SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය

ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය.

එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළහ.

මැතිව්ස් පන්දු 15කදී නොදැවී ලකුණු 30යි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 16.4කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 118ක් පමණි.

පන්දු යැවීමෙන් නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවා ගත්හ.