SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

69 ලක්ෂයේ ජන වරම ගත් කෙනා දැන් ගෙදර ය.

ඔහු ගෙදර ගියා නොව යැව්වේ යැයි පිරිසක් කියති.

යැව්වා නොව රටේ අර්බූධය සමනය කිරීමට ගෙදර ගියා යැයි තවත් පිරිසක් කියති.

 

69 ලක්ෂය වෙනුවට ඡන්ද ලක්ෂ දෙකහමාරක් හිමිකරගත් කිසිදු ආසනයක් හිමි කර නොගත් අයෙක් ජනවරම උරුම කර ගැනීම එක් පිරිසකට අනුව වාසනාවය.

තවත් පිරිසක් කියන්නේ පිං චාන්ස් එකක් කියාය.

තවත් පිරිසක් කියන්නේ බර කරට ගත්තා කියාය.

 

69 ලක් 6

දැන් නැවතත් ඡන්දයක් අත ලඟය.

නැවත වතාවක් ඡන්ද කුට්ටි එක්කාසු කර ගැනීමේ හටන ඇරඹිලාය.

අරගලයේ සිටි ජනයා පාට රෙදි පොරවාගනිමින් මේ පිල් අතර කරක් ගසන්නට පටන් ගෙනය.

 

 

මහින්ද රාජපක්ෂ ගෙදර ගිය 2015න් පසු මහින්ද සුළඟක් රැගෙන නැවත බලයක් ගත්තේද මේ අරගල‌යට එක්වූ ජනයා විසින් ය.

ඒ ජනයා දැන් බලන්නේ කොයි අතද? ලගින්නේ කා ලඟද කියා ය.

ඒ අතර හෙට (18) නුගේගොඩ මහින්ද සුළඟ ඇරඹූ තැන 69 ලක්ෂය බෙදා ගැනීමේ සුළඟකට අරාදින්නේ ය.

 

69 ලක් 2

 

මෙවර නායකයෝ තැනූ අයත් නායකත්වයට තරඟ කරන්නේ ය.

දිලිත් ජයවීර ඉන් එක් අයෙකි.

මේ සර්වජන සුළඟ තවත් මහින්ද සුළඟක්ම යැයි කියන්නෝද වෙති.

 

නාමල් තවමත් සිටින්නේ ඈතක ය.

කියන්නේ නම් 69 ලක්ෂයේ අයිතිය රාජපක්ෂලාගෙන් ගිලිහී ඇති වගය.

 

69 ලක් 5

 

මේ වනවිට එහි නිල භුක්ති විඳීම එජාපය සතු ය.

එහෙත් ඡන්දයේදී එය පැහැදිලි විය යුතුය.

එය බෙදා හදාගන්නේ කවරෙක්ද?

කව්රුන් බෙදා හදාගත්තද කන්නේ ඔවුන් මිස අන් කවරෙක් දැයි මහජනයාට ප්‍රශ්නයක් නැත.

 

69 ලක්ෂය බෙදාගෙන කමු..

මේ ඔවුන්ගේ අභිප්‍රාය ය.

 

69 ලක් 3

69 ලක් 4