SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

...වසරකින්  ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගන්නට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක එකඟතාවක් අවශ්‍ය වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකඟ කරවා ගැනීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවත් නිසා තීරු බදු රහිත  වාහන බලපත්‍ර තවත් එක් උපක්‍රමයක් යැයි...

 

සුගලා දේවී මේ දවස්වල කවුන්සිලයේ  සිද්ද වෙන්නෙ මොකක්දැයි බලමින් පත්තරයට එබී උන්නාය.

 

“ආයුබෝවන් සුගලා දේවී.. මේ උදැහැනැක්කෙම කොළඹ රටේ තොරතුරු කියවනව වගේ..”

 

කිරි බණ්ඩේ රුහුණේ සුගලාවන්ගෙ මන්දිරයට ගොඩ උනේ මී කිරි හට්ටි කදකුත් බැඳගෙනය.

 

“හප්පේ කිරි බණ්ඩෙ දැකපු කල්..

මේ හොඳ මීකිරි නේ බණ්ඩෙ?

 

ඒ මොකෝ දේවී හොඳ මීකිරිද ඇහැව්වෙ? මී කිරි මී කිරිමනේ ඉතිං. මේ අපේ කුළුඳුලේම මී  වැස්සියෙක්ගෙ  කිරි ටික මුදවගෙන ආවෙ දේවී..

 

නෑ කිරි බණ්ඩෙ අපේ මිනිස්සු තරඟෙ පටන්ගත්තෙ කන  බොන ඔක්කොම වස විස කොරල නොවැ?

දැන් කිරි හට්ටියත් කල් තියාගන්න කියල කොයිතරම් විස කන කිරි එකටත් එකතු කොරනවද මේ කාලෙ කිරි බණ්ඩෙ.. බණ්ඩෙ දන්නවයැ දැන් මේ අපේ ගං පළාත්වලත් ඔිකට රබර් ඇසිඩ් දානවලුනේ නේ කල් තියාගන්න.. රබර් ඇසිඩ් කියන්නෙ අර ඇසිටික් ඇසිඩ් කියන ඒවලුනේ..ඒක දැම්මම කිරි හටිටියක් දවස් දෙකක් යද්දි උඩින් හැදෙන පුස් එක එන්නෙ නැතිව අඟල් කාලක විතර ඝන රබර් පොත්තක් වගේ එකක් හැදෙනවා. ඉතිං පුස් බැඳිල නැති නිසා අලුත් ඒවය කියල මිනිස්සු ඔිව ගෙනිහින් කනව...අන්තිමේ වහ කන්නෙ.

 

ඒක හැබැයි මිනිස්සුත් උන්දැලගේ ලාබ ගන්න තියෙන අසීමිත කෑදරකම් වෙනුවෙන් පරිභෝජනයටත් වහ දාගෙන නොවෑ..

දේවි ..මොකෝ  ඉතිං කොළඹ රටේ වෙනවයැ කියන්නෙ?

 

මම මේ කියෝන ගමන් උන්නෙ කිරි බණ්ඩෙ ඔන්න මේ අව් අස්සෙ ආයෙමත් අර දියවන්නා  කවුන්සිලේ මැති ඇමතිලාට තීරු බද් නැති වාහන පෝමිට් දෙනවලුනේ...

ආරංචිය නම් තියෙන්නෙ ඒ වාහන පෝමිට් එක කෝටි අටකට නමයකට විකුණගන්න පුළුවන් කියලයි.

ඔය එලෝගත්ත කියල කොල්ලො කෙල්ලො විසිල් ගහන ගෝඨාභය උන්නැහේ අපරාදෙ කියන්න බෑ කව්රු ඉල්ලුවත් වාහන ආනයනය නවත්තපු එක අයින් කොරේ නෑ..

 

ඉතිං දේවී මොකෝ මේ රනිල් උන්නැහේ ඒක කොරන්නේ?

 

වෙන මොනවද ඉතිං තවත් අව්රුද්දක් හරි හම්බවෙච්ච බලයෙ එල්ලිලා ඉන්න නොවැ බණ්ඩෙ..

 

ඒ කියන්නෙ දේවී?

 

ඒ කියන්නෙ කිරි බණ්ඩේ ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනෙන් ලොකු තැනගෙ ධූර කාලය අඩු කොරා නොවැ අව්රුදු පහකට. මේ අල්ලපනැල්ලේ රනිල් උන්නැහේ හදන්නෙ ඒක හයකට ආයෙ දික්කොරගෙන ඒ කාලය අතරතුරේ සජිත් උන්නැහේටත් වැඩක් දීල අර රතු කොලු පැටවු දැන් නැගල ඉන්න එක බස්සවන්නලු නේ.

 

ඒ කොහොමද? ඒක කොරන්නෙ බෑනේ සුගලා දේවී..

 

බැරි මොනවද බණ්ඩෙ. රනිල් උන්නැහේගෙ මාමණ්ඩිත් කොරන්න බැරි කීයක් නම් කොලාද? මතකනේ අර ලාම්පු කළගෙඩි සෙල්ලම. ඒත් උන්දැට වගේ නෙවෙයි  රනිල් උන්නැහේට මොක උනත් එයාගෙ පක්සෙ ඉන්නෙ අමු කම්මැලියො ටිකක්නේ. ඒ උන්දැල බලන්නෙ තමුන්ගෙ පුටුවයි තනතුරයි ආරක්සා කොරගන්න විතරයි. අනික තමුන්ගෙ මඩිය තර කොර ගන්න. මහන්සිවෙලා වැඩ කොරාන පක්සෙ සංවර්ධනය කොරාන කව්ද ඉන්නෙ? අර රවී උන්නැහේනම් ටිකක් විතර දඟලනව. එයාටත් ඉතිං මහබැංකු සිද්ධියෙන් නිදොස් කොට නිදහස් උනත් ජනතා අපවාදයෙන් ගැලවෙන්න බැහැ නොවැ..පුළුවන් උනත් ඒත් උන්නැහේට කෝ ඒකට බලයක්. බොරු තනතුරු අලුතෙන් හදල දුන්නට රැවටෙන්නයෑ?

 

හනේ හපොයි ඒත් මට නම් තේරෙන්නෙ නෑ දේවී ඒක කොහොම කොරන්නද කියල..

 

මෙහෙමනේ බණ්ඩෙ.. දැන් ඔය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මුතියකින් නොවැ අවුරුදු හය පහ කොලෙත්. ජනමත විචාරන්න ගියේ නැහැ නොවැ. ඉතිං මෙදා පාරත් ඔය කට්ටියක් කැමති කොරගන්න දොළ පිදේනි ටිකක් දීල වැඩේ කොරගන්න නොවැ හිතාන ඉන්නෙ.

කවුන්සිලේ ඉන්නෙත් සල්ලියි බලයයි වෙනුවෙන් ඔින දෙයක් කොරන්න ලැහැස්ති පෘතග්ජනයො ටිකක් නොවැ..

 

රනිල් උන්නැහේට ඔය වැඩේ කොරගන්න පුළුවන්ද දේවී?

 

ඒක ලේසි නෑ කිරි බණ්ඩෙ. නීතිපති ගේ සේවා  කාලය තවත්  අව්රුද්දකින් දීර්ඝ කොරන්න ගත්ත තීරයත් ඔන්න අකුලගනිමින් ඉන්නවලු. ඊයේ දවසෙ ඔක්කොම ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවා කාලය දීර්ඝ කොරාලුනේ ජනපති හටන ඉවරවෙනකල් කියලා. මේව ඔක්කොම ඉතිං ඔක්කොම බලය ආරක්සා කොරගන්න ගහන දහං ගැට නොවැ..

 

මට නං තේරෙන්නෙ සුගලා බිසෝ රනිල් උන්නැහෙගෙ පලෑන වෙන්නෙ කොහොමින් කොහොම හරි තව අව්රුද්දකට කල් අල්ලගෙන මුලින් මහ මැතිවරණයක් කැඳවල ඒකෙ අගමැති අපේක්සකකමට සජිත් උන්නැහේට සහයෝගෙ දීල කට්ටියම එකතු වෙලා ජනාධිපති තරඟෙට මුහුණ දෙන්න වෙන්නැති කියලයි.

ඔය සජිත් උන්නැහෙගෙ ජනපති හීනෙ අගමැති කමෙන් සනසවන්න ඇහැක් වෙයි කියල හිතනවත් ඇත.

මේ වෙලාවෙ ලොකුම පුරස්නය අර රතු උන්නැහෙල නේ කට්ටියටම..

ඉතිං ඒක වෙනුවෙන් ඔක්කොම ටික එකට එකතු වේවි. අන්තිමේ රනිල් උන්නැහේ තමයි ඉතිං පොදු අපේක්සකයා වෙන්නේ..

 

ඒ මොනව උනත් දහං ගැට දාන්න පුළුවන් සීමාවකුත් තියෙනව කිරි බණ්ඩෙ..

ඔන්න ඔය කුස්සිය පැත්තට ඔය කිරි හට්ටි ටික ගෙනිහින් දුන්නනම් කිරි බණ්ඩෙ.. මට පාන්දරම මී කිරි ටිකක් කිතුල් පැනි ටිකක් දාල රහ බලන්න..

 

හොඳමයි දේවී..මමත් අලුත් කිතුල් පැණි ටිකක් කාලෙකින් රහ බැලුවෙ නැහැනොවැ..

 

#Sugalage satahana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි