SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ නායකයෙකු වූ රවී කරුණානායක පසුගිය දිනවල යාපනයට ගොස්

අරුන් සිද්ධාර්තන්ව ඔසවා කරන ලද නාටකයේ කතාව වෙනකක් බව කියැවේ.

arun 6

 

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසූ අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කළ බව පැවසුව ද  මේ තාක් එවැන්නක් නිල වශයෙන් සිදුව නැති බවත් එවැන්නක් වන බව හැඟවීමට අවශ්‍ය වූ කාරණය සුමන්තිරන්ලා දමනය කර ගැනීමට බවත් ගොසිප් තීරයට වාර්තා වේ.

 

අරුන් හරහා සුමන්තිරන්ලා නවා ගන්නට උත්සාහ කළේ දෙමළ සමාජයේ පැළ පදියම්ව ඇති දැඩි කුල සාධකය මත බවත් රනිල් වික්‍රමසිංහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  එජාප නායකයා සුමන්තිරන්ලාව නවා ගැනීමට කුල සාධකය දඩමීමා කරගෙන ඇති බවත් මේ පිළිබඳව සිදුවන කතාබහකි.

 

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය  සහයෝගය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තමන් ලබා දෙන බව අරුන් සිද්ධාර්ථ් පවසා ඇතැත් ඔහුට තම කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍යතාව මත මෙසේ තම දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් කළද එම මුදල මාසිකව නොලැබී යෑම මත එකී කටයුතු නතර කර ඇති බව තැන තැන කතාවන්නකි.

 

අරුන් සිද්ධාර්ථ් 2020 වසරේ පැවැති මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කළ අතර ඔහු  මේ වනවිට කටයුතු කරනු ලබන්නේ ‘යාපනය සිවිල් සමාජය’ ලෙස ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා කණ්ඩායමක නායකයා ලෙස බව සැලකේ.

 

දෙමළ සමාජයේ පහළ කුලයක පුද්ගලයෙකුට දේශපාලනයේ තනතුරකට ඒම අසීරු බව හොඳින් දන්නා දකුණේ සමාජය පිළිගත් කුලවල නායකයින් හැසිරවීමට මෙම උපාය පාවිච්චියට ගනු ලබන්නකි.

 

කෙසේ හෝ කුල සාධකය පෙරට දමා සුමන්තිරන්ලා යම් විදිහකට එජාපයට බා ගැනීමට යෙදූ උපාය කොතෙක් දුරට සාර්ථක ද යන්න ලඟ එන ඡන්දයේ තීරණාත්මක මොහොතක දැකගත හැකි බවයි සමීපතමයන්ගේ අදහස වී ඇත්තේ.

 

#Gossip