SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාබනික කෘෂිකර්මය සහ

රතන හිමි ගෙන ආ වස විස නැති රටක් වැඩසටහන එකක් නොව දෙකක් බව අතුරලියේ රතන හිමි පවසයි.

 

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කුරුණෑගල පැවති තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් එක්කරගැනීමේ දැනුවත් කිරීමේ හමුවකදී අදහස් දක්වමිනි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් විසින් ගෝඨාභය රාජපක්ෂට දස වසරක සැලැස්ම තනි දවසෙන් කිරීමට තීරණය ගත්තේ කව්රුන්ද යන්නත් ඒ සඳහා බලපෑ හේතුව  කුමක්ද යන්නත් අනාවරණය කර තිබුණි.

 

කුරුණෑගල රැස්වීම ඇමතූ රතන හිමියන්,

 

රතන කුරු 3

 

“ගෝඨාභයගෙ ඔිගනික කතාව සහ  රතන හාමුදුරුවන්ගෙ වස විසෙන් තොර කියන්නෙ දෙකක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තනි දවසින්, එක දවසෙන් තීරණය කළා රටම ඔිගනික් කරන්න ඔින කියල. එයාගෙ ඒ ඔිගනික් කතාවයි අපේ වසවිසෙන් කොර කතාවයි කියන්නෙ දෙකක්. අපි මේක කිව්වෙ අවුරුදු  05ක් 10ක් අතර ක්‍රියාත්මක වෙන විදිහේ වැඩසටහනක් එක්ක. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ප්‍රතිපත්ති ලියද්දි අපිත් දායක උනා. ඒකෙ තිබුණෙ දස අවුරුද්දකින් කියලා.

 

එතකොට ඇයි මේ මනුස්සය එක කන්නයෙන් හිටිගමන් කරන්න හැදුවෙ?

 

බැසිල් මහත්තය කිව්ව භාණ්ඩාගාරයෙ සල්ලි නෑ, ජයසුන්දර කිව්ව හොඳම දේ තමයි දැන් ඒ හින්ඳ ඔිගනික් කරන එක..එහෙනම් දැන් AC එකක් ඇරගන්නත් බෑ, ඔිගනික් කියල කැබිනට් පත්‍රිකාවක් දාමු කියල. එහෙම හීනෙන් බයවෙලා වගේ අතේ සල්ලි නැතුවට එකපාර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඔිගනික් වගාව, ඒකට අවශ්‍ය කරනවා විද්‍යාඥයො, තාක්ෂනික දැනුම, විද්‍යාගාර පහසුකම්, අත්හදා බැලීම්වලට ගොවීන්ගේ කැමැත්ත. ඒව කිසි දෙයක් බලන්නෙ නැතිව දැම්ම අතිදැවැන්ත විදිහට වස විසෙන් තොර ගොවිතැන කියල.

 

රතන හිමි ඒකට ගෑවෙන හැටි..

 

එතකොට මම මේකෙ බ්‍රෑන්ඩ් එක වගේ වෙලා තිබුන 2010-12 කාලෙ වකුගඩු රෝගය ඇතිවෙලා ඒ ගැන ලොකුවට කතා උනා,.WHO එකෙන් වාර්තාවක් නිකුත් උනා 2013දි. ඒකෙන් කියැඋනේ කෘමිනාශක, වල්නාශක, පොහොරවල අධික ප්‍රමාණයක් කැන්බීන් තියෙනවා කියල..මේ වාර්තාව එළියට දුන්නෙත් නැහැ. ඒක හෙළිදරව් කළේ මම. වකුගඩු රෝගය සහ පිලිකාව විශාල වශයෙන් පැතිරීම නිසා අපි කැම්පේන් එකක් කළා මේ හානියෙන් රටක් හැටියට අපි ගැලවේන ඔින කියල. එතකොට රතන හාමුදුරුවොන්ට ලොකු ජනප්‍රියත්වයකුත් හම්බ උනා.. හාමුදුරුවො වකුගඩු රෝගය ගැන කතාකරනවා, මිනිස්සුන්ගේ නිරෝගීකම ගැන කතාකරනව කියල. ඊට පස්සේ ගෝඨාභයටත් මම තමයි ලණුව දුන්නේ කියල කතාවක් ආවා.

 

මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි මේ මනුස්සය මා එක්ක කවදාවත් මේ ගැන කතාකරල නැහැ.

ඡන්දෙට කලින් කතාකළා දස අවුරුද්දකින් කරන හැටි.

ඒත් බලයට ආවට පස්සෙ කිසිම දෙයක් කතා කළේ නෑ”.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..

 

@මාධ්‍ය ඒකකය - තිරසර ලංකා ජාතික ව්‍යාපාරය