SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික චින්තනයේ පියා ලෙස නාමරකණය වී ඇති පසුගියදා  තම දිවිසැරිය නිම කළ මහාචාර්ය නලින් ද සිල්වාගේ චින්තනය පිළිබඳ

සම්මන්ත්‍රණයක් රාජ්‍ය ආයතනයන්  විසින් සංවිධානය කර ඇත.

 

ඒ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කාන්තා හා ළමා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය එක්වය.

 

සම්මන්ත්‍රණයේ තේමාව වී ඇත්තේ “මහාචාර්ය නලින් ද සිල්වා ඉදිරිපත් කළ ජාතික චින්තනය නැමැති දර්ශනය තුළින් ජාතිය සවිබලගැන්විය හැක්කේ කෙසේද” යන්නය.

 

මාතෘකාව තුළම නලින් ද සිල්වා ජීවිත කාලයක් පුරා සිදුකළ අරගලයට පහරක් වැදී ඇති අතර ඔවුන්ට ජාතික චින්තනය තවත් එක් දර්ශනයක් පමණක් වී ඇත.

 

කෙසේ වුවද රාජ්‍ය ආයතනයක් හරහා සිදුවන මෙම සම්මන්ත්‍රණය සුවිශේෂී අවස්ථාවක් වන අතර ඒ සඳහා සහභාගී කරගන්නා කථිකයින් ද සුවිශේෂී වේ.

 

නෙම්සිරි ජයතිලක,

නිර්මාල් රංජිත් දේවසිරි,

අනූප පැස්කුවල්,

කරූ පරණවිතාන

එක්ව සිදු කෙරෙන මෙම කතාබහ ජූලි මස 02 වැනි අඟහරුවාදා බත්තරමුල් නාගරික සංවර්ධන අධිකාරියේ දේශන ශාලාවේ පැවැත්වෙන බව සංවිධායක කමිටුව දන්වා ඇත.

 

nalin sir 1