SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

*එජාප මහලේකම් ජනමත විචාරණයකින් මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක් ගෙන ආවේය.

 

*රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශ මහජන සහ දේශපාලන ප්‍රතික්‍රියාව මැන බැලීම සඳහා මුට්ටිය දමා බැලීමක් බවට අනුමාන!

 

*පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව ජනාධිපති ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කරයිද යන්න පිළිබඳ ගැන විමසිල්ලෙන්!

 

ජනාධිපතිවරණය නියමිත පරිදි අදාළ කාලයේ පවත්වන බවට ප්‍රකාශ කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ දරනු ඇතැයි දේශපාලන කවයන් තුළ සාකච්ඡාවට ලක්ව ඇත.

 

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මීට පෙර කියා සිටියේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවයි.

 

එය ප්‍රකාශය ගැන යූඇන්පී ය  තුළ මෙන්ම පිටත ද  කෝපයට පත් ප්‍රතිචාරයක් ඇති කළේය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් යුහුසුළු වූයේ මැතිවරණය නියමිත වේලාවට පැවැත්විය යුතු බව ප්‍රකාශ කිරීමට ය. නියමිත වේලාවට මැතිවරණය පැවැත්වීම සඳහා විරුද්ධ පක්ෂ ද එකී විරෝධතාවට එක් විය.

 

කෙසේ වෙතත්, රංගේ බණ්ඩාර එවැනි ප්‍රකාශයක් නොකළ බවට දේශපාලන කවයන් තුළ තවමත් අනුමානයක් පවතී. මහලේකම්වරයා එසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් සඳහා මුට්ටිය දමා පරීක්ෂා කිරීමට පමණක් බව ඇතැම් දේශපාලනඥයන්ට වැටහී ඇත.

 

වත්මන් ජනාධිපති ධුර කාලය තුනෙන් දෙකේ බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරයිද යන්න මෙකී දේශපාලන කවයන්හි අවධානයට ලක්ව ඇත. මෙහිදී මතු වූ තර්කය වන්නේ යහපාලන ආණ්ඩුව පැවති කාලයේ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ වසර හයක ධුර කාලය වසර පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයක් පවත්වා ජනතා අනුමැතියකින් තොරව බව ය.

 

වසර හයකින් ඔබ්බට කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, එබැවින් දැනට පවතින පස් අවුරුදු සීමාව ජනමත විචාරණයකින් තොරව තවත් වසරකින් දීර්ඝ කළ හැකි බවටත් දේශපාලන විචාරකයින් තර්ක කරයි.

 

නම හෙළි නොකළ දේශපාලන නායකයෙකු ජාතික පුවත්පතක් හා පවසා තිබුණේ  මැතිවරණ කල් දැමීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හැකි බවය.

 

(ඩේලි මිරර් ඇසුරෙනි)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි