SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස

දේශපාලන සහ සමාජ ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ථන් ව පත්කර ඇත.

 

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර විසින් අදාළ පත්වීම සිදුකර ඇත.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සඳහන් කරන්නේ, ලංකාව ප්‍රගතිශීලි රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට අරුන් සිද්ධාර්ථන් විසින් විශාල සේවයක් කරනු ඇති බවයි. විශේෂයෙන්ම සියලුදෙනා එකමුතු විය යුතු යැයි පවසන දිලිත්  ශ්‍රී ලාංකිකත්වය තුළ සිද්ධාර්ථන් විශාල හඬක් නඟනු ඇතැයි තම බලාපොරොත්තුව බවත් කියයි.

 

මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ථන් ලබාදුන් අවස්ථාව ගැන තමා ස්තූතිවන්ත වන බව පවසා ඇත.

 

"මම හැමදාම කරපු ජාතිකවාද මතවාද, ශ්‍රී ලාංකිකයෙක් විදියට හැමදාම මේ රටට මට තියෙනවා ණයක්. මම දෙමළ වෙන්න පුළුවන් තව කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේක මගේ රට. මේ රට තමා මට අධ්‍යාපනය දුන්නේ. මේ රට තමා මට හැමදේම දුන්නේ. ඉතිං මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා."

 

අරුන් දිලිත් 2

 

දැනට මාස කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වූ වත්මන් එජාප ජාතික ලේකම්  රවී කරුණානායක විසින් අරුන් සිද්ධාර්ථන්ව එජාප යාපනය දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කල බව ප්‍රකාශයට පත්කළ අතර එම සබඳතාව ගිලිහී යන්නට හේතු වූයේ සංවිධායක සේවා සිදුකිරීමට අදාළ ප්‍රතිපාදන නොලැබී යෑම හේතුවෙන් බව ගොසිප් තීරයන්හි සඳහන් ව තිබුණි.