SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අගමැති නරේන්ද්‍ර මෝදි බදාදා අමාත්‍ය මණ්ඩලය සමඟ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ද්‍රෞපදි මුර්මු වෙත භාර දුන්නේය.

"ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර නව රජය බලයට පත් වන තුරු දිගටම කටයුතු කරන ලෙස ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ අමාත්‍ය මණ්ඩලයෙන් සුපුරුදු පරිදි ඉල්ලා සිටි බවත්," මාධ්‍ය වාර්තා හි දක්වා ඇත. 

 

ජුනි 8 සවස වනවිට මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් ව තිබූ අතර අඛණ්ඩව තෙවැනි වරටත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බව ඉන්දියා ටුඩේ පවසයි.

 

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය  ආසන 292 ක් දිනා ගනිමින් බහුතරයේ සංඛ්‍යාව පසුකර ගිය නමුත් බලාපොරොත්තු වූ පරිදි  භාරතීය ජනතා පක්ෂයට තනිවම පාලනය ගෙන යෑ හැකි බහුතරයක් නොලැබුණි. කෙසේ වුවත් එන්ඩීඒ ආණ්ඩුව පිහිටුවුවහොත්, හිටපු අගමැති ජවහර්ලාල් නේරුට පසුව තුන්වන වරටත් බලය රඳවා ගන්නා දෙවන නායකයා බවට මෝදි පත් වනු ඇත.

 

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (එන්ඩීඒ) ඉහළ නායකයින් ඊයේ(05)  සවස රැස්වූ අතර එයට හේතුව වී තිබුණේ ලෝක් සභා මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීමට සහ ආණ්ඩුව  පිහිටුවීමේ තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

 

JD (U) ප්‍රධානී සහ බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් සහ මීළඟ ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමතිවරයා වීමට නියමිත TPD සභාපති එන් චන්ද්‍රබාබු නායිදු, භාරතීය ජනතා පක්ෂයේ සහ එහි අනෙකුත් සහචරයින්ගේ ඉහළ නායකයින් ද රැස්වීමට සහභාගී වී ඇත.

 

ඔවුන් වාර්තාගත ලෙස තුන්වන වරටත් නායකත්වයට පත්වන අගමැති නරේන්ද්‍ර මෝදිට සුබ පතා ඇති අතර, වෙනස් ප්‍රතිපත්ති සහ සංයුතියෙන් වෙනස් වීමට ඉඩ ඇති නව රජය පිළිබඳ තොරතුරු මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ සගයන් සමඟ සාකච්ඡා කිරීමද අරමුණු කොට ගෙන තිබුණි.

 

මන්ත්‍රීවරුන් 543 කින් යුත් ලෝක් සභාවේ NDA බහුතර සංඛ්‍යාව 272 ට වඩා ඉහළට ගොස් තිබූවද, BJP 2014 න් පසු ප්‍රථම වතාවට බලාපොරොත්තු වූවාටත් වඩා පහත වැටී ඇති අතර එනිසාම  ආන්ඩු පිහිටුවීම සඳහා එහි සගයින්ගේ උපකාර මත රඳා පවතී.

 

TDP, JD(U), මහාරාෂ්ට්‍ර CM Eknath Shinde-ප්‍රමුඛ ශිවසේනා සහ Chirag Paswan- නායකත්වය දරන LJP (Ram Vilas) පිළිවෙලින් ආසන 16, 12, 7, සහ 5 ක් දිනාගෙන ඇති අතර ආන්ඩු පිහිටුවීමේ දී ඔවුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

 

මෝදිගේ රාජාභිෂේකයට ජනපති රනිලුත් යයි

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන බවත්  ඔහුට  ඒ සඳහා  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.

 

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කර තිබුණි.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි