SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්,

යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ.

 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා අනුමැතිය ලබා දුන්නොත්, ඊශ්‍රායලය ගාසා තීරයේ මෙන්, ලෙබනනය සමඟ ද යුද්ධයකට පැටලෙනු ඇත.

 

ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයකට පැටලුණහොත් එය බරපතල අර්බුදයකට මඟ පාදනු ඇතැයි ඇමෙරිකාව බිය පළ කර තිබේ.

 

ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයක පැටලුණහොත්, ඉරානය ලෙබනනයේ සහායට නිසැක වශයෙන්ම පැමිණෙනු ඇත.

 

(අල් ජසීරා)