SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලක්දේශයේ සමහර වාමාංශිකයින්ට සහ NGO යැපෙන්නන්ට සහ ඔවුන්ගේ හිතවත් සමහර ශාස්ත්‍රඥයින්ට

දෙමළ ජනයා ‌කේනද්‍රයක් වීම දැන් පවතින ලක්දේශය ඇතුළෙ යල් පැනපු යොමුවක් ... (සමහර සිංහල ජාතිවාදීන්ටත් සිංහල ජනයා පමණක් කේන්ද්‍රයක් වීම යල්පැනපු යොමුවක්...)

 

හැම දෙයක්ම දෙමල ජනයාගේ ජාතික ප්‍රශ්නයට ලඝු කිරීම ආර්-ථික විරෝධී අන්තවාදයක් .... මේ එක්සපයර් වෙච්ච උදවිය තේරුම් ගන්න උවමනා පළමු දේ තමයි, ලක්දේශයේ ඉන්නේ දෙමල ජනයා විතරක් නෙවෙයි කියන ඒක. ‌ ලක්දේශයේ තවත් ජන වරිග ඉන්නවා ... එයින් සුළු ජනවරිග ගත්තත් ඉන්නෙ දෙමල ජනයා විතරක් නෙවෙයි...තවත් සුළු ජන වරිග ඉන්නව ... මුස්ලිම්, මැලේ, බර්ගර්, ආදිවාසීන් මෙයාලත් සුළු ජන වරිග ... එතකොට දෙමල ජනයා විතරක් සුළු ජන වරිගයක් වෙන්නේ, එල්ටීටී එක ජනප්‍රිය ජනඝාතක යුද්ධයක් කරපු නිසා එයාලට ලැබුණ සංකේත ප්‍රාග්ධනය නිසා ද? සිංහල පමණක් මහ වරිගය වෙන්නෙ, ඩොයිලියානු බණ්ඩාරනායක සිංහල ඔන්ලි පනත ගෙනාපු නිසාද?

 

කතිකාවක් කියන්නේ මොකක්ද?                                                                                      

කතිකාවක දෙපැත්තක් තියෙනව.                                                                          

එකක් ඒ කතිකාව නියෝජනය කරන මතය ...

අනික ඒ කතිකාව නියෝජනය කරන මතයට එරෙහිව ඒ මතය ම අනෙකා (Other) කරගෙන බිහිවෙන ප්‍රතිවිරුද්ධ මතය. 

මේ මතයන් දෙක විසින් ම පෝෂණය කරන්නේ එකම කතිකාව.                                     

 

සුදු අධිරාජ්‍යෙවාදීන්, විශේෂයෙන් එංගලන්තක සුදු අධිරාජ්‍යවාදීන් මේ රටට එන්නට කලියෙන් ලක්දේශය තුළ පැවතුන භාෂාවන් කිසිවක මහ-ජන-වරිගය සහ සුළු-ජන-වරිගය කියල ප්‍රතිපක්ෂයක් තිබුණේ නැහැ.

ඒ් කියන්නේ ලක්දේශයේ කිරීටය හෝ ඒ යටතේ ජීවත් වූ ජන වරිගයන් හෝ භාවිතා කළ කිසිදු භාෂාවක මේ බෙදීම හඟවන අරුතක් තිබුණේ නැහැ. 

 

 මේ “සුළු සහ මහ” කියන වරිග බෙදීම එංගලන්තකයින්ගේ Divide and rule කියන අධිරාජ්‍යවාදී දේශපාලන උපායමාර්ගය අනුව ලක්දේශය තුළ බිහිකළ වරිගවාදී සහ බෙදුම්වාදී කතිකාවක් අනුව පසුව කෘතිමව බිහිකරවන්නක්. එකටෙක පරිවර්තනයක ප්‍රතිඵලයක්. 

 

එංගලන්තකයින්, විශේෂයෙන් මේ කතිකාව සූක්ෂ්ම ලෙස ස්ථාපිත කරන්නට මහා කාර්යභාරයක් කරපු ඩොයිලි, මේ බෙදීම නියෝජනය කරන්නට අතට අහුවෙච්ච සයිස් ඒකේ වරිග දෙක අල්ලත්ත. සිංහල වරිගයට අමතරව සයිස් එකෙන් දෙවෙනි දෙමල වරිගය අල්ලගත්ත. ඉතිං එයාලගෙ යොමුව සහ ක්‍රියාන්විතය වුණේ මේ වරිග සියල්ල අතර තිබූ සමූහවාදය කඩල‍ බෙදුම්වාදයක් ඇති කරනඑක. දෙක කොටවන එක.                                                                                                                               

ඒක පරිපාලනමය වශයෙන් සේ ම කතිකාමය වශයෙන් එයාල සිදුකළා.                         

ඒ නිසා සිංහල පමණයි මේ රටේ ඉන්න උවමනා කියන එක වගේ ම, ඒක  අනෙකා කරගෙන දෙමල පමණයි සුළුජාතිය කියන එකත් අර කතිකාවේ ම කොටසක්.                     

ඇත්තට ම මේ වරිග දෙක පමණක් නොව රටේ සියළු වරිග සමගි විය යුතුයි.          

 

බෙදීම උත්තරය නෙවි.

බෙදීම ලක්දේශයට ආවේනික ගතිකයත් නෙවෙයි. අනික මේ ගෙවෙන මොහොතේ වරිගවාදයෙන් සහ බෙදුම්වාදයෙන්ච යටගසා දෙවෙනි තැනට දමන්නේ ව්‍යසනයක්ටේ කරා ගමන් කරමින් පවතින රටේ ආර්-ථික අර්බුදය.

 

රාජාණ්ඩු ක්‍රමයක් යටතේ පවා සමූහවාදයකින් ශික්සණය වෙලා හිටපු ජනතාවක් අපි. අපි බෙදුම්වාදය දැන සිටියේ නැහැ. ඒක එංගලන්තකයින් හඳුන්වල දුන්න ඒකක්. ජාතික ප්‍රශනයට අහුවෙලා ඒක  ප්‍රධාන කරගෙන ඉන්න උදවිය තවමත් ඉන්නෙ ‌අධිරාජ්‍යවාදී කතිකාවට අහුවෙලා.  

 

අද වෙනකොට නූතනත්වයත් පහුකරල යන නව-නූතන සමූහවාදයකුයි අපිට අවශ්‍යය වෙලා තියෙන්නේ. තත්වය එහෙම වෙලා තියෙද්දි, තවම ජාතික ප්‍රශ්නයක් අල්ලගෙන, ඒකට ප්‍රධාන දෙමින් මැරෙන්න හදන එක මුළුමනින් ම මනෝරාජිකයි.

 

එළැඹෙන දශකයන් තුළ මේ වරිග අතර පමණක් නොව ලක්දේදේශයේ සහ ඉන්දීය-දේශයේ ජනවරිග අතරත් වේගවත් මිශ්‍රවීම් සිදුවෙන්නට නියමිත යි. ඒ්ක තමයි ගෝලීය ධනවාදය ගොඩනගන ඊලඟ නව-නූතන ප්‍රවනතාවය. මේ මිශ්‍රවීම් වලින් බිහිවන දරුවන් අයිතිවන්නේ කුමන වරිගයකට ද? දෙමල ඩයස්පෝරාවේ මනෝරාජිකයින් කියල දෙන්නකො මට?

                                                                                                                                       ලෝකය කලාපයන් වශයෙන් ද සමූහවාදී වෙන්නට නියමිතයි. රටක් තුළ පවතින වරිග අතරවත් සමූහවාදයක් ගොඩනගා ගන්නට බැරි, එක වරිගයක පමණක් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, ගෝලීය ආර්-ථික නියාමනයන් නොතකන කොයි ගොණුවීමත්, කණ්ඩායමත්, සංවිධානයත් අතුගෑවිලා හැඳිගෑවිලා ඉතිහාසයේ කුණු කූඩයට යෑමට නියමිතයි. ඒක  සිදුවීම, කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. මොකද මේක සිදුකරන්නේ සිංහල හෝ දෙමල හෝ හින්දි හෝ මරාටි වැනි පාර‌භෞතික භාෂාවක් මත පදනම් වු  වරිගයක් හෝ ජාතියක් විසින් නෙවෙයි.                                                                                  

මේක කරන්නේ භෞතිකය වන ගෝලීය ප්‍රාග්ධනය විසින්.  

                                                     

පුළුවන් නම්, ලක්දේශයේ උතුරු නැගෙනහිර දෙමලවාදී හෙවත් වරිගවාදී සංවිධාන පමණක් නෙවෙයි,  කාශ්මීරයේ වරිගවාදී සංවිධාන වලටත් මේකෙන් ගැලවෙන්න කියන්න. මේ හැම වරිගයකට ම වෙන්නේ මේ සන්තෑසිය ම යි. ඉන්දියාවේ මෝදි නැවත බලයට පත්වීම සේ ම එංගලන්තයේ ඉන්දියානුවෙක් අගමැති වීම මගින් දැනටමත් සංඥා කර ඇත්තේ වරිගයට වඩා ප්‍රාග්ධනය විශාල බවයි.   

                   

ඒ නිසා ඉදිරියේදී වරිගය හෝ ජාතිය කේනද්‍ර කරගත් සටන් පාඨ වලට අභිබවා සෘජුව ම ප්‍රාග්ධනය කේනද්‍ර කරගත් සටන් පාඨ කරලියට ඒන්නට නියමිත යි. ඒ නිසා ජාතික රාජ්‍යයන් ගොඩනගන්නට උවමනා උදවිය හෝ සංවිධාන රටක් තුළ සහ කලාපයන් තුල වරිග සමගිය ඇතිකර බෙදුම්වාදයට එරෙහි සමූහවාද ගොඩනගන්න.    

                                                                                                 

ඒ නිසා තනි වරිගයක නොඑල්ලී, වරිග සමූහවාදයක් පිළිගන්නා ජාතික රාජ්‍යයන් හැරුණුකොට තනි වරිගයක් කේන්ද්‍රය කරගත් සියළු සටන් පාඨ සහ රාජ්‍ය ගෝලීය ප්‍රාග්ධනයේ හෝස් පයිප්පයට හසුවී මැකී යන්නට නියමිතයි.                                            

                                                                                                                            

පුුළුවන්නම් තනි රටක තනි වරිගයක් ප්‍රධාන කරගෙන ජාතික රාජ්‍යයක් හදල පෙන්වන්න. හොඳට මතක තියාගන්න, ඔබ සටන් වදින්නේ නව-නූතන ‌අති-තාක්ෂණික භෞතික නිෂ්පාදන උපකරණ ජාලයක් සහ පාරභෞතික තොරතුරු නිමවන ‌‌අති-තාක්ෂණික භෞතික නිෂ්පාදන උපකරණ ජාලයක්  නියෝජනය කරන ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කියල.    

                                                                            

@අරවින්ද හෙට්ටිආරච්චි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි