SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

69 ලක්ෂයේ ජනවරමට අමතන සර්වජන බලයේ පළමු ජන රැලිය ඊයේ  (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණි.

ඒ එම එකමුතුවේ පක්ෂ සහ සංවිධානවල නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.

 

''69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම'' යන මැයෙන්  රැලිය අද පස්වරු 2ට ආරම්භ කෙරුණි.

 සර්වජන 2

 

ඊට සහභාගී වීම සඳහා සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන 5ක සිට පාගමනින් නුගේගොඩට පැමිණ තිබුණි.

 

රැලිය අමතමින් මව්බිම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර  සඳහන් කළේ,

මේ රටේ පසුගිය වකවානුවේ නායකයින් නිර්මාණය කිරීමට තමා පසුපසින් සිට සංවිධාන කටයුතු සිදුකළ බවත් බැසිල් රාජපක්ෂ විසින් මුදල් ඇමති ධූරය බාරගත් පසු තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් ඇතිවූ බවත් ගෝඨාභය රාපකපක්ෂ විසින් 69 ලක්ෂයේ ජනතා වරමේ බලාපොරොත්තු නැති කළ බවත් ය.

මොළහතානෝ කියූ බැසිල් මුදල් අමාත්‍යවරයා වශයෙන් ගත් තීන්දු නිසා රට අර්බූධයට පත් කළ බව ඔහු පවසයි.

 

සර්වජන 1

 

"රනිල් වික්‍රමසිංහ වැල් පාලමට ජනතාව අරගෙන යන්න හදනකොට අපිට නිහඬව ඉන්න බැහැ. මේ රට මේ විදියට වැටෙන්න ඉඩ දෙන්න බැහැ. මේ දේශපාලනයේ අපි විතරයි වෙනස්. මේක සාම්ප්‍රදායික දේශපාලන රැස්වීමකුත් නෙමෙයි. මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්විය යුතුයි. වෙන ක්‍රමයක් නැහැ."