SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව නිදහස් ස්වාධීන සෛවරී රාජ්‍යයක් බවත් රාජපක්ෂලා මේ රට බංකොලොත් කළ නිසා එක එකාගේ අල්ල මත නටවන රටක් බවට

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ අද (16) ඉරිදා, සමගි ජන බලවේගයේ, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කිරීමේ වැල්ලම්පිටිය, කොටුවිල, හල්මුල්ල ප්‍රදේශයන්හි  සංවිධාන හමුවක දී ය.

 

  • IMF එක කියන කියන වෙලාවට හෙණ ගහනවා වගේ බදු ගහන්න ආණ්ඩුවක් මොකටද...?
  • IMF ඉල්ලූ මූල්‍ය තොරතුරු වසන් කර..., ඒ වෙනුවට කුලී නිවාස බද්දක් ජනතා කර මතට...!
  • ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය වහාම ජනතාවට ලබා දෙන්න.
  • ආණ්ඩුවට ඇත්තේ ජනතාව සමග වෛරයක්...!

 

“අපේ රට නිදහස්  ස්වාධීන සෛවරී රාජ්‍යයක්. රාජපක්ෂලා මේ රට බංකලොත් කරපු නිසා තමයි එක එකාගේ අල්ලෙ නටවන රටක් බවට වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට පත්කරල තියෙන්නේ.

IMF එකට ඔින ඔින විදිහට කරන්න නම් ආණ්ඩුවට ආර්ථික උපදේශකයො ඔිනත් නෑ, ආණ්ඩුවක් තියෙන්න ඔිනත් නැහැ. IMF එක කියන ටික කරන්න පුළුවන්‌.

ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඔින දැන් IMF එකට රජය රජය පොරොන්දු වෙලා තිබ්බ හොරා කෑ දේපළ නැවත පවරාගැනීමේ පනත ගේනව කියල.ඒක ගෙනල්ල නෑ. ඒවගේම ධන කුවේරයන්ට වෙනම බද්දක් ගේනව කියල තිබුණ. ඒකත් නෑ. ඒක නොගෙනාපු නිසා IMF එක යෝජනා කරල තියෙනව ගෙවල්වලටත් බද්දක් ගහන්න.

එතකොට මේ වගේ හෙණ ගහනව වගේ බදු ගහන්න ආණ්ඩු ඔිනද?