SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෙදරදි හොඳට තාර්කිකව කතා කරලා හස්බන්ඩ් එක්ක fight කරන්න පුළුවන් කාන්තාව සුපර්මාකට් එකේ රැක් එක ඉස්සරහ සංවේදී අතාර්කික කෙනෙක් බවට පත්වෙන බව

මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක සහ ශ්‍රී ලංකාවේ දැන්වීම් නිර්මාණකරණයේ පෙරළිකාරී චරිතයක් වුනු දිලිත් ජයවීර කියයි.

 

ඔහු කියන්නේ කාන්තාවන්ට මෙන්ම මේ කතාව පිරිමියාටද පොදු බව ය.

 

“පාරිභෝගිකයන් හැටියට වෙළඳපොලට අවතීර්ණය වෙන්නෙ තාර්කික මිනිසා නෙවෙයි.

ගෙදරදි හොඳට හස්බන්ඩ් එක්ක තාර්කිකව ෆයිට් කරන්න පුළුවන් කාන්තාව හොඳට ඔලුව කන්න පුළුවන් හස්බන්ඩ්ගෙ, හරිම තාර්කිකයි. සුපර් මාර්කට් එකේ රැක් එක ඉස්සරහා අතාර්කික සංවේදී පාරිභෝගිකයෙක් බවට පත්වෙනවා.

මොකද හේතුව, අපේ ඉන්න දුර්වල මිනිසා එළියට ගන්න තමයි සන්නාමකරණය හදල තියෙන්නෙ. අපේ ඇතුළෙ ඉන්න දුර්වල මිනිසා.

 

ආලය යම් සේ අන්ධ ද, ඊට වඩා අන්ධයි අපි Brands ඉදිරියේ, අංග විකලයි, කිසි දෙයක් හොයන්නෙ නෑ. ඔලුවෙ යනවා සිංදුව, TV ඒකේ දැකපු ad එක, ඒකෙ models ලා, අපි ජීවිතේට කල්පනා කරන්නෙ නෑ ඒ සන්නාමය එහෙම වෙන්නෙ කොහොමද කියල. ඒකෙන් අපිට වින්දනය ලැබෙන්නෙ කොහොමද කියල අපි හිතන්නෙ නෑ. මොකද අපි වගේ advertising  කාරයො මේක ඔලුව ඇතුලෙ කරකවනවා.

 

දෙවෙනි ඉනිම වගේ හොඳට ඔිගොල්ලො බලබල ඉන්නකොට හොඳ ad එකක් මැදට දාල අතාර්කික මිනිසා පුබුදුවලා ගන්නවා.

 

ඉතිං මේක තමයි යථාර්තය”.