SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එල්ටීටීඊ නිර්මාතෘ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරා වන වේළුපිල්ලේ මනෝහරන් දෙමළ ඩයස්පෝරාව ඉලක්ක කරගත් වංචාවක් හෙළා දැක ඇත.

එනම්, ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඩයස්පෝරාවේ සිටින පිරිසක් විසින්  පුද්ගලයින් රවටා ඇති බවට ඔහු චෝදනා කරයි.

 prabha 13

 

"මගේ සහෝදරයා ප්‍රභාකරන් සහ ඔහුගේ මුළු පවුලම දිවි පිදූවා. මේ සත්‍ය පිළිගැනීම ඉතා වැදගත්. මගේ සහෝදරයාගේ පවුලේ අය ලෙස පෙනී සිටින මේ වංචනිකයින්ට නොරැවටෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් ඔබේ හැඟීම් හසුරුවමින් ඔවුන්ගේම වාසිය වෙනුවෙන් මගේ සහෝදරයාගේ උරුමය ගසාකනවා.,"

 

මනෝහරන් විසින් මෙවැනි වංචනික ක්‍රමවලට ගොදුරු වීමට එරෙහිව අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත.

මනෝහරන් යාපනය මොනිටර් සඟරාවේ අලුත්ම කලාපයට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ සමහර සාමාජිකයන් තවමත් ජීවතුන් අතර සිටින බව පවසමින් දෙමළ ඩයස්පෝරාවේ කොටසක් නොහඳුනන දෙමළ ජනතාවගෙන් මුදල් වංචා කිරීම විශාල වංචාවක් බව ප්‍රකාශ කරමිනි.

යාපනයේ මොනිටර් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව එම්.ආර්.නාරායන් ස්වාමි විසින් Thefederal.com සඳහා උපුටා දක්වා ඇත.

 

prabha 12

 

ඩෙන්මාර්කයේ වෙසෙන මනෝහරන් මීට සති දෙකට පෙර සඟරාවට පවසා ඇත්තේ,

 

“ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස, මෙම විකාර කතාවන් අවසන් කිරීම මගේ වගකීමක් . ඊට අමතරව, මගේ සහෝදරයා ජීවතුන් අතර සිටින බවත් විදේශයක ජීවත් වන බවටත් අසත්‍ය කටකතා පැතිරිලා තියෙනවා."

 

පසුගිය මාස කිහිපය තුළ බටහිර රටක වෙසෙන දෙමළ තරුණියක්ව ප්‍රභාකරන්ගේ දියණිය තවරාගා (ද්වාරකා) යැයි රවටා බොරුවක් ප්‍රකාශ කර ඩයස්පෝරාව ඩොලර් මිලියන ගණනක් උපයාගෙන ඇති බව  මනෝහරන් පැවසීය.

 

“ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සිදු වූ දේ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට මට වගකීමක් තිබෙනවා. අපි කතා නොකරන්නේ නම්, මෙම ව්‍යාජ කතාන්දර  ආධිපත්‍යය දරනු ඇති අතර, සෑම කෙනෙකුම මෙම විකාර විශ්වාස කරනු ඇත, ” ඔහු පැවසීය.

 

praba 11

 

මනෝහරන් ප්‍රභාකරන්  1975 දී සදහටම ශ්‍රී ලංකාව හැර ගිය අයෙකි.

මනෝහරන් යාපනය මොනිටර් සඟරාවට පවසා ඇත්තේ තමා 2008 අවසානය දක්වා ප්‍රභාකරන් සමඟ නිතර දුරකථනයෙන් කතා කළ බවත්, 2009 මැයි මාසයේදී ඔහු මරා දැමීමට මාස කිහිපයකට පෙර අවසන් වරට කතා කළ බවත් ය.

අවසන් සංවාද සිහිපත් කරමින් මනෝහරන් මෙසේ පැවසීය:

“ඔහු (ප්‍රභාකරන්) ) තත්වය බරපතල  වෙමින් පවතින බවත් අපගේ දෙමාපියන් ඔහු සමඟ සිටි බැවින් ඒ සඳහා උපදෙස් ඉල්ලා සිටි බවත්” ය.

 

එල්ටීටීඊයේ යුද්ධය අවසන් වීමට ආසන්න බව ප්‍රභාකරන් කවදා හෝ පිළිගත්තේ දැයි ඇසූ විට මනෝහරන් පිළිතුරු දී ඇත්තේ: “නැහැ, ඔහු එසේ කළේ නැහැ. ඔවුන් දිගටම සටන් කරන බව ඔහු පැවසූ නමුත් ගැටලු අතිමහත් බව පිළිගත්ත”.

 

මනෝහරන් විසින් ප්‍රභාකරන්ගේ පවුල අරබයා මුදල් වංචා කිරීම සඳහා ප්‍රකට දෙමළ ඩයස්පෝරා සංවිධාන දෙකකට සහ බටහිර ප්‍රදේශයේ වෙසෙන ඇතැම් දෙමළ ජාතිකයන්ට චෝදනා කළේය.

 

 “මෙම පුද්ගලයන් සහ සංවිධාන විසින් මිනිසුන් රැවටීම සඳහා සංකීර්ණ ජාලයක් සංවිධානය කර ඇත. ප්‍රභාකරන්ගේ දියණිය වන තුවරාග තවමත් ජීවතුන් අතර සිටින බවට බොරු ප්‍රකාශ කරමින් ඔවුන් දෙමළ ඩයස්පෝරාවේ හැඟීම් සහ මූල්‍යමය ආධාර ගසාකයි. මෙම ප්‍රකාශයන් මගින් ප්‍රභාකරන්ගේ පවුලට සහ දෙමළ ප්‍රශ්නයට උදව් කරන බව විශ්වාස කරන හොඳ හිතැති ආධාරකරුවන්ගෙන් අරමුදල් ලබා ගැනීමට යොදා ගනී.

 

“ඒ සියල්ල පහසුවෙන් උපයාගත හැකි මුදල් වෙනුවෙනි. තවරාග ජීවමානයි කියා බොරු ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ නොකර හෝ සැලකිය යුතු දෙයක් නොකර ඩොලර් මිලියන ගණනක් උපයා ගත හැකියි”.

 

මනෝහරන් මෙම වංචාවට සම්බන්ධ එක් අයෙකු ශ්‍රීතරන් ලෙස නම් කර ඇති අතර, ඔහු 2004 දී ශ්‍රී ලංකාවේ යැයි පවසමින් වෙනත් පුද්ගලයෙකු විසින්  රැගෙන විත් ඔහුට උදව් කළ යුතු බව කී බවත් ඔහු පැවසීය.

 

“මම ඔහුට ක්‍රෝනර් 25,000ක් දුන්නත් පසුව දැනගත්තා ඒ පුද්ගලයා ඇත්තටම දෙමළ ඊළාම් නෙවෙයි ඉතාලියේ කියලා. මම මේ ගැන මගේ සහෝදර ප්‍රභාකරන්ට පවා දැනුම් දුන්නා.”

 

තවදුරටත් තම පවුලේ සබඳතා ගැන මනෝහරන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ විට තම දෙමාපියන් හමුදාවට අයත් ප්‍රදේශයට ගිය පසු ඔවුන් සමඟ ඔහුට සබඳතා නැති වූ බවයි.

 

“අපි විවිධ දෙමළ ජාතිකවාදී මන්ත්‍රීවරුන් වෙත ළඟා වූ නමුත් ඔවුන් අපට උදව් කළේ නැහැ. මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපේ දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වක්‍රව මුදල් ඉල්ලා සිටියා.” මනෝහරන් මන්ත්‍රීවරුන් කිසිවකුගේ නම් කීම ප්‍රතික්‍ෂේප කළේ “ඔවුන් තවමත් පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ආසනවල වාඩි වී සිටින” බව පවසමිනි.

 

“යමෙකුට ප්‍රභාකරන්ගේ මතකයට සැබවින්ම ගරු කිරීමට අවශ්‍ය නම්, “ශ්‍රී ලංකාවේ සිටින අපගේ ජනතාවට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. යුද්ධයෙන් විපතට පත් බොහෝ දෙමළ ජනතාව තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර දෛනික අරගලවලට මුහුණ දෙති. මෙම යුද්ධයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා ඔබගේ උත්සාහයන් සහ සම්පත් යොමු කරන්න. අපේ දෙමළ ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීම සහ පීඩාවට පත් වූවන් තවදුරටත් දුෂ්කරතා මැද ජීවත් නොවීමට වගබලා ගැනීම මගේ සහෝදරයාගේ උරුමය ජීවත් කරවීමට ඇති හොඳම ක්‍රමයයි.”

 

@ඩේලිමිරර් වාර්තාවක් ඇසුරිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි