SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප බොහෝ දෙනෙක් කියවා ඇති, පන්සිය පනස් ජාතක කතා සංග්‍රහයේ 77 වැනි කතාව,

"මහා සුපින" ජාතකයයි. කොසොල් මහරජ නින්දේ දී දුටු සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් බුදුරදුන් දේශනා කළ කරුණු මෙහි අන්තර්ගත ය.

 

පුරෝහිත බ්‍රාහ්මණ විසින් මෙම සිහින පිළිබඳව විග්‍රහ කරමින් තම රජුට උපදෙස් දුන්නේ, රාජ්‍යත්වයට හා රජුගේ ජීවිතයට මෙන් ම භෝග සම්පත්වලට බරපතළ අනතුරක් මෙමගින් පෙන්නුම් කරන බවයි. එමෙන් ම සත්වයන් දහස් ගණනක් ගින්නට දමා යාගයක් සිදු කිරීම හැර ඉන් මිදෙන්නට අන් මගක් රජුට නැති බවයි. නමුත්, බිසවගේ උපදෙස් පරිදි එසේ නොකළ රජු, බුදුන් වහන්සේ බැහැදැක, යථාර්ථවාදීව සහ ධර්මානුකූලව එම සිහින වල අර්ථය අවබෝධ කරගන්නා ලදී.

 

කොසොල් රජුන් දුටු මෙම සිහින 16 සම්පිණ්ඩනය කිරීමේ දී පැහැදිලි වන්නේ ප්‍රධාන ධාරාවන් කීපයක් ඔස්සේ එනම්, අද ශ්‍රී ලංකාව ප්‍රමුඛ බොහෝ රාජ්‍යයන් හා සමාජයන් තුළ උද්ගතව තිබෙන බොහෝ ප්‍රශ්න හා ගැටලු මෙම සිහින තුළ අන්තර්ගත වන බවයි. එමෙන් ම, සම්බුදු හිමියන්ගේ දහම හා දෙසුම එදාටත් වඩා වත්මන අප සමාජයට අදාළ වන බවයි.

 

අද, බැතිබරව තෙමඟුල සමරන දිනයේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන් තුන් කාලයට ම අදාල ධර්ම වීථිය ඔස්සේ ඇවිද ඉදිරියට යාම අපේක්ෂාව නම්, කොසොල් රජු දුටු එම සිහින දහසය නැවත දකිමු. හඳුනා ගනිමු.

 

අවම වශයෙන්, කළුගල් දිය මත පාවෙනු දුටු 13 වැනි සිහිනය ප්‍රමුඛව, 5 වැනි, 8 වැනි, 9 වැනි සහ 16 වැනි සිහින දැකීම සහ හඳුනා ගැනීම, බැතිබරින් ප්‍රමුදිත හා දැහැමිබවින් සුපුෂ්පිත මෙම ප්‍රබුද්ධ දිනයේ දී සිදුකළ හැකි උත්තම ධර්ම පූජාවයි.

මා අවබෝධ කරගත් පරිදි,

බුදු දහම යනු සොබා දහමයි.

බුද්ධ ධර්මය යනු ස්වභාව ධර්මයයි.

 

@ඩලස් අලහප්පෙරුම

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි