SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යාජ තොරතුරු පතුරවලා, බලයට එන අය එවැනි තොරතුරු ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන්, නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි.

දේශපාලන පක්ෂවල, අරමුදල් ලැබෙන ක්‍රමය සහ වියදම් කිරීමේ ක්‍රියාවලිය ගැන, විනිවිදභාවයක් අවශ්‍යයි..!

 

දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ ඒවා බවට පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් අවශ්‍ය ව තිබේ. මැතිවරණ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ හැකි ඒවා බවට පත් කරගැනීම වෙනුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විසින් සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් වෙමින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන රාමුව සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ අදහස්, යෝජනා සහ එකඟත්වය ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නියෝජිතයන්  සහ එක්සත් ජනරජ පෙරමුණ අතර අද (20) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන්, එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ  ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර එක්ව සිටියහ.

 

WhatsApp Image 2024 06 20 at 13.19.59

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක;

 

“අද පැෆරල් සංවිධානයේ  නියෝජිත පිරිසක් එක්ක අපි; එක්සත් ජනරජ පෙරමුණ කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා. විශේෂයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනය විධිමත් ආකාරයට කා එක්කත් සාකච්ඡා කරලා අදහස් අරගෙන කරන්න ඕන කියන එකයි. ඒක විධිමත්ව ක්‍රියාත්මක කරන කාල සැලැස්මක් පිළිබඳව යන විය හියදම් පිළිබඳ යම්කිසි ආකාරයක රාමුගත ක්‍රියාවලියක් ඇති කරන්න එතුමන්ලා බලාපොරොත්තු වෙනවා කියලා. අපි හිතනවා ඒක වැදගත් පියවරක් කියලා.

 

WhatsApp Image 2024 06 20 at 13.19.58

 

අපිත් ඒගොල්ලන්ට යෝජනාවක් කළා. මොකද මේ මැතිවරණ වලදී නොයෙක් දෙනා මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාර කරලා ඒ හරහා ජනතාව බිය ගැන්වීමට හෝ අධික සන්තෝෂයට පත් කරලා, මහා බලාපොරොත්තු ඇති කරලා, බලයට එනවා. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැති වෙනවා. ඕක අපි 2019 මැතිවරණයේ දී හොඳටම දැක්කා. ඉතින් ඒ නිසා යම්කිසි ආකාරයකට එවැනි ව්‍යාජ තොරතුරු පදනම් කරගෙන පතුරවලා, බලයට එන අය එවැනි තොරතුරු ප්‍රකාශ කරන අය සම්බන්ධයෙනුත්, යම් නීතිමය ප්‍රතිපාදනයක් රටට දැන් අවශ්‍යයි කියන එක අපි ඉදිරිපත් කළා දේශපාලන පක්ෂවල, අරමුදල් ලැබෙන ක්‍රමය සහ වියදම් කිරීමේ ක්‍රියාවලිය ගැන, මැතිවරණ කොමිසමෙත් යම්කිසි වැඩකොටසක් කරනවා. ආදායම් ලැබෙන ක්‍රියාවලිය පිළිබඳව කිසියම් ආකාරයක විනිවිද භාවයක් අවශ්‍යයි".

 

WhatsApp Image 2024 06 20 at 13.20.00

 

ප්‍රශ්නය:

පෙරේදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය මේ ඇතැමුන් පවසන්නේ මේ දැන්මම ශ්‍රේෂ්ඨාධිකරණය බය කරගන්න හදනවා මැතිවරණය කල් දාගන්න කියලා. ඔබතුමා මැතිවරණය ගැන අදහස මොකක්ද?

 

පිළිතුර:

ශ්‍රේෂ්ඨාධිකරණය බය කරලා මැතිවරණ කල් දාගන්න බෑනේ. මේ රටේ හමුදා පාලනයක් නෑනේ. මේ රටේ නිදහස් අධිකරණයක් තියෙන්නේ. අධිකරණය විසින් යම් යම් කාරණා නිශ්චය කරන්නේ ඔවුන් ඉදිරියේ තියෙන නීතිය, කරුණු පදනම් කරගෙන. ලිංග වශයෙන් මිනිස්සුන්ගේ තියෙන විභේදනයන් පිළිබඳව රට තුළ විවාදයක් තියෙනවා. ඒක ලෝකෙත් ඇතුලේ තියෙන විවාදයක්. ස්ත්‍රී, පුරුෂ හා එසේ නොවන ලිංගික ප්‍රභේදයන් පිළිබඳව. එක එක්කෙනාට පෞද්ගලික දේවල් තියෙනවා. ආගමික ආයතන වලට වෙනම විශ්වාසයන් තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ තමන් ඉදිරියේ තියෙන කරුණු ගැන දක්වලා තමයි එහෙම කරන්නේ.

 

මොකද ලංකාවේ ජන සංඛ්‍යා ලේඛන කරගෙන යනකොට, ස්ත්‍රී ද, පුරුෂද කියලා බලනවා මිසක්, ඒ දෙකටම අයිති නොවන අය කවුද කියලා කොහෙවත් සංඛ්‍යාලේඛනයක් නෑ. ඉතින් එහෙම අයගේ අයිතීන් ආරක්ෂා කරන්න අවශ්‍ය නම් ඒ පියවර අනුව ව්‍යවස්ථාවට විධිමත් විවරණයක් ගෙනල්ලා, මානව හිමිකම් පරිච්ඡේද වලට, ඒ පිළිබඳව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දැන් සංඛ්‍යාලේඛන ගන්නවා. රටේම ජන සංඛ්‍යා ලේඛනවලට යම් යම් ආකාරයකට ඒ නිර්දේශ ලබා දීලා, එහෙම පියවරෙන් පියවර යන්න ඕනේ.

 

WhatsApp Image 2024 06 20 at 13.19.53

 

මොකද උසාවියට, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කිරීම, කිසිසේත්ම පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන තමන්ට අවශ්‍ය නම් ලිංගිකමය වශයෙන් වෙනස්ව ඉන්න පිරිස් පිළිගැනීමට ලක් කරන්න. ඒකට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒකට ඒ ගැන ජාතික කතිකාවතක් අවශ්‍යයි. මොකද විවිධ ආගමික කණ්ඩායම් එක විදිහකට හිතනවා. සමාජ කණ්ඩායම් තව විදිහකට හිතනවා.

 

ඕක ලෝකෙත් එහෙමයි. ලෝකෙත් ඔය ලිංගික අයිතිවාසිකම් පිළිබඳව ඒ වගේම ගබ්සා කිරීම් සම්බන්ධයෙන්, ගණිකා වෘත්තීය සම්බන්ධයෙන් මෙවැනි විවිධ විවාදයන් පවතිනවා. ඉතින් ඒ ඒ වගේ වාද සම්පන්න කාරණයක් සම්බන්ධයෙන් අධිකරණයටම දොස් කියලා හරියන්නෙ නෑ. ඒක රට ඇතුළේ ජාතික කතිකාවතක් ඇති වෙන්න ඕන.

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්