SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක්

එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි.

 

හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර පිටකෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයක අද (13) පෙරවරුවේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.

 

පසුගිය දිනයක මාලිමාව මගින් විශ්‍රාමික පොලිස් නිළධාරී හමුව පැවැත්වීමෙන් පසු සමාජයේ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති අතර එදින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පැවසුවේ ඔහු ඇතුළු පිරිස මාලිමාවේ රැස්වීමට පැමිණීම වලකාලීමට බාහිර පාර්ශ්වයන් මගින් විශාල උත්සාහයක් ගෙන තිබූ බව ය.

 

ඒ අනුව මේ වනවිට රජය පාර්ශ්වයෙනුත් හිටපු පොලිස් නිළධාරීන් යොදා ගැනීමේ  සිදුවීමක් ලෙසට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය විචාරකයින් පවසති.

 

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු,

 

"1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනුරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදු කළා. අපි සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වනදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද ?"

 

වර්තමාන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු යැයි සැලකෙන, 1971 කැරැල්ලට සම්බන්ධ නායකයකු වූ සිවිල් සමාජ ක්‍රියාකාරික වික්ටර් අයිවන් මුහුණු පොතේ සුභාෂිනී විෆ්ලර් ගේ පෝස්ටුවකට එක්කර තිබූ කොමෙන්ටුවකින් දක්වා තිබුණේ ද චන්ද්‍රා ප්‍රනාන්දු හිටපු  පොලිස්පතිවරයාට සමාන අදහසකි.

 

“ලංකාවේ රාජ්‍යය ජරාජීර්න වී හා කඩා බිඳ වැටී තිබෙන තරම මේ එකතු වෙන් හොඳින් පෙන්නුම් කෙරෙනවා. සංකේතාමක අර්ථයෙන් මේ මගින් ලබා දෙන්නෙ රටේ යහපතට හේතුවන සංඥාවක් නොව රටේ අයහපතට හේතුවන සංඥාවක්.‍ හොඳ යුද පුහුණුව ලද පුද්ගලයෙක් සාමාන්‍ය මිනිසකුට සමාන නැහැ. එවැනි අයට විශ්‍රාම ගිය පසු කැරලිකාර ඉතිහාසයක් තියෙන වියාපාරකට එකතු වීමේ නිදහස ලැබෙන්නේ ලංකාව වැනි මෝඩ ගොබ්බ රටක පමණයි. ආරාක්ෂක මණ්ඩලය පවා නීතියකින් පිහිටුවා නැති රටක රාජ්‍ය ඔත්තු සේවා රාජයයේ විමරශනයට ලක්නොවන හා එසේ කිරීම වරදක් ලෙස සලකන රටක මේ වෙන විකට රූපි සන්දර්ශන පුදුමයට හේතු වන්නෙ නැහැ”.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි