SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන පෙර තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු පිළිබඳව

රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කිරීම මේ දිනවල බොහෝ කතාබහට ලක්වන්නක්.

 

පාස්කු ප්‍රහාර​ය ගැන හොයන්​න විශේෂ විමර්ශන කමිටුවක්

 

ඊයේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය කියා තිබුණේ එම විමර්ශන කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික විනිසුරු A.N.J අල්විස් මහත්මියව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව ය.

එසේම එම කමිටු වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනවිට අවසන් කළ යුතු බවත්  කියා ඇත.

 

පොලිස් සේවයේ නම ගිය විශ්‍රාමික පොලිස් නිළධාරීන් විශාල පිරිසක් පසුගියදා ජාතික ජන බලවේගයේ “විශ්‍රාමික පොලිස් සාමූහිකය” සංවිධානය ලෙස  එක්ව සිටගත් අතර ඒ අතර අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂන දේපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ මාර්ක්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි සෙනෙවිරත්න, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයතිලක, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක විපුල හෙට්ටිගේ මෙන්ම, විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන් ඩබ්ලිව්.ඩී ශ්‍යාමා කුමුදිනී වෙල්ගම ඇතුළු ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටී.

 

ඊට අමතරව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එල් රණවීර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය කිංස්ලි වික්‍රමසූරිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී නවරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේගුණරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඕ.කේ හේමචන්ද්‍ර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇල්ෆ්‍රඩ් විජේමාන්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී කරුණාතිලක මහතා, හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂමන් සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නප්‍රිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.කේ රණවීර, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එස්බී මනම්පේරී, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර් රාජපක්ෂ, පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම් ධම්මික, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක කේ.එම්.වයි අලහකෝන් යන විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබුණි.

 

මේ හේතුව නිසා බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මෙම විමර්ශන කමිටුව හදිසියේ පත්කිරීමට ආසන්නතම හේතුව මාලිමාව හා එක්වූ “විශ්‍රාමික පොලිස් සාමූහිකය”   බව ය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි