SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් වේ.

 

ඒ අනුව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය හෙට (29) පැවැත්වීමට නියමිතය.

 

දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 68 කින් ගිය වර ලෝක ශූරයන් වූ  එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණීමට සමත් වූහ.

 

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත් වූ අතර එම ඉලක්කය හඹාගිය එංගලන්ත පිලේ ලකුණු සටහන  ඕවර 16.4 කදී ලකුණු 103 කට සීමාවිය.

නවතම ලිපි