SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික නිදහස් පෙරමුණ නම් දෙශපාලන පක්ෂයක් අටවා ගන්නා විමලසිරි ගම්ලත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේඛම්  ලෙස,

පසු කළෙක පාපොච්චාරණය කරන්නේ සීගිරිය ද තරණය නොකොට කාළය ශ්‍රමය කැපකොට තම දිවිය කැපකොට පෝෂණය කළ පක්ෂයෙන් වූ අකටයුතු කම් හා එහි අදේශපාලනික බව නිසා  රටට ලොවට හඬාවැටෙමින් ප්‍රකාශ කරමින් ඊට සමාව භජනය කරමිනි.

 

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සිටිනවිට “පුලන්නකුගේ” ජීවිකාව ගතකොට මාවරමංඬියෙන් ගමන් ඇරඹු විමල් දේශපාලන කරණම, මැදමුලන රාජපක්ෂ වලව්වේ පිලිකන්න පැත්තට ගැසීම සමග ප්‍රකෝටිපති තත්වයට පත්වන්නේ හරි හම්බකරගත් මුදල් ගැනහෝ කෙසේ ගලා ආවාද යන්න හෝ සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීමට නොහැකි තත්වයකට මුහුණ දෙමිනි. එහෙත් ඊට වාසිසහගත ලෙස ඔහු සට්ටැඹි කම්කළ ඊනියා චෞර රාජපක්ෂ වලල්ලේ ආරක්ෂාව ඔහුට හිමිව තිබුණි, තවමත් එය එසේය.

 

රාජපක්ෂ රෙජිමය විමල් ගේ මුඛරි බවට ගෙවූ අල්ලසට, විමල් අතිශෝක්තියෙන් කඩේ ගියා ද..?

WhatsApp Image 2024 06 03 at 03.41.054

 

කරණමෙන් පසු විමල්, රාජපක්ෂ ජුන්ටාව ඔසවා තබන්න තම දේශපාලන මුඛරිබව  ගණිකා සේවයේ යෙදවූ බවට කප්පරක් අටුවා ටීකා මේවන විට උදාහරණ සහිතව ඉදිරිපත් කළ හැක. ඉන් වඩාත්ම තුච්ච නින්දිත ක්‍රියාව නම්, සිදුකළ වංචා දූෂණ අවභාවිතා තවදුරටත් යටපත් කරමින් 2019 යේ නිසිලෙස තම දිත්ව පුරවැසි භාවය හෝ ඉවත් නොකරගත් අමෙරිකානු පුරවැසි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලාංකේය ජාතීන් අතර වර්ග, ආගම ජාතිවාද අවුස්සා කළ අමානුෂික මෙන්ම සාහසික වූ කුමන්ත්‍රණයයි. එනම් වෛද්‍ය සාෆි ශහබ්ඩීන් මුසල්මානුවකු ලෙස ශ්‍රී ලාංකික මව්වරුන් 4000ක් වඳ කරමින් ගර්භාෂ යුද්ධයක් අරඹා ඉන් රට අණතුරේ හෙළන බව සපත කොට කළ ප්‍රකාශ කිරීමත්, ඉන් චෞර රාජපක්ෂ රෙජීමයට නැවත බලය ලභාගැනීමේ මූලික අඩිතාලම දැමීමත් ය.

 

පාස්පෝර්ට් 2යි උප්පැන්න දෙකයි, මාවරමංඬියේ පර්චස් 4න් කෝටි ගණනක මාළිගාවයි….?

dab 2

 

සමාජවාදය නිරුවත් කරමින් එය ඉතිහාසයේ පැරණිතම වෘත්තියේ යෙදවූ විමලසිරි ගම්ලත් ලා ජාතික වාදය, ජාතික ආර්තිකය වැනි අර්ත ශූන්‍ය, ලේ කෝපකළ හැකි නානාප්‍රකාර වදන් භාවිතා කරමින් සමාජයේ වෛරය වැපිරවූයේ තමන්ගේ සුඛවිහණය පිණිසම පමණි… විමල්ලාගේ එකකුස උපන් සොයුරන් පවා එදා සිටම රාජ්‍ය දේපල අවභාවිතාකළ වුන්වෙති… මක්නිසාදයත් හොරෙන් විදුලිය ලබාගෙන හසුවීම රටට හෙළිදරව් කලේ සිරස මාධ්‍ය හරහාය… පෙඩ්‍රික් එංගල්ස්ලා… කාල් මාර්ක්ස්ලා විකුණමින්, සොභාදහමේ දෛලෙක්තික භෞතික වාදයන් පවා අමු අමුවේ තම වාසියට පැරණිතම වෘත්තියේ යෙදවූ විමල්ලා ට ඇති දූෂණ චෝදනා කප්පරකි… නිවාස ඇමතිව සිටියදී ඟාතීන්ට සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ලභාදීම් ගැන අද මහජනයාටද අමතකය…

 

සට්ටැඹි කම් මජරෙට කළ හෙයින් විමල් කළෙක මහින්දගේ ලොකුපුතා බවට නාමල් ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මතක ද?

 

රටක් අඝාධයකට ඇද දැමූ චෞර රාජපක්ෂලාට විමල්ලා වගේ “මවුත් ඕගන්” ආටි මල්ටි බැරල් වලට වඩා බර අවි වූයේ, කප්ප්රක් අසූචි නාස් පුඩු හැරගෙන අපූරුවට අනුභව කරමින් “ අපෝ රාජපක්ෂලා ගේ අසූචිත් පුදුම පුසුඹක්” ලෙසින් සමාජගත කිරීම නිසාය…  බිරිඳට උප්පැන්න කීයක් තිබුනත්, ගුවන් ගමන් බලපත්‍ර කීයක් තිබුනත්, රටේ නීතිය නවන්න පුළුවන් චෞරයෝ වෙනුවෙන් විමල් අමු නිර්වස්ත්‍රයෙන් කඩේ ගියේ ඔහුගේත් පටු පවිටු අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමට තිබූ ආසාව නිසාවෙනි…

 

WhatsApp Image 2024 06 03 at 03.41.05

 

ගිරිය පුප්පා බටහිර  ප්ලග් ගලවන්න ගිය, ගූගල්, කොකාකෝලා වර්ජනයට රටට ආයාචනා කළ, මෝඩි එනවිට කළු කොඩි ඔසවන්න වැනි දේශපාලන සාක්ෂරතාවක් නැති මහජනයා ඇන්දූ, විමල් වීරවංශලා අදවන විට නන්නත්තාර ව සිටී.

 

නන්නත්තාර වූ විමල් ලාට ගර්භාෂ යුද්ධය කතා අමතක වන්නේ වලේ වැල් නැතිවෙන බව දන්නා නිසාද ?

 

තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජය තුළ අවලංඟු කාසිවී ඇති තවරාගත් සමාජවාදී කල්ලි නියෝජනය කළ, විමල්ලා ජවිපේ සමයේ කළ මහා සාහසික අපරාධ මෙන්ම ඊටත් වඩා බිහිසුනු ජාතීන් අතර අසමගිය පතුරවා ඉන් දේශපාලන වාසි ලභාගැනීමේ කූට ක්‍රියාවන් සිදුකොට එසේ ක්‍රියා නොකළ බවත්, එසේ ප්‍රකාශ නොකළ බවත් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම අරුමයක් නොවනු ඇත…

 

මක්නිසාදයත් අදටත් විමලසිරි ගම්ලත් ලා සිතනුයේ ජනත බදු මුදලෙන් යපෙමින් මේ රටට කෙතරම් වින කෙටුවද, ආගම ජාතිය පටලවා, තමාට වැඩි වාසි සහිත කඳවුර වෙනුවෙන් අසම්මන්ද බොරු කියමින් පෙනී සිටීමෙන් නැවතත් වටයකින් ශ්‍රී ලාංකේය සමාජය පොළඹවා ගත හැකි බව සිතමිනි.

 

අද රට පත්ව ඇති තත්වයේ මහමොළකරුවන් වන ත්‍රාඩ විමල් ලාට තවදුරටත් මයික්‍රපෝන හෝ පන්හිඳෙන් ඉඩහසර වෙන්කරනා ජඩමාධ්‍යකරණයද ප්‍රශ්න කළ යුතුව ඇත.

 

2019 වනවිට රටේ යම්කිසි ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් වෙමින් දේශපාලන හා ආර්තික පර්වර්තනයක් වෙමින් තිබුනද ඒ සියළු තත්වයන් තම ආත්මාර්තකාමී දේශපාලන උවමනා වෙනුවෙන් පාවා දෙමින් සාහසික අපරාධයන්ට වාමාවාදීව හා ජාතිකවාදීව පෙනී සිටිමින් කළ හානිය අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් තමා කිසිදා ගර්භාෂ යුද්ධ ගැන පවසා ජාතික අසමගිය නිර්මාණය නොකලේ යැයි කීමම, අන්ත අසරණ කළ රටක රට වැසියාට කරන ඓතිහාසික අපහාසයකි… මුද්‍රිත මාධ්‍ය, සමාජ මාධ්‍ය හා රූපවාහිනී මාධ්‍ය වල සාක්ෂි සාධක ලෙස සටහන්ව ඇති හඩපට හා වීඩියෝ පට තීබියදී තමන් සිතා මතා වාසි තකා කළ වැරදි, සිදු නොකළායැයි පැව්සීනම රටේ රටඇසියා ගොනාට ඇන්දවීමය.

 

අද රට පත්ව ඇති තත්වයට ජවිපෙ හිටපු විමල්ලා හා රෙජීමයේ කැසිකිළි වැසිකිළි පිරිසිදු කළ විමල්ලා වගකිව යුතු නොවේද…?

 

ලජ්ජා නහරය පිහිටා නැති විමල්ලාට අනෙකාට හෝ ලජ්ජා නහර ඇති බව දන්නා හෙයින්, ආයෙත් වටයකින් සන්ධාන අටවා, බලය කේවල් කිරීමට කිසිඳු අයිතියක් නැත… මක්නිසාදයත් ජවිපෙ සිටින කාළයේ කළ නොපනත්කම් වසා ගැනීමට, චෞර රාජපක්ෂලාගෙන් දේශපාලන රැකවරණ ලබාගත් විමල්ලා, ආයෙත් වටයකින් ලේ හලා හෝ තම ස්වාමියන් හට බලය උරුම කරදීමට ජනතාව රවටන්නට අර අදිමින් සිටී…

 

එනිසාවෙන් සහ සුද්දෙන් ඇස් පනාපිට සාක්ෂි පවතිද්දී, හිරේ සිටිය යුතු මුඛරි සට්ටැඹි විමල්ලා ලාංකීය දේශපාලයනයෙන් චෞර රාජපක්ෂලා සේම කුණු බක්කියට දැක්කිය යුතු වන්නේ, නෛතික රාමුව හරහා සිපිරි ගෙය උරුම කර දීමෙනි… එනිසාවෙන් තවදුරටත් ඩීල් දේශපාලන තිරනාටක රඟදක්වමින් නැවත වටයකින් චෞරයන් උදෙසා බලය කේවල් කරනට අර අදිනා විමල්ලා ට ඉඩ නොතැබීමට මහජනතාව වග බලාගත යුතුය…

 

මංගල අවසාන වශයෙන් කළ ප්‍රසිද්ධ යෝජනා හෝ විමල්ලා ට සංවේදී නොවේ නම් තවදුරටත් විමල්ලා මේ රටට “දරුවාට ලෙස නොව අම්මාට ලෙස” සළකන බව පෙන්වමින් පරණ තැටියේම රොටි පුච්චනවා නිසැකය….!

 

 dab

 

අපෙන් සමුගත් රැඩිකල් දේශපාලනයේ රජුන් තැනූ මංගල සමවීර අවසාන වශයෙන් අනතුර දැක ස්වයං විවේචනද සමගින් ඉල්ලා සිටියේ මේ රටට තම දරුවාට මෙන් සළකා සැබැ දේශප්‍රේමීන් ලෙස ඇත්ත වෙනසකට එක්වන ලෙසය… එහෙත් විමල් වීරවංශලා මෙන් රාජපක්ෂ අසූචි කප්පරක් අනුභව කළ වුන් තවදුරටත් ශ්‍රී ලාංකේය මාතාව දැඩිසත්කාරයේ සිටියත් ඊට රමණය කරමින් ස්වයං වින්දනයකින් ජීවත්වන ශ්‍රී ලාංකීය දේහයේ රුහිරු උරාබොන ඩ්‍රැක්‍යුලාවන් බව හෙළිදරව් වී ඇත…

 

ලාංකේය දේශපාලන සාක්ෂරතාව යම් පරිචයකට ගෙන ඒම වෙනුවෙන් විමල් ලා වැන්නන් දේශපාලනයෙන් අතුගානට සමාජය දැනුවත් කරමු.

 

@සුමුදු මද්දුමාරච්ච් .

මිලානෝ.

ඉතාලිය.