SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනමත විවරණය ගැන කතා කරන අය මුල්ලේරියාවට එක්ක එන්න.

ජනාධිපති මෙහෙය වූ සමීක්ෂණයේ වාර්තාව එළැඹෙන 3 වැනිදා....

ඊට පෙර ජාතිය අමතන සැළසුමක්...!

 

වලව්කාරයන්ගේ සහ රතු අලින්ගේ "ප්‍රේමදාස" විරෝධය ඉවරයි.

 

සමගි ජන බලවේගයේ, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සහභාගි වූ මැතිවරණ මධ්‍යස්ථාන සංවිධාන හමුවක් වැල්ලම්පිටිය, වඩුගොඩවත්ත ප්‍රදේශයේදී අද (ජුනි 23 ඉරිදා) පස්වරුවේ පැවැත්විය.

 

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ගෙන් මාධ්‍යවේදීන් ඇසූවේ සජබ සභාපති සරත්  ෆොන්සේකා පිළිබඳවයි. ඒ පිළිබඳව මරික්කාර් මන්ත්‍රීවරයා දුන්නේ මෙවන් පිළිතුරකි.

 

“ෆොන්සේකා මැතිතුමා තමංට යුධ හමුදාපතිකම දුන්න ගෝඨාභයට එරෙහි උනා.

යුද්ධෙ දින්නට තමංට කේක් කවපු මහින්ද රාජපක්ෂට එරෙහි උනා.

ඊළඟට එයාට ෆීල්ඩ් මාර්ෂල්කම දුන්න මෛත්‍රීපාල සිරිසේනටත්  එරෙහි උනා.

ඊට පස්සෙ නන්නත්තාර වෙලා හිටපු වෙලාවේ ජාතික ලැයිස්තුවෙන් පත්කරල ඇමතිකමක් දුන්න රනිල් වික්‍රමසිංහටත් එරෙහි උනා.

ඉතිං සජබයේ සභාපතිකම දුන්නහම මම හිතුව මේක කවදහරි වෙයි කියල. දැන් වෙලා තියෙන්නෙ.

අපි එක දෙයක් කියන්න ඔින. 2015 එතුමා ඔය වගේම ගිහිල්ල තමයි තනියම ගිහිල්ල පැරදුනේ. ඉතිං මම හිතනව - ඊලඟ පාර දිනන්න බැරි නිසා දැන් ආයෙ වික්‍රමසිංහ මහත්තයගෙ කොන්ත්‍රාත් එකක් බාරගෙන වගේ තමයි මට තේරෙන්නෙ”.

 

ජනාධිපතිවරණය හා රට බංකොලොත්භාවයෙන් මිදීමක් ගැන කියා ජාතිය අමතන්නට යෑම ගැන සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්.මරික්කාර් පැවසුවේ මෙවන් පිළිතුරකි.

 

“ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමක් ගැන ආණ්ඩුව ලොතු සංදර්ශනයක් ලෑස්ති කරල තියෙනවා මොකද අපි දන්න විදිහට ජනාධිපතිතුමා කරපු හැම සමීක්ෂන වාර්තාවකම එයා තුන්වෙනියා. ඒ නිසා ලබන මාසෙ 15 වෙනිදා වෙනකොට අපේක්ෂකයො  ඉල්ලනවද නැද්ද කියල කියන්නත් ඔින. ඒක හින්ද ඩොලර් බිලියන 83ක තිබ්බ ණය බර ඩොලර් බිලියන 100 දක්වා වැඩිකරල ඉවරවෙලා දැන් බංකොලොත්භාවයෙන් නිදහස් කියල ජාතිය අමතලා කැවුම් කිරිබත් හන්දි හන්දි ගානෙ දාල බලනව ඡන්දය ඉල්ලන්න පාවෙන ඡන්දදායකයොන්ගෙ කැමැත්ත එතුමට ලැබෙයි කියල හිතනව.

 

මොකද 03 වෙනිදද කොහෙද තමයි ජනාධිපතිතුමාගේ ඊළඟ සමීක්ෂණ වාර්තාව ලැබෙන්න තියෙන්නෙ. ඊට කලින් ජනතාව චූන් කරල එහෙම එකක් ගන්න පුළුවන්ද බලනවා. මගෙන් අහන්න එපා මේ මිනිස්සුන්ගෙන් අහන්න අපි බංකොලොත්භාවයෙන් නිදහස් ද කියල මේ අය විඳින දුක ගැන අහන්න”.

 

@ මාධ්‍ය ඒකකය