SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්  අද (20) ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර,

දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා විදේශ ඇමැතිවරයා පැමිණෙන බවයි.

ඒ අතර මන්නාරමේ අදානි අරමුදල් සපයන සුළං විදුලි ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලයේ කර්මාන්ත කලාපයක් සඳහා සැලසුම් කිරීම වැනි ව්‍යාපෘති ඇතුළුව, ශ්‍රී ලංකාවේ ඉන්දියානු අරමුදල් සපයන ව්‍යාපෘති සමාලෝචනය කිරීම අරමුණු කර ඇත.

 

මීට අමතරව, පසුගිය ජූලි මාසයේදී අත්සන් කරන ලද ඉන්දියා-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සංචාරය කරන ඉන්දීය ඇමැතිවරයා ගවේෂණය කරනු ඇතැයි පැවසේ.

 

කෙසේ වුවද මෙම සංචාරය සිදුවන්නේ ඉන්දීය සමාගම්වලට ලබාදී ඇති ඇතැම් යෝජිත ව්‍යාපෘතිවලට විරෝධය පළ කරව ඇති පසුබිමකයි.

 

ජනාධිපති වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ ඇමති අලි සබ්රිට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවීමට අදහස් කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉල්ලා තිබීම විශේෂත්වයකි. එය එළැඹෙන මැතිවරණය පිළිබඳව වන්නටත් හැකි බවට මේ වනවිට මත පළවෙමින් ඇත.

 

ඔහු මෙහි පැමිණෙන්නේ පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශ අතර හවුල්කාරිත්වය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පවතින හවුල්කාරිත්වයන් සමාලෝචනය කිරීමට පමණක් යැයිද එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා සූදානම් වීමට යැයි ද විදේශ අමාත්‍ය සබ්රි පසුගිය දා මාධ්‍ය වෙත පවසා තිබුණි.