SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් ගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළේය.

 

අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන එය කල් දැමුණි.

 

ඒ අනුව අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණි.

 

එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති බව සඳහන් ය.

 

අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03කි.

ඒ අනුව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

 

නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් ගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ‍‍‍‍‍‍‍‍‍‍‍ඇත.