SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

 

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය. ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වෙයි. එසේම ශ්‍රී ලංකාව වසර 10කින් 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැත.

 

මේ අතර 2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබෙනවා.

 

ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ. ඒ, ප්‍රබල තරඟකරුවන් වන ස්කොට්ලන්තයේ නායිකා කැත්‍රින් බ්‍රයිස් සහ ICC හි ඉහළම සුදු පන්දු යවන්නිය වන Sophie Ecclestone අභිබවා යමිනි.

 

ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් නිසා ඇයට මෙම ගෞරවනීය සම්මානය හිමි විය.

 

2024 ICC කාන්තා ලෝක කුසලානයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ දී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමෙන් පසුව සැප්තැම්බර් මාසයේදී මෙම සම්මානය දිනාගත් අතපත්තු නැවතත් එය තහවුරු කර ගත්තාය.

 

සුදුසුකම් ලැබීමේ තරගයේදී ස්කොට්ලන්තය අනුශූරතාව දිනාගත් කැත්‍රින් බ්‍රයිස් සහ එංගලන්තයේ කැපී පෙනෙන දඟපන්දු යවන්නියක වන සොෆී එක්ලස්ටෝන් සමග පැවති දැඩි තරගයක් මැද චමරි මෙම  ජයග්‍රහණය ලබාගැනීමට  සමත් වී ඇත. ඇයගේ ස්ථාවර විශිෂ්ඨත්වය, ICC හි වසරේ එක්දින ක්‍රීඩිකාව (2023) සහ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව වීම සමග ඇයගේ ක්‍රීඩිකා තත්ත්වය තහවුරු කර ඇත.

 

ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී චමරි අතපත්තු තරඟ 6 කදී ලකුණු 266 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා විය. අවසන් මහා තරගයේදී විස්මිත ශතකයක් (පන්දු 63කින් ලකුණු 102ක්) රැස්කරමින් ශ්‍රී ලංකාවට ශූරතාව හිමිකර දෙමින් ඇය තරගාවලිය ඉහළ මට්ටමින් අවසන් කළාය. මෙම ශතකය ඓතිහාසික වූ අතර එය T20 WC සුදුසුකම් ලැබීමේ ඉතිහාසයේ එය  පළමු ශතකය විය.

 

මැයි මාසයේදී ඇය සහභාගී වූ තරග හතරේදී චමරි අතපත්තු ලකුණු 151ක් ලබා ගත්තේ සාමාන්‍ය 37.75ක් ලෙසිනි. ඇය පන්දුවෙන් ද ක්‍රීඩා කෞශල්‍යය දැක්වූ අතර  කඩුල්ලකට ලකුණු 9.16ක සාමාන්‍යයක් සහිතව කඩුලු 6ක් දවාගනිමින් අවසන් මහා තරගයේදී තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා ය.

 

ICC වසරේ කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය ලැබීමත් සමඟ චමරි අතපත්තු සිය කෘතඥතාව සහ අභිමානය ප්‍රකාශ කළේ එවැනි ස්ථාවර පිළිගැනීමක් තම ක්‍රීඩාව ඉහළ නැංවීමට සහ ඇගේ ශක්තිමත් දස්කම් පවත්වා ගැනීමට සැලකිය යුතු පෙළඹවීමක් බව අවධාරණය කරමිනි.

 

ඇයගේ සෙසු නාමයෝජනාකරුවන් වන Kathryn Bryce සහ Sophie Ecclestone ගේ සුවිශේෂී දක්ෂතා ඇය පිළිගත් අතර, ඔවුන්ගේ සිත් ඇදගන්නා සුළු වාර්තා පිළිබඳ  ප්‍රශංසා කරමින් ඔවුන්ට ඇයගේ සුභ පැතුම් ද පිරිනැමුවාය. තම ජයග්‍රහණවලට විශාල සහයෝගයක්  වූ තම කණ්ඩායමේ සගයන්ට ඔවුනගේ නොසැලෙන සහයෝගයට ස්තූති කිරීමටද චමරි  එය අවස්ථාවක් කර ගත්තාය.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි