SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට 26 ජාතිය අමතන බව එජාපයෙහි නායකයින් මෙන් ම

මේ වනවිට රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර අවසන් ය.

 

රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බව උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කිරීමත් ඉදිරි ජනාධිපතිවරණයට තමා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස පැමිණෙන බවත් ජාතිය අමතා ප්‍රකාශ කරන්නට සූදානම්ව සිටියද එහි දෙවන කාරණය වන තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කිරීම  තවත් දින කිහිපයකට කල් දැමෙනු ඇති දෝ යි තැන තැන කට කතා  ඇවිලෙමින් ඇත.

එසේ වීමට හේතු වශයෙන් ගොසිප් පතුරුවන්නන්ගේ අදහස වී ඇත්තේ අවසන් වරට සිදුකරන්නට යෙදුනු (බුද්ධි අංශද යොදාගෙන ඇතැයි සමාජ මාධ්‍යන්හි සඳහන්) ජනමත සමීක්ෂනයේ වාර්තාව ජනාධිපතිවරයා අතට පැමිණෙන්නේ ලබන 03 වැනිදා වන බවත් ඒ අතර පළාත් 09 සඳහාම 27 වන දින එකවර පැවැත්වීමට යොදාගෙන තිබූ ප්‍රසංග 09 ද කල් දමා ඇති බවත් ය.

මෙම ප්‍රසංග 09 පළාත් 09 තුළ සිදුකිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබූ බවත් මෙම ව්‍යාපෘතිය බාර දි තිබුනේ ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ රන්දුල ට බවත් ගොසිප් වාර්තා කියයි.

මෙවැනි ප්‍රසංගයන් රට පුරා පවත්වමින් ජනතාවගේ පීඩනය (stress) මුදාහැරීමට කටයුතු යෙදීමට මනෝවිද්‍යා උපදේශකයන් උපදෙස් දී ඇතැයි ද සඳහන් ය.

 

#Gossip