SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ රට විනාශ කිරීමේ මූලික වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි "United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර පසුගියදා ප්‍රකාශ කර ඇත.

මාළිමාව කියා සුදු රෙද්දක් පොරව ගත්තට ජනතා විමුක්ති පෙරමුණට කවදාක්වත් රටට-ජනතාවට කළ මේ මහා පාප කර්මයෙන් ගැලවීමට ඉඩක් නැතැයි ද ඔහු පවසයි.

 

"United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මේ බව කියා සිටියේ, "United Youth" මුස්ලිම් එකමුතුවේ අධ්‍යක්ෂක A.M.M Firthous විසින් එරාවුර්හී දී සංවිධානය කරනු ලැබූ තරුණ හමුවට එක් වෙමිනි.

WhatsApp Image 2024 05 30 at 12.27.311

 

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති සුදත් චන්ද්‍රසේකර,

 

"ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රටක්. එහෙත් සෑම ජාතියක්ම එක්ව සාමයෙන් ජීවත් වුණා. අපට හොඳ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තිබුණා. නමුත් 1971 රට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මිනී මරු තුවක්කුව සංස්කෘතියක් බිහි වුණා. රාජ්‍ය දේපොළ විනාශ කරන සංස්කෘතියක් බිහි වුණා. බැංකු මංකොල්ල කන සංස්කෘතියක් බිහි වුණා. ඉතාම බිහිසුණු වාතාවරණයක් රටේ ඇති කළා. 

 

ඒ සියල්ලම කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරමින් එල්ටීටීඊ සංවිධානය එම සංස්කෘතිය තව දුරටත් රටේ ව්‍යාප්ත කළා. මේ රට විනාශ කිරීමේ මූලික වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. අද මාළිමව කියලා සුදු රෙද්දක් පොරව ගත්තට ජනතා විමුක්ති පෙරමුණට කවදාක්වත් රටට-ජනතාවට කළ මේ මහා පාප කර්මයෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නෑ."

 

මෙම අවස්ථාවට "United Youth" සංවිධානයේ ජාතික සංවිධායක සහ කලා එකමුතුවේ ලේකම් රංගන ශිල්පී අර්ජුන කමලනාත් ඇතුලු පිරිසක් සහභාගී විය.

 

WhatsApp Image 2024 05 30 at 12.27.29WhatsApp Image 2024 05 30 at 12.27.30WhatsApp Image 2024 05 30 at 12.27.31WhatsApp Image 2024 05 30 at 12.27.32WhatsApp Image 2024 05 30 at 12.27.291WhatsApp Image 2024 05 30 at 12.27.292WhatsApp Image 2024 05 30 at 12.27.301WhatsApp Image 2024 05 30 at 12.27.302WhatsApp Image 2024 05 30 at 12.27.322

marrikkar

නවතම ලිපි