SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු හා සිටින ඇමැතිවරුන් ඇතුළු දේශපාලකයන්ට හිතවත් ව්‍යාපාරිකයන් දස දෙනෙකු රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 65,000 ක පොලු තබා ණය ගෙවීම් පැහැර හැර ඇතැයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඒ හේතුවෙන් සාමාන්‍ය අයෙකුට බැංකුවකින් ණයක් ලබා ගත නොහැකි තැනට බැංකු ද පත්ව තිබෙන බව ද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට බදු පිට බදු ගසා ජනතාව දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටිය දී අලුත් බදු වර්ග දෙකක් හරහා රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද, පාඨලී රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හෝමාගම ප්‍රදේශයේ පෙරේදා (16) පැවැති ජන හමුවකට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක;

 

“අපේ ආහාර වලට, තෙල් වලට මේ ඔක්කොටම බදු ගහලා. දැන් අලුතෙන්ම යෝජනා කරලා තියෙනවා වස්තු බද්ද කියලා එකක්. තව බදු වර්ග දෙකක් එනවා ඉස්සරහට. එකක් වස්තු බද්ද. වස්තු බද්ද කියන්නේ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩකඩම් වලට ඒවායේ වටිනාකම බලලා බදු ගහන එක. මේ වරිපනම් නෙවෙයි. අපි අපේ ගෙදරින්, අපි අපේ වත්තෙන්, අපි අපේ යාන වාහන වලින් ධනය ඉපදෙව්වත්, නැතත් බදු ගෙවන්න වෙනවා. ඒක ඡන්දෙන් එහාට දාලා තියෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්ද. ඊළඟට, අපිට යම් යම් දෑ අපි දෙමාපියන්ගෙන් ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ලැබෙනවා. අම්මගෙන් මාලය ලැබෙනවා. ගෙදර ඇත්දළ ජෝඩුව ඔය වගේ අපිට පරම්පරාවෙන් ලැබෙනවා. මේ පරම්පරාවෙන් ලැබෙන දේවල් වලටත් බද්දක් ගහන්න වෙනවා.

 

රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ට කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබාදීලා තියෙනවා. ඒ බදු සහන ලබා නොදුන්නා නම් ඔය ජනවාරි පළවෙනිදා ගහපු බදු ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඒකෙන් කෝටි හැටදාහයි බලාපොරොත්තුව. ලක්ෂෙක සහන දීලා තියෙනවා. තව එක්ලක්ෂ විසිදාහක් බදු පොලුකාරයෝ ඉන්නවා. කෝටියට වැඩි බදු පොලු කාරයෝ 4200 යි ඉන්නේ. ලොකු ගානක් නෙමෙයි ඉන්නේ. ඒ හාරදහස් දෙසීයෙන් බදු ටික එකතු කරගන්න ආණ්ඩුවට කොන්දක් නැති උවමනාවක් නැද්ද දන්නෑ. කොහොම හරි. ඒ ටික එකතු වෙන්නෑ. මේක නෙමෙයි පාලකයාගේ ක්‍රමය විය යුත්තේ. පාලකයාගේ ක්‍රමය විය යුත්තේ, බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර ගැනීම.

 

දැන් මම වගකීමෙන් කියනවා. මම අභියෝග කළා පාර්ලිමේන්තුවේ, ඕවා ගන්න බෑ කියනවා නම්, හය මාසෙකට අපිට දෙන්න. අපි අරන් පෙන්නන්නම්. මේ බදු කොහොමද ගන්නේ කියලා. ඔය අනං මනං ලොකු බදු ඕන්නෑ. අරක්කු, බිස්නස් එකේ විසිතුන් දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් බදු ගෙවලා තිබුන් නෑ. ඒ අයගේ මේ අරක්කු නිපදවන බලපත්‍රය නවත්තන්න ආණ්ඩුවට කොන්දක් නෑ. අන්තිමට අපි බොහොම අමාරුවෙන් නැවැත්තුවා. දෙන්නෙක් ඇර අනිත් අය බදු ඔක්කොම ගෙවලා තියෙන්නේ. ඒ දෙන්නගේ බදු අය කරගන්න ආණ්ඩුවට කොන්දක් නෑ. පොඩි ගානක් නෙමෙයි. ලක්ෂ ගණන් නෙමෙයි කෝටිම. ගත්තොත් කෝටි හත්සීයක්. කොන්දක් නෑ. දෙන්න. මොකක්ද කරන්න ඕනි? බලපත්‍රය නවත්තන්න. ටක්ගාලා ගෙවනවා. මං දන්නවා ටක් ගාලා ගෙවනවා පහුවෙනිදා. ඒක කරන්න කොන්දක් නෑ. ඇයි? සීනි, කිරිපිටි වලින් තව ගන්න පුළුවන්නේ මේ අපේ පොඩි මිනිහව තව පොඩ්ඩක් විසි කරන්න. අළුතක් තියන්න ඕන නෑනේ. ඕවා තමයි ක්‍රමේ.

 

බැංකුවලට අද ගියාම අපිට ණයක් ගන්න බෑ. පොලිය ඔය මහ බැංකුවේ අධිපතිතුමා කියන පොළියට ණය හම්බවෙනවද? නෑ. ඇයි? බැංකු වලට පොලු තියලා තියෙනවා. කෝටි 65,000 කට වැඩි. අපේ රාජ්‍ය බැංකු ගැන මම කියන්නේ. කවුද? මේ රටේ ප්‍රබල ඇමති කෙනෙක් ඇතුළු, හිටපු ඇමතිලා ඇතුළු තව විශාල පිරිසක්. ඒගොල්ලන්ගෙන් බදු අය කර ගන්නේ නෑ. ඒගොල්ලන්ගෙන් බැංකු පොලු අය කරගන්නේ නෑ. මොකද වෙන්නේ? අර හොඳ මිනිස්සු. මේ රටේ සියයට හැටක්ම ඉන්නේ රුපියල් පන්දාහට වඩා අඩුවෙන් බැංකුවල තැන්පත් කරපු දුප්පත් මිනිස්සු. අන්න ඔවුන්ගෙන් ගන්න. මේක හරිද නෑ ඒක නිසා තමයි අපි කියන්නේ ජනාධිපතිතුමා පෝලිම් යුගය නවත්තලා ගොඩ ගත්ත එක හොඳයි හැබැයි මේක මීට වැඩිය වෙනස් විදිහකට කරන්න තිබුණා මේ ලක්ෂ දෙසිය විස්සක් මිනිස්සු මේ දුප්පත් පවුල්වල මිනිස්සුන්ට මේ අධික බර දාන්නේ නැතුව. අන්න ඒ වැඩපිළිවෙළ තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටට”

 

 

@මාධ්‍ය ඒකකය