SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්ගේ බලවේගය බටහිර ගැති බලවේගයක් බවත් එය කරුණු දෙකක් නිසා

හොඳින්ම පෙනෙන බවත් අතුරලියේ රතන හිමි පවසා ඇත.

 

උන් වහන්සේ මේ බව පවසා ඇත්තේ උපුල් ශාන්ත සන්නස්ගලගේ යූටියුබ් නාලිකාව සමග පැවති සාකච්ඡාවකදීය.

 

sanna rathana 2 

මම යෙදිල ඉන්නෙ දේශපාලන ඉංජිනේරු කාර්යයකයි..

 

“මට තියෙන්නෙ උපායමාර්ගයක්. එතකොට මම බලනවා මගේ අදහස සාපේක්ෂව වඩා කරන්න පුළුවන් කෙනා කව්ද කියල. උදාහරණයකට අතන මෙතන කියන අය..මට වැඩියෙන් ගහන්නෙ සෝෂල් මීඩියාවල ජේවීපී අය, එහෙම නැත්නම් CIC වැනි සමාගම්. ඒ අය තමයි පහුගිය කාලෙ මට ගැහුවෙ.

 

එතකොට ජේවීපී එක ගත්තොත් ඒගොල්ලොත් එහෙමනේ. අනුර කොතැනද නොහිටියෙ? හැමතැනම හිටියා.චන්ද්‍රිකා එක්ක ඇමතිකම් කළා. 2005 මහින්ද එක්ක අපි එක්ක හිටියා. මහින්ද දිනවන ලොකු වැඩසටහනක හිටියා. 2010 ෆොන්සේකා එක්ක. 2015 අනුර අපි එක්ක වක්‍රව හිටිය. ඒක මම වරදක් කියල දකින්නේ නෑ.

 

2005 අපි මහින්ද ළඟට එනකල්ම 2004 වෙනකල් අපි අපේම වූ ස්වාධීන අනන්‍ය වූ සමාජ බලයක් ගොඩනගන්නට උත්සාහ ගනිමින් හිටියෙ.

 

sanna rathana 3

 

ලංකාවේ බෞද්ධ ශාසනය කුලය මත පදනම්ව ක්‍රියාත්මක වන ආකාරය ගැන සන්නාගේ ප්‍රශ්නයකට  රතන හිමියන් අදහස් දක්වා ඇත.

 

මම කුලය බලල කවදාවත් කාවවත් මහණ කළේ නෑ...

 

“මම අමරපුර නිකායෙ භික්ෂුවක් හින්ඳ දෙවුර වහල ඉන්නෙ.

මේකෙ කුලයක් නියෝජනය කරනවා. සියම් නිකාය කියන්නෙ, රටේ ප්‍රධාන කුලය වන ගොවිගම කුලයෙ අයට පමණයි තියෙන්නෙ.

අනික් නිකායන්වල අනික් හැම කුලවලම අය ඉන්නව. අමරපුර නිකාය ගත්තොත් ඒක ඇතුලෙ කොටස් 23ක් තියෙනවා.

මාව බාරදීල තිබුණෙ අමරපුර නිකායට.

 

ඒ උනත් මට ගෝලයො හුගක් හිටියට මම කවදාවත්  ඒ එක්  අයෙක්වත් මහණ කළේ කුලය බලල නෙවෙයි. මේ වෙනකල් මම දන්නෙත් නෑ ඒ අය මොන කුලවලද කියල..

 

sanna r 5

 

එක්සත් ජාතික පක්ෂය කොන්සර්වෙටිව් පක්ෂයක් උවත් මේ වෙද්දි එම පක්ෂයේ කොන්සර්වෙටිව් ගතිලක්ෂන නොමැති බව රතන හිමි පවසයි.

 

බටහිර ගැති රනිල්...

 

“රනිල්ගේ බලවේගය බටහිර ගැති ලිබරල් බලවේගයක්. ඒක හොඳටම පේනව කරුණු දෙකකින්.

 

එකක් රනිල් අව්රුදු දෙකකින් පරාජය වීම. දෙවෙනි එක තමයි, කොන්සර්වෙටිව් පක්ෂයක් කියන්නෙ දක්ෂිනාංශික ජාතිකවාදී පක්ෂයක්. අමෙරිකාවේ ජාතිකවාදී, ඇමෙරිකාවේ භූමියත් එක්ක, ඇමෙරිකාවේ නිෂ්පාදන එක්ක, ඇමෙරිකාවේ ගොවිතැන එක්ක තමන්ගෙ උරුමය එක්ක ඉන්න පක්ෂයක්. ඇමෙරිකාවේ සුද්දො ලොකුයි. කල්ලොන්ව, ඒෂියන්කාරයින්ව නැතිකරල දානව.

 

නමුත් යටත් විජිතයන්වල හැදුනු කොන්සර්වෙටිව් පක්ෂ ඔවුන් කොන්සර්වෙටිව් වෙන්නෙ බ්‍රිතාන්‍ය රජ්ජුරුවන්ට හෝ රජිනට. ගමේ එකාට තියෙනව කොළඹ එන්න සිහිනයක්. එතකොට රනිල්ගෙ සිහිනය කොළඹ නෙවෙයි. ලන්ඩන් බකිංහැම් මාලිගාව.

 

වරක් මම චීනෙ කොමියුනිස්ට් පක්ෂයෙ මනුස්සයෙක්ව රනිල් ලඟට අරන් ගියා. එයා කේම්බ්‍රිජ් ඉගෙනගත්ත ඩොක්ටර් කෙනෙක්. රනිල් එයා එක්ක හරියට කතාකළේ නෑ. ඒ මනුස්සයා කිව්ව මම උඹගෙ ජනාධිපතිට වඩා  ලොකු කෙනෙක්. මාත් එක්ක එයා කතාකළේ නෑ කියල. ගනං ගන්නෙ නෑ. හැබැයි මම සුද්දෙක් අරගෙන ගියානම් රනිල් හොඳට කතාකරනවා. රනිල්ට බකිංහැම් මාලිගාවට ආරාධනයක් ආවම ඒක මගුල් ගෙයක් වගේ ලොකුයි. රනිල්ට හීනමානය තියෙන්නෙ බකිංහැම් මාලිගාව එක්ක. ඒගොල්ලන්ගෙ බැඳීම තියෙන්නෙ රජ පවුලට. ඒක යටත්විජිත ආසියානු හා අප්‍රිකානු රටවල තිබිච්ච ලක්ෂනයක්.

 

එතකොට යුරෝපීය කොන්සර්වෙටිව් පක්ෂවල තියෙන්නෙ පොළවත් එක්ක. ඔන්න ඔය ගැටලුව යූඇන්පීය ඇතුලෙ තියෙනවා. රනිල්ගෙ මනස ලංකාවේ පොළොවෙ නෙවෙයි, ලංකාවෙ බුද්ධාගම වගේ ඒව දේශපාලනයට පාවිච්චි කරනව විතරයි, රනිල්ට එහෙම එකක් නැහැ.

 

නමුත් යූඑන්පීය කියන කොන්සර්වෙටිව් පක්ෂයෙ ජාතිකවාදය තියෙනව. ඩී.එස්ල, ඩඩ්ලිල ඒක තියාගෙන හිටිය.

 

සම්පූර්ණ කතාබහ නරඹන්න..

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි