SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණේ  මැති ඇමතිවරු පිරිසක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දෙන බවට පොරොන්දු වී,

පසුව එම පොරොන්දුවම ජනාධිපතිවරයාට  රහසේ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ඔහුටද සහාය ලබා දෙන බවද පවසා වාර්තාවක් තබා ඇත.

 

මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති පොහොට්ටු මැති ඇමතිවරු ගණන 43 කි.

ඔවුන් අතර, කැබිනට් අමාත්‍යවරු 3 ක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසේ.

 

මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපලගේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇත.

 

ඒ අතර ඔවුන් ගැන විශ්වාසය තබා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමද අපේක්ෂකයින්ව අර්බූධයට යවා ඇතැයි ද මේ නිසා බොහෝ තීරණ යළිත් වතාවක් කල් යනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.