SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සන්නාම ප්‍රචාරණ කලාවේ අග පැමිණ සිටි නිසාවෙන්දෝ  ‍කෙටිකලක් තුළ දේශපාලන පක්ෂයක නායකත්වය ගනිමින්

රට පුරා තම විෂය පථයට ගැලපෙන ලෙස ව්‍යවසායක පුහුණු සැසි පවත්වමින් ඇරැඹි දිලිත් ජයවීරගේ ප්‍රසිද්ධ දේශපාලනයේ ආගමනය නව දේශපාලන කතිකාවක් බවට නිර්මාණය වෙමින් තිබුණි.

 

ආචාර්ය නලින් ද සිල්වා ජීවිතයෙන් සමුගැනීමත් සමග සමාජයේ ඇරැඹි ජාතිකවාදී කතිකාවේ උණුසුම හා දිලිත් ජයවීර ව්‍යවසායක කතන්දරය යටපත් කරමින් සමාජය තුළ ජාතිකවාදී ප්‍රවේශයක් නැවත ගොඩනැංවීම අරමුණු කරගෙන තම දේශපාලන දිශානතිය හරවන්නට උත්සුක විය.

කෙසේ වුවද රටකට ජාතිකවාදී අදහසක්, උරුමයක් පැවතීම වරදක් නොවන අතර මේ වනවිට ලෝකයේ ලිබරල් ආකෘතිය බවට පරිවර්තන වූ බොහෝ රටවල් නැවත වරක් තම ජාතිකත්වය සහ ජාතිකවාදී නැඹුරුව සහිත ජාතික රාජ්‍යයන් බවට පරිවර්තනය වෙමින් සිටියි.

එහෙත් දිලිත් ජයවීරට  තම ජාතිකවාදී(?) උප්පැන්නයෙන් මකා දැමිය යුතු අතීත අමිහිරි ජාතිවාදී(?) කොටස් (නයි කතා/ වඳ කතා වැනි) තිබියදී ඒවා යළිත් වරක් ගොඩනැගෙන පිරිසක් හා එක්වීම පිළිබඳව ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී අශෝක ජයතුංග ගෙන එන චෝදනාව සාධාරණය.

දිලිත් වැනි ව්‍යවසායකයෙකුව හිඳ දේශපාලනය තෝරාගත් පුද්ගලයෙකුට,  දේශපාලනය තුළ ජාතිවාදී යැයි කියාගන්නා අදහස් වලින් ඇටුවම් බහින ලද, සමාජයෙන් ඉවතට තල්ලු කර තිබූ වීරවංශලාව, ජයසුමනලාව, ලංකර නොගෙන ඉන්නට තිබුනු යැයි යෝජනා කිරීම නිවැරදිය. මන්ද ඔවුන් ලං කර ගැනීමෙන් දිලිත් ජයවීරට ලැබෙන කිසිදු අමතර ලාභයක් හෝ වාසියක් නොවන අතර ලැබෙන්නේ තමා පසුගිය කාලය තුළ දේශපාලනයට පිවිස ගොඩනගාගත් යම් ප්‍රතිරූපයක් වේ නම් එය විනාශ වීම පමණි.

දැන් දිලිත් ජයවීර යන්නේ කොහාට ද? 

 

 පහත පළවෙන්නේජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංගගේ ලිපියයි..
 
දොස්තර සාෆි මරා ගෙන කෑ විෂකුරු ජාතිවාදීන් සහ දිලිත් (අශෝක ජයතුංග)

 

මෙවර ජනපතිවරණයට මුලින්ම සූට් මැහුවේත් ඒවා ජැන්ඩියට ඇඳගෙන රට වටා මුලින්ම ගියේත් දිලිත් ය. ඒ ගමනට අවශ්‍ය මුදල්, මාධ්‍ය, සංවිධාන ශක්තිය මෙන්ම ආකර්ශනීය පෞර්ෂය හා කථිකත්වය පමණක් නොව ජිමික්ස් ද දිලිත් සතුව තිබූ බැවිනි.

 

ඒ තුළ රට වටා අති සාර්ථක දේශපාලන චාරිකාවක් ඇරඔු දිලිත් ට "නයා හා පැනියා" වැනි දැවැන්ත ප්‍රහාර ෂෝෂල් මීඩියා වලින් එල්ල වුවද ජනතාව ඒවා එතරම් ගණන් ගත්තා දැයි නොපෙණුන තරම්ය.  ඔහු යන හැම තැනම සෙනග උතුරා ගියේ ඔිනම වැඩක් අලුත් විදියට කරන්නට ඔහුට තිබූ හැකියාව නිසාය.

 

ගොනා හැරෙන්නේ මොන ගහටදැයි රට තුළ මෙන්ම අප තුළ ද මතයක් තිබුණද ඒවා අමුවෙන්ම ඇදලා ඇරීම දේශපාලන ලෙස පිපෙන්නට දඟලන මල් කැකුළකට කරන හානියන් නිසා බොහෝ දෙනා විමසිලි ඇසින් බලා සිටියා පමණය. 

 

ආචාර්ය සරත් අමුණුගම වැනි අයෙකු දිලිත් සමග ගැට ගැහී තිබීමෙන් ඔහු ලබාගත් පක්ෂයේ මුල් අයිතිකරුවූ හේමකුමාර නානායක්කාර ගේ බොකු බඩවැල් වල ද තිබුණු අන්ත හා තුච්ඡ ජාතිවාදය යටපත් විය. එහෙත් යහම්පත් අම්මණ්ඩි දිලිත්ගේ වේදිකාවට ගොඩ වූ විට දිලිත් ගේ සිල්ලර වැරදි එතෙක් නොතකා සිටි දැනුම් තේරුම් ඇති අය තිගැස්සින.

 

නමුත් බෝම්බය පුපුරා යාමක් හෝ සේද නූලට ගිණි තැබීමක් හෝ සිදු නොවිණ.  ඒ අතරේ දිලිත් ජාතිකත්වයක් ගැන එකවරම කතා කරන්නට පටන් ගත් බවක් පෙණින. බොහෝ අය සිතුවේ එය රාජපක්ෂලා දිනේෂ්ලා වීරවංශ ගම්මන්පිළලා හා ගෙවිදු ලා ගේ ජයසුමනලා ගේ බලු ජාතිවාදය නොව සැබැවින්ම සිංහල ජාතිකත්වය වෙනුවෙන් සැබෑ හා අවංක පෙනී සිටීමක් කිරීමට දිලිත් සූදානම් වන බවය. එම නව ජාතිකත්ව ආකෘතියේ හැඩය කුමක්දැයි බලා ගැනීමට ද බොහෝ අය සැදී පැහැදී සිටියහ.

 

"අම්මට සිරි වුණේ" එතනදීය. දිලිත් ද ජාතකත්වය ලෙස විග්‍රහ කරගෙන ඇත්තේ ද අර පිළුණු උග්‍ර ජාතිවාදී නරුමත්වයම බව සනාථ වූයේ  වීරවංශ ගම්මන්පිළ ජයසුමන ගෙවිදුලා සමග දිලිත් සංධානයකට යාමෙන්ය. දැනට එතන නැත්තේ චම්පික, සරත් වීරසේකර වැනි උග්‍ර ජාතිවාදී කැට කැබිලිති පමණය. එතන දී නොයෙක් අභ්‍යන්තර උපාය උපක්‍රම ගැන ඔවුන්ට කියන්නට හැකිය. දේශපාලන විග්‍රහ ලබාදී රට හා ජනතාව ගොනාට ඇන්දීමට මෙම සාම්ප්‍රධායික කුණු කසල සංධානයට උත්සාහ කළ හැකි මුත් එදා කල පටු වාසි ලැබීමට ව්‍යාජ දේශප්‍රේමය පැතිරීම වැනි දේවල් වලට ජනතාව අදත් අන්දාගත හැකිදැයි අපැහැදිලිය.

 

දිලිත්ට සෙවණ දුන් ආචාර්ය අමුණුගම වහාම මෙම කුණු කසල සංධානයෙන් ඉවත්ව තිබේ. දිලිත්ගේ ජාතිකත්ව සටන් පාඨය උග්‍ර හා විෂ සහිත ජාතිවාදයම මිස අනෙකක් නොවන බව එම සංධාන සෙට් එකේ සිටින " දොස්තර සාෆි පවා මැතිවරණ වාසි වෙනුවෙන් මරාගෙන කෑ" පිරිස දිලිත් ගේ කරඋඩ සිටින බව පෙනෙන විටය.

 

මෙය රනිල් ගේ වැඩක් යයි විග්‍රහ කරන අයට වඩා මෙය රාජපක්ෂලා බේරාගැනීමට කල කුණු කසල වැඩක් යයි විග්‍රහ කරන අය වැඩිය. තවද මෙම සංධාන වලේ උග්‍ර ජාතිවාදීන් සමඟ වාසු හා කොමියුනිස්ට් පක්ෂය සිටින්නේ රෙදි නැතුවදැයි අහන අයද එමටය. ඔවුහු ඒ ගැන කරන පැහැදිලි කිරීම ජනතාවට අත්‍යවශ්‍ය ය.

 

වද දිලිත් සෙට් වෙන්නේ ජනපතිවරණයට නොව මහා මැතිවරණයට බව පැහැදිලිය. ඔහු ජනතාවට තිත්ත වූ පිරිසක් සමග යනවාට වඩා තනිවම ගියා නම් මන්ත්‍රීධුර 05 කට වත් වගකියන්නට තිබුණ බව මගේ හැගීමය. එහෙත් එල්ලෙන්නට වැලේ වැල් නැතුව ජනතාවට තිත්තවී අතරමංව කිසිදු පක්ෂයකින් හතර මායිමේ වැද්ද නොගෙන හිටි නන්නපෝල් පිරිසකට දිලිත් අත් වැලක්වීමෙන් ගොඩ යන්නේ දිලිත් ට වඩා ඔවුන්ය..

 

දිලිත් වගේ එවුන්ට හොද වැඩේ කියන අය අතර ඌ හොඳ ස්ටාට් එකක් ගත්තත් දිනුම් කණුව පේනමානයේ පය පැටලී බිම වැටුණ බව කියන අය දැන් බොහෝය. දිලිත් ජනතාව අන්දමින් ගෝටා වැනි හිස් මිනිසුන් හා ශරීරයට අහිකකර භාණ්ඩ පවා මාකට් කරන්නට දක්ෂ වුවද විෂම දේශපාලන මඩ ගොහොරව තුළ ඔහුට තම දේශපාලන විඥානය හසුරවා ගැනීමේ දී ඔහු තවම ආධුනිකදැයි කීමට තවම කල් මදිය. මන්ද දිලිත්ගේ ගම නම් ගාල්ලේය.

 

(අශෝක ජයතුංග-වොෂින්ටන් DC සිට)