SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිවහල් බිමක් - සුවපත් ‍රටක් - දූෂණයෙන් තොර හෙටක් සඳහා වූ තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ මහනුවර ක්‍රියාකාරී හමුව

ඊයේ (08) පස්වරුවේ මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්විනි.

 

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සන්ධානගතවීම වෙනුවට පරිසරය සුරකින, රට නංවන, ජන ජීවිතය යහපත් කරවන පුළුල් වැඩපිළිවෙළක් සඳහා වූ ජනතා බලයක් ගොඩනැගීම උදෙසාවන කතිකාවක් ඇතිකිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.

 

a t 3

 

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසුවේ තිරසර ලංකා ජාතික ව්‍යාපාරය යනු සැබෑ ජනතා අවශ්‍යතාවය හඳුනාගත් , රටේ ගමන්මග හඳුනාගත් අප රටේ සබුද්ධික ජනතාවගේ පුළුල්ම පෙරමුණ බවය. එසේම එය පාලකයා වෙත බලපෑම් කරන ප්‍රභලම සංවිධානය බවට වර්ධනය කිරීම අපේක්ෂා කරන  බවත්  එවැනි බලවේගයක ජාතික අවශ්‍යතාවය සපුරාලීමේ වගකීම වෙත උරදෙන බවත් රතන හිමියන් වැඩිදුරටත් පැවසූහ.

 

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසා ඇත්තේ හුදු ප්‍රදර්ශනාත්මක 2048 සංවර්ධන ඉලක්ක වෙනුවට හෙට දවසේ ජනතාව ගොඩනගන වැඩපිළිවෙළ වෙනුවෙන් අප සියළුදෙනා පෙලගැසිය යුතු බවත් වඩාත් යහපත් සංවර්ධන ක්‍රමෝපායන් වෙනුවෙන් සූදානම් විය යුතු බවත් ය.

 

a t 2

 

එසේම ආචාර්ය ඉන්දික ඉහළගෙදර  ඇතුළු රැසක් අදහස් දැක්වූ අතර හුදු චරිත වටා පෙලගැසුනු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවට ප්‍රතිපත්තීමය අවශ්‍යතා මත ගොඩ නැගෙන ජනතාවාදී දේශපාලන වැඩසටහනක අවශ්‍යතාවය පිළිබඳව එහිදී අවධාරණය කෙරිනි .

 

සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවක සිට සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී රටක් ලෙසත් , පුරවැසියන් ලෙසත් අපගේ මූලික වගකීම විය යුත්තේ එම සංවර්ධන දිශානතිය නිසියාකාරයෙන් කලමණාකරනය කිරීම බව සහ එම කළමනාකරණ කාර්‍යය වෙනුවෙන් පාලකයා මෙහෙයවීම සඳහා අවශ්‍ය බලවේගයක් නොමැතිවීම තුල රටට වත්මන් ඉරණම අත්වී තිබෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ජනතා හඬ වෙනුවෙන් පාලකයා මෙහෙයවන බලවේගය තැනීමේ වගකීම තිරසර ලංකා ජාතික ව්‍යාපාරය විසින් භාරගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරිනි.

 

තවද ජනතාවාදී දේශපාලනය සඳහා කැමත්තක් දක්වන, දූෂණය පිටු දකින සහ ජනතාවට වග වෙන දේශපාලනයක නිරතවීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හෝ දේශපාලන සංවිධානයකට තිරසර ලංකා ජාතික ව්‍යාපාරය තුල දොරටු විවරව පවතින බවත් ජනතාව මූලික කරගත් දේශපාලනයක් වෙනුවෙන් තිරසර ලංකා ජාතික ව්‍යාපාරය සමග අත්වැල් බැඳගන්නා ලෙසත් සමස්ත ජනතාව වෙත එහිදී ආරාධනය කෙරිනි.

 

a t 4

 

@තිරසර ලංකා ජාතික ව්‍යාපාරය - මාධ්‍ය ඒකකය  

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි