SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත්

ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහරගමදී  පැවසීය.

 

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි අතර ව්‍යවස්ථාවට අනුව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවද හෙතෙම කීය.

 

 

ජනාධිපතිරණයට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට  ලංකා පොදු ජන පෙරමුණට මෙන්ම සමගි ජන බලවේගයටද අවශ්‍ය වී ඇතැයි පැවසූ දිසානායක මහතා ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේදී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා වැඩි කැමැත්ත මහ මැතිවරණයකට බව රහසක් නෙවේ යයිද කිය.

 

එම පක්ෂවලට විශාල මාධ්‍ය බලයක් ඇති නිසා දැනට මාස ගණනාවක සිටම ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන බවට ප්‍රචාර  ගෙන යන බවද ඔහු පැවසීය.

රටේ තිබෙන ඇත්ත ප්‍රශ්නය වසන් කර වෙනත් ප්‍රශ්න මවමින් ජනතාව කැලෑ පාරවල්වල අතුරු පාරවල්වල ගෙන ගොස් මුලා කිරීමට ඔවුන් යත්න දරන බවද ඔහු කීය.

 

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක බලය හුවමාරු වීමේ අවස්ථාවක් හෙයින් එම කණ්ඩායම් දෙකම වැඩි කැමැත්තක් මහ මැතිවරණය කෙරෙහි දක්වන බව කී ජාජබ නායක අනුර කුමාර දිසානායක  සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවාට වඩා එම පක්ෂයේ සිටින අනිකුත් අයට ආසන මට්ටමින් යම් ජයග්‍රහණයක් ලබාගත හැකි නිසා ඔවුන් ද මහා මැතිවරණයට වැඩි නැඹුරුතාවයක් දක්වන බවද පැවසීය.

@ආරියරත්න රණබාහු

lankadeepa

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි