SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ක්‍රිකට් යනු ජනප්‍රියතම ක්‍රීඩාව යි.

ක්‍රිකට් ෆේල් වන විට ජන සමාජයෙන් දැඩි ප්‍රහාර එල්ල වන්නේ එබැවිනි.

 

ඒ පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට අතිශය පසුබැස ඇති තත්වයකය.

 

එහෙත් ලංකාවේ කාන්තා ක්‍රිකට්වල මේ ස්වර්ණමය යුගයයි.

ලෝකයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය මෙවර දිනා ගත්තේද ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු ය.

 

මෙවර පැවති t20 සුදුස්සන් තෝරාගැනීමේ තරඟාවලියේ එම කාණ්ඩයේ ශූරතාව දිනා ගන්නටද ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට අද  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

 

එහෙත් පිරිමි ක්‍රිකට් ජය මෙන් කාන්තා ක්‍රිකට් ජය සැමරීම සිදු නොවන්නේ ඇයි?

 

පිරිමි ක්‍රිකට්වලට මෙන්ම සියලුම ගෙවීම් සහ දීමනා ඔවුන්ට ලැබුනද ඔවුන්ගේ ජය රටට නොදැනෙන්නේ ඇයි? ගැටලුව එය නොවේ ද?

 

කාන්තාවන් සවිබලකරණය වැනි ඊනියා අවශ්‍යතා පිළිබඳ මාතෘකා ගෙන එමින් රජය තම අනියම් අණ පනත් උවමනා සපුරා ගැනීමට කාන්තාව යොදා ගත්තද සැබෑව නම් ලංකාවේ කාන්තාවන්ට එවැනි අවශ්‍යතාවක් නැත.

එහෙත් ඇත්ත ගැටලුව වන්නේ ඔවුන්ව නිසි ලෙස පිළිනොගැනීමය.

 

එසේ වන්නට හේතුව සොයනු විනා ඊනියා අණපනත් ගෙනැවිත් තම මුග්ධ උවමනාවන්ට පාවිච්චි කිරීම නොවේ ය.

@ඉවෝන් ප්‍රියංකා