SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් ක්‍රීඩා එකමුතුව විසින් වසර කිහිපයක් ක්‍රීඩා නොකර අතහැරදමා තිබූ අනුරාධපුර ජයන්ති මාවත ගම්මානයේ ක්‍රීඩාපිටියක් 

තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වෙයන් පිලිසකර කිරීමෙන් අනතුරුව  පාපන්දු සහ ක්‍රිකට් තරගාවලියක් එම ක්‍රීඩාපිටියේ දි පසුගියදා පැවැත්විනි.

 

WhatsApp Image 2024 06 22 at 20.08.212

 

ජයන්ති මාවත ගම්මානයේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා උපකාර හා සපත්තු බෙදා දීමක් ද එහිදී  සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාවට United  Youth  සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර , ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ,  උතුරු මැද පළාත් යුනයිටඩ් යූත්උපදේශක රිස්වි මොහොමඩ් සහ විනෝද් සමරවික්‍රම, සුමිත් ප්‍රේමරත්න, විපුල සමරවික්‍රම, ශසිකලා හෙට්ටිඅරචිචි ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සාමාජිකාවන් සහභාගී වුහ.

 

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගරු සභාපති ජස්වර් උමර් පැමිණ සිටි ක්‍රීඩික ක්‍රීඩිකාවන් අමතා ප්‍රකාශ කර සිටියේ ගමට පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් “ගමට පාපන්දු” ක්‍රීඩා සංකල්පයයෙන් ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාපන්දු ක්‍රීඩාව නංවාලීමට ක්‍රියා කරණ බවයි. එම වැඩසටහනේ අරමුණ පළමුව දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයෝ හා ආසියාවේ ශ්‍රී ලංකාව පාපන්දු ශූරයන් කිරීමේ සිය අරමුණ ඉටුකර ගැනීමට තමන් කැපවන බව ඔහු කීවේය.

 

WhatsApp Image 2024 06 22 at 20.08.21

 

ආජන්ටිනාව, බ්‍රසීලය වැනි රටවල සෑම තැනකම ළමුන් කුඩාකල සිටම පාපන්දු ක්‍රීඩා කරණ අතර ක්‍රීඩා පිටියක් නොතිබුනද, පාරවල්වල පවා ළමුන් ක්‍රීඩා කිරීම දක්නට ලැබෙන සුලභ දර්ශනයක් බවයි. ලංකාවේද එවැනි වාතාවරණයක් නිර්මානය කර පාපන්දු ක්‍රීඩා සමාජ සෑම ගමකම පිහිටුවීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දීමට තමන් කැප වී සිටින බව පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කීවේය.

 

පසුගිය වසරවල පැවති කෝවිඩ් වසන්ගතයත්, ආර්ථික පරිහානිය සහ අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් කඩා වැටීමක් සිදු වූ බවත් ප්‍රකාශ කර සිටි අතර  ඒ ගතවූ, අපතේ ගිය කාලය අපට විශාල පාඩුවක් වූ බවත් එය නැවත ලබාගත නොහැකි බවත්, ඊට අමතරව දේශපාලන බලපෑම් නිසා පාපන්දු, රගර් සහ ක්‍රිකට් වැනි ප්‍රධාන ක්‍රීඩාවන් ජාත්‍යන්තර තහනමකට ලක්වීම තුලින් ලංකාවේ ක්‍රීඩාවට සිදු වූ අනවශ්‍ය දේශපාලන බලපෑම ලොවම පිලිගත් කාරණයක් වීම කනගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

කඩා වැටුන ආර්ථිකය ක්‍රමාණුකූලව ගොඩ ඒම සතුටට කරුණක් බවත් ඒ ආකාරයටම ක්‍රීඩාවට ක්‍රමාණුකූලව ඉදිරියට යන බවට තමන් දැඩිව විශ්වාස කරණ බවද හෙතම  පැවසීය.

 

ඉන් අනතුරුව අනුරාධපුර උදය මාවත ජයන්ති මාවත ගම්මානයේ තරුණ ක්‍රීඩකයන් යුනයිටඩ් යූත් ක්‍රීඩා එකමුතුව කණ්ඩායම සමග පන්දුවාර දහයේ  සුහද ක්‍රිකට් තරගයකට සහභාගි වූ අතර යුනයිටඩ් යූත් ක්‍රීඩා එකමුතුව පහසු ජයක් අත්කර ගන්නා ලදී.

 

WhatsApp Image 2024 06 22 at 20.08.20WhatsApp Image 2024 06 22 at 20.08.201WhatsApp Image 2024 06 22 at 20.08.202WhatsApp Image 2024 06 22 at 20.08.203WhatsApp Image 2024 06 22 at 20.08.204WhatsApp Image 2024 06 22 at 20.08.205 

@මාධ්‍ය ඒකකය-යුනයිඩට් යූත් සංවිධානය