SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ පක්ෂ දේශපාලනයට පිවිස ඉතා කෙටි කාලයක් තුළ ජනප්‍රියතාවට පත් මෑතකාලීන දේශපාලකයෙක් බවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පත්වූ බව අවිවාදිතය.

දැන්වීම් ක්ෂේත්‍රයේ  ව්‍යවසායකයෙක් ලෙස ව්‍යාපාරික ලොව ජය ගත් දිලිත් ජයවීර මේ වනවිට එම කුසලතාවන් දේශපාලනයට ද යොදා ගැනීම ඊට හේතුව ය.

 

රොටී සමග ලුණු මිරිස් බ්‍රෑන්ඩ් එකක් බවට පත්කල දිලිත් ජයවීර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පතුරු ගසද්දී ඔහුට මීට පෙර තිබූ කැළණියේ නයා සහ ධම්මික පැණිය ක්‍රමයෙන් ගිලිහෙමින් ගියේ එය උස්සාගෙන සිටි පිරිසත් නොදැනුවත්වම ය.

 

එසේම මෑතකදී අප අතරින් වියෝ වූ ලංකාවේ ජාතික චින්තනයේ  පියා ලෙස සැලකෙන මහාචාර්ය නලින් ද සිල්වා රැගෙන ගිය ජාතිකවාදී දේශපාලනය ඔහුගේ මරණයත් සමග ජනප්‍රිය කතිකාවේ තබා මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් ග්‍රහණය කර ගෙන ඇති බව සමහරුන්ගේ මතය වේ. ඒ, නලින් ද සිල්වා විසින් ගෙන ගිය කතිකාව නොවූවත් ඔහුගේ ගෝල පරපුරෙන් සැලකිය යුතු කොටසක් මේ වනවිටත් දිලිත් ජයවීර සමග අත්වැල් බැඳගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

 

ව්‍යවසායක දිලිත් ජයවීර තම මැතිවරණය ව්‍යාපාර කටයුතු කරමින් මේ දිනවල ගත කරන්නේ ඔිස්ට්‍රේලියාවේ ය. එහිදී ඔහු කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ යනු නොකෙරෙන විදිය පොතක සටහන් කිරීමක් බවත් මව්බිම ජනතා පක්ෂය ගෙන එන්නේ උපායමාර්ගික වැඩපිළිවෙළක් මිස ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවන බවය.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඊයේ (10 වැනිදා) පැවැති ‘ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා’ මැයෙන් පැවැති රැස්වීම අතරතුරදීය.

 

සෑම පුරවැසියකුටම කේත අංකය නිකුත් කළ දවසට ශ්‍රී ලංකාවේ දූෂණය නවතින බවත් එය ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර කළ යුතුම දෙයක් බවත් හෙතෙම එහිදී කීවේය.

 

‘‘මම අකමැතිම දේ දේශපාලනය. හැබැයි මට එන්න වුණා. කුඩා කල සිටම අපි දැක්කා මේ දේශපාලනය තමයි අපේ ජීවිතය මෙහෙයවන්නේ කියලා. අපි උත්සහා කළා විවිධ විදියට මේ රටේ අනාගතය වෙනස් කරගන්න. අපි විවිධ පක්ෂ හා කණ්ඩායම්වලට උදව් කළා. නමුත්, අපි කරපු ඒ කැපකිරීම්වලට ලැබුණේ මඩ. ඇගයීම් නොවේ. අපි දීර්ඝ ගමනක් ආවා. තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා’’

 

‘‘පෙට්ටි කඩේ රොටි කාපු දිලිත් තමා තවම ඉන්නේ. ටික්ටොක් එකට රඟපාන දිලිත් නොවේ. අපි දීර්ඝ ගමනක් ආවා. තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මම පෞද්ගලිකව විශාල කැපවීමක් කළා. ගොඩක් මහන්සි වුණා. සෙසු රාජපක්ෂවරුන්ගේ තියෙන දූෂිත බව ඔහු තුළ නැති නිසා මම ඔහුට උදව් කළා. ඔහු වෙනුවෙන් නිර්මාණශීලි සන්නිවේදනයක යෙදුනු පුද්ගලයෙක් මම. ඔහු ඒ පුටුවෙන් නැගිටලා යනකොට හෝ එළවනකොට ඉන් මතු වූ යථාර්ථයට මුහුණ දීමට ඔබ වෙනුවෙන් යමක් කිරීමේ වගකීමක් මට තියෙනවා. මම අකමැති දේශපාලනයට මම ආවේ ඒ හේතුව නිසයි.

 

මේ රට ඉදිරියට යන්න නම්, මොකක් හරි වෙනසක් වෙන්න ඕනෑ නම් ඒ වෙන්න ඕනෑ වෙනස තමයි අර පරණ දේ නොවන පරිසරයක් නිර්මාණය කරගැනීම. වෙන විසඳුමක් නැහැ. අපි ජනතාව ධනාත්මක කරගන්න ඕනෑ. මොකද රටක් කියන්නේ අජීවී සම්පත් සජීවී කරගන්න හැකියාව තිබෙන මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කරගත් සමාජ එකතුවක්. මිනිසුන් මෝටිවේට් වෙන්නේ නැතුව කොච්චර සම්පත් තිබුණත් ඒ සම්පත්වලින් වැඩක් නැහැ. අපි ඍණාත්මක දේවල්වලට ගිහින් තියෙන්නේ. මේ සඳහා අපිට දේශපාලකයන් මග පෙන්වලා තියෙනවා. අපි ඔක්කොම හිතන්න පටන් අරන් තියෙනවා ඍණාත්මකව. අද මේ ඍණාත්මක ශ්‍රී ලංකාවේ උපරිමයට ඇවිල්ලා ජනතාව හිතනවා අපි මුන්ට හරි ඡන්දය දෙනවා කෙලවෙලා යන්න හරි කියලා. ඒකට වගකිව යුතු පුද්ගලයන් ඕනෑ තරම් ඉන්න පුළුවන්. හැබැයි එය විසඳුම නොවේ. අපි මේ රටට ආදරෙයි.

 

මේ රට වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම අපි කරනවා. අද ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ටික එකට එකතුවෙලා තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ ලංකාවේ වඩාත්ම දූෂිත පාලනය සිදුවෙන්නේ දැන්. ඔක්කොම යාළුවෝ මල්ලි. අද ලංකාවේ විරුද්ධ පක්ෂයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා යම් යම් තීන්දු තීරණ අර ගනිමින් සාම්ප්‍රදායක කතාන්දරය ඇතුළෙම මේක විසඳගන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණේ ඔහුගේ සහෝදරයා බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බෑණාට ඔහු ගෙදර යවන්න අවශ්‍ය වූ නිසයි. අරගලය වෙන කතාවක්. මට එහෙම සහෝදරයන් නැති නිසා මට ඒ ගැටලුව එන්නේ නැහැ. ඔබ මා ජනාධිපති කළොත් අපි නව පාර්ලිමේන්තුවක් ඇති කර ගත යුතුමයි. අපි ලබන 27 වැනිදා ඉදිරිපත් කරනවා දින වකවානු සහිත උපායමාර්ගික වැඩපිළිවෙළක්. එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ. ලංකාවේ මෙතෙක් කල් තිබුණේ ප්‍රතිපත්ති ප්‍රකාශ. ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නේ නොකෙරෙන විදිය පොතක සටහන් කිරීමයි.

 

සාම්ප්‍රදායක දේශපාලනයේ කරන ලද සමහර දේවල් අපිටත් කරන්න වෙයි අපේ උතුම් අරමුණ ඉටු කරගැනීම සඳහා. මම දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 193 දෙනකු සමග සාකච්ඡා කළා. ඔවුන්ගෙන් බහුතරයක් එල්.ටී.ටී.ඊ. එකෙන් ටිකට් එක ලැබුණත් ඡන්දය ඉල්ලනවා දිනන්න පුළුවන් නම්. කිසිම ප්‍රතිපත්තියක්, දේශපාලනයක් නැහැ. ඉන් 53ක් තෝරා ගත්තා. ඔවුන් අදූෂිතයි.

 

අපිට දිනන්න අවශ්‍යයි සතුටු දැයක් සඳහා. ඒ සඳහා අවම කොන්දේසි යටතේ විවිධ චෝදනා ඇති එහෙත්, අපිට කළමනාකරණය කර ගත හැකි බව විශ්වාස කරන ඒ වගේම සමස්තය තුළ ඒ චෝදනාවලට සාපේක්ෂව අඩු වගකීමක් පැවරෙනවා යැයි සිතන ප්‍රායෝගික දේශපාලන තීන්දු අරගන්න සිදුවෙනවා. නමුත්, මේක සාම්ප්‍රදායක සන්ධානයකුත් නොවේ. මේක එකමුතුවක්. අපිට ඕනෑ වුණා අපි විශ්වාස කරන ජාතිකත්ව දේශපාලන කොටස් එකතු කරගෙන ජයග්‍රහණය කරා යා හැකි අය සමග ගමනක් යන්න.’’

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි