SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය අවශ්‍ය කරන්නේ පොහොට්ටුවේ රාජපක්ෂ කඳවුරෙන් ද නැතිනම්

තම කණ්ඩායමෙන් ද යන්න තෝරාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දැනුම් දීමට නියමිත බව නිමල් ලන්සා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සඳහා බැසිල් රාජපක්ෂ කැඳවීම සම්බන්ධයෙන් සිය කණ්ඩායමේ දැඩි විරෝධය නොතකා දිගින් දිගටම ඔහු සහභාගි කර ගන්නේ නම් තම කණ්ඩායමට ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සිදුවන බව ලන්සා කණ්ඩායමේ ප්‍රකාශකයා පවසා ඇත.

.
නිමල් ලන්සා කණ්ඩායම සහ ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා කණ්ඩායම ඒකාබද්ධව කටයුතු කරන බැවින් ඉදිරියේදී ඒකාබද්ධව සිය මතය ඉදිරිපත් කරන බවද ඔහු  සඳහන් කර ඇත.

කෙසේ වුවද ජනාධිපතිවරයා ඉදිරිපිටදීම බැසිල් රාජපක්ෂ විසින් ප්‍රසන්න රණතුංගට තදින් දොස් පවරා ඇති බවත් මීට පෙර මාධ්‍ය වාර්තාවන්හි පළ විය.

 

ඒ අනුව පොහොට්ටුවේ කණ්ඩායම් දෙකක් අතර පවතින මේ විරසකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනපතිවරණ මෙහෙයුම් කටයුතු වලට තදින් බලපානු ඇති බවත් බැසිල් රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයාව යොමු කරවන පිරිස විසින් මැතිවරණ මෙහෙයුම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවක් හැඟෙන්නේ යැයි එජාප හිතවාදී එක් පාර්ශ්වයක අදහස වී ඇත.

 

‌මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ මෙහෙයුම වෙනුවෙන් මහල් අටකින් යුක්ත ගොඩනැගිල්ලක කටයුතු ආරම්භ කර ඇති බවත් ප්‍රධාන ප්‍රචාරණ මෙහෙයුම සිදු කරනු ලබන්නේ UK කණ්ඩායමක් විසින් බවත් කියැවේ.