස හිරු ප්‍රවෘත්ති සංස්කාරක ලෙස සේවය කල මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ තනතුරෙන් නිරෝෂ් මෛත්‍රී ඉවත් කිරීමට එරෙහිව ඔහු පවරා තිබූ

නඩුවෙන් අද හිරු මාධ්‍ය ජාලය පරාජය වුණා.

 

මේ අනුව ඔහුට එක් කෝටි තිස් පන් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසයි හිරු මාධ්‍ය ජාලයට නියෝග කලේ.

 

කොරෝනා වසංගතය පැවති සමයේදී හිරු මාධ්‍ය ජාලය කොරෝනා නීති කඩකරමින් පැවැත්වූ පටිගත කිරීමට වීඩියෝවක් පිටස්තර අයෙකුට ලබා දුන් බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුනේ.

 

නමුත් අධිකරණයේදී එම චෝදනාව ඔප්පු කිරීමට හිරු මාධ්‍ය ආයතනයට නොහැකි වූ බවයි විනිසුරුවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

 

අසාධාරණ ලෙස නිරෝෂ් මෛත්‍රී සේවයෙන් ඉවත් කිරීම හරහා ඔහුට සිදු වූ මුල්‍ය මානසික් හා සමාජ තත්ත්වය් හානිය සලකා එක් කෝටි තිස් පන් ලක්ෂයක් වන්දියක් ගෙවන ලෙසයි විනිසුරුවයා හිරු ආයතනයට නියෝග කලේ.

මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අගෝස්තු 2වෙනිදා දක්වා හිරු මාධ්‍ය ආයතනයට අවස්ථාව තිබෙනවා.

හිරු වෙබ් අඩවිය පවසන පරිදි හිරු ආයතනයේ කොටස් සීයට 99ක් හිමිකාරීත්වය දරන්නේ රෙනෝ සිල්වායි.

 

මේ නඩු තීන්දුව සම්බන්දයෙන් අදහස් පළකරමින් මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන ආචාර්ය රංග කලන්සුරිය මෙසේ පවසා තිබුණා.

 

“ඔබේ ජයග්‍රහණය රටටම කියන්න ඕනෙ මාධ්‍යවේදීන් කියන්නෙ තවදුරටත් කුලීකරුවන් නොවන බව තහවුරු කරන්නයි.”

 

@newscenter