SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය මාස කිහිපය පුරා මාසයෙන් මාසයට දීර්ඝ වූ ජනාධිපති වික්‍රමසිංහගේ

අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම මේ මස 25 වැනිදා ජනගත කෙරෙන බැව් Pure Gossip තීරයට වාර්තා වේ.

 

ජනාධිපතිවරයා තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් සහාය දක්වන දේශපාලන පක්ෂ තම සහාය පිරිනමන අපේක්ෂකයා කව්ද යන්න දින කිහිපයකින් හෙළිකරනු ඇති අතර අමෙරිකානු හිතවාදී ඉන්දියාවේ ආශීර්වාදයද වික්‍රමසිංහ ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගෙන නොඅඩුව ලැබෙනු ඇතැයි එකී ආරංචිමාර්ග කියයි.

 

අද දින ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම්  ජයශංකර් ලංකාවට පැමිණි අතර තව නොබෝ දිනකින් ඉන්දීය නව අග්‍රාමාත්‍ය ලෙස දිව්රුම් දුන් නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙනු ඇත. විශේෂයෙන්ම ඔහුගේ ලංකා සංචාරය ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මැතිවරණයට අතිශය බලපෑම් සහගත වන අතර සමගි ජන බලවේගයේ තීරණයන් වෙනස් කිරීමෙහිලා ද එය තීරණාත්මක වනු ඇති බව කනින් කොනින් ඇසුණු වාර්තාවන්හි සඳහන්. නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණීමෙන් පසු හමුවන කිහිප දෙනා අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඇතුලත් බව කියැවේ.

 

ඒ අනුව කලාපීය දේශපාලන සාධකය මෙවරද බලවත් වනු ඇති අතර ජාතික ජන බලවේගයට ශක්තිමත් ප්‍රතිවාදියෙකු හමුවන අවස්ථාව මග හැරිය නොහැකි වනු ඇත.

 

දැන් පැමිණ ඇත්තේ අමෙරිකානු හිතවාදී ප්‍රාග්ධනය ලංකාවේ වපුරන කාලයයි. ඒ රනිල්වාදී මහා ප්‍රචාරණ බල ඇණියට අවශ්‍ය පරිසරය සකසා දෙමින් ය.

 

මාලිමාවරුන් විශ්වාසය තබා ඇති ‘ජනතාව’ගේ සැබෑ උවමනාව කුමක්ද යන්න  ඉන් අනතුරුව හඳුනාගත හැකිවනු ඇත.

 

#Gossip