SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ට

ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

 

තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ''මාර්ෂල්'' තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මන්ත්‍රීවරයා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය.

 

2015 යහපාලන ආණ්ඩුව පත්වූ පසු පොරොන්දු වූ පරිදි උතුරේ යුද ජයග්‍රහණය සඳහා සරත් ෆොන්සේකා  කරන ලද කැප කිරීම සලකා බව කියා මෙයට පෙර ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කෙරිණි.

 

මෙවර ඔහුට ලබාදීමට යෝජිත මාර්ෂල් තනතුර මෙයට කලින් ලොව ප්‍රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට ලබා දී තිබුණකි.

 

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.