SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී මහමැතිවරණයකට බය ඇයි යනුවෙන් එරන්ද ගිනිගේ පහුගියදා ලිපියක් ලියා තිබ්බේය.

ඒ ලිපියේ අන්තර්ගතය පුරාවටම පේන්නට තිබ්බේ එරන්ද ගිනිගේ හා ඔහු නියෝජනය කරන්නාවූ කඳවුරට ඇති පාඨලී භීතිකාවය.

ඒ විතරක් නෙවේය.

 

දේශපාලන විද්‍යාවේ මෙන්ම නීතියේත් ව්‍යවස්ථාවේත් මූලික කාරණා කීපයක් ගැන ඔහු සතු සාමාන්‍ය දැනීම ඇතැම් සංකීර්ණතා සමග ගැටලන්නට ගොස් නාගෙන ඇති ප්‍රමාණයත් ඉන් පේන්නේය.

 

එරන්ද ගිනිගේ ගේ ලිපිය පහතින්...

පාඨලී මහා මැතිවරණයට බය ඇයි?

මහා මැතිවරණය හෙවත් පාර්ලිමේන්තු මැතිවරණය යනු ජනතාව විසින් ව්‍යවස්ථාදායකයට සිය නියෝජිතයන් තෝරා ගන්නා වරණය යි. ව්‍යවස්ථාදායකය (Legislature) යනු ජනරජයේ පොදු කාරණා පිළිබඳව තීරණ ගන්නා ආයතනය යි. උදාහරණයක් වශයෙන් ජනරජයේ මූල්‍ය පිළිබඳ තීරණ ගන්නේ පාර්ලිමේන්තුව ය. වාර්ෂික ආදායම සහ වියදම එනම් අයවැය තීරණය කර නීතිගත කරන්නේ පාර්ලිමේන්තුව ය. ඒ අනුව ජනරජයේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා නම් එයට වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුව ය.

 

විධායකය යනු ව්‍යවස්ථාදායකය ගන්නා තීරණ ක්‍රියාත්මක කරන (Executive හෙවත් Execute කරන) ආයතනය යි. ජාතික ජන බලවේගයේ සුනිල් වටගල නමැති ඊනියා නීතිඥයා ඊයේ පැවති මාධ්‍ය හමුවක කියන්නේ “විධායකය යනු රනිල් වික්‍රමසිංහ” බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ දැනුම එයින් පෙනේ. විධායකය යනු ජනපති, අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය සේවය යන ආයතන තුනටම කියන පොදු නමක් බව උසස් පෙළට දේශපාලන විද්‍යාව උගන්නා සිසුවා පවා දනී. විධායක ආයතන ඉන්නේ ව්‍යවස්ථාදායකය ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට ය. තවද ඒ ධුරවල ඉන්නා Tom, Dick or Harry විධායකය නොවේ. These are basics in politics.

 

ව්‍යවස්ථාදායකය සහ විධායකය එකිනෙකාගෙන් සංවරණය හා තුලනය (Check and Balance) කර තිබේ. එනම් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් විධායකයේ නියෝජිතයන් වෙනස් කළ හැකිය. විධායකයට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙනස් කළ හැකිය. මහලොකුවට ජනරජය නමින් පක්ෂ කෑල්ලක් අටවා ගෙන ඉන්නා පාඨලී කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවනවා නම් විසිරවිය යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව පමණක් කියා ය. එය ඔහුගේ ජනරජය සහ ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම පිළිබඳ ඇති නූගත්කම පෙන්වන්නකි. මේවා ඔහු ඇතුළු යහපාලන නඩය විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු කළ අතාර්කික මුග්ධ ක්‍රියාවන් ය. ඕනෑම ආයතනයක සංවරණය හා තුලනය ඒ ආයතනයටම දීමේ මෝඩකම පාඨලීට තේරෙන්නේ නැති එකට අපට කරන්නට දෙයක් නැත.

 

පාඨලී යනු සාහසික අරගලයේ ප්‍රමුඛ පාර්ශවකරුවෙකි. අරගලයෙන් ඉල්ලා සිටියේ System Change එකකි. සිස්ටම් එක චේන්ජ් කරන්න නම් මුලින්ම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙනස් කිරීම ය. එය කළ යුත්තේ අර විධායක ජනපති ඉවත් කළාක් මෙන් පාඨලී ඇතුළු අරගලකරුවන්ගේ ත්‍රස්තවාදයෙන් නොවේ. එය කළ යුත්තේ නිදහස් හා සාධාරණ ඡන්දයෙනි. පාර්ලිමේන්තුව විසිරුවනවා යනු පාර්ලිමේන්තුවට අලුතෙන් නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව දීම යි. එවිට එම නියෝජිතයන්ට ජනරජය පිළිබඳ අලුත් ප්‍රකාශිත ප්‍රතිපත්ති මත තීරණ ගැනීමට වරමක් ජනතාවගෙන් ලැබේ. එසේ නම් මහා මැතිවරණය පවත්වනවාට පාඨලී මෙතරම් බිය වන්නේ ඇයි?

 

එයට හේතුව වන්නේ මහා මැතිවරණය පැවැත්වුවහොත් ජනතාව මෙවර ඔහුව තෝරා නොගන්නා බව ඔහු දන්නා නිසාද? අද ඔහු කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයකට වැද්ද නොගනී. ඔහු සත පහකට විශ්වාස කළ නොහැකි චරිතයකි. අත්තෙන් අත්තට පැන පැන යන රිලවා මෙන් එහාට මෙහාට පැන්නා පමණක් නොව තමන් එකල පෙනී සිටි ජාතිකවාදී මතවාදයටද කොකා පෙන්නා පැන්න අයෙකි. පනින රිලවුන් ගැන ජනතාවට විශ්වාසයක් නැත. ඔහුත් සමග සිටි රතනට මිනිසුන් කියන්නේ “අතන මෙතන රතන” කියා ය. ගම්මන්පිලට මිනිසුන් කියන්නේ “ගෙම්බන්පිල” කියා ය. පාඨලීට මිනිසුන් කියන්නේ “පාට පාට ලී” කියා ය. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී පැනීම් ගැන ජනතාව හොඳින් දන්නා නිසා ය. එබැවින් මහා මැතිවරණය පැවැත්වුවහොත් තමන්ට සදහටම පාර්ලිමේන්තු අසුන නැති විය හැකි යැයි පාඨලී සිතනවා විය හැකිය.

 

නොඑසේ නම් පාර්ලිමේන්තු මැතිවරණයට පාඨලී මෙතරම් බිය වන්නේ එවිට ජාතික ජන බලවේගය හෙවත් පාඨලීගේ ඓතිහාසික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණට වැඩි ආසන සංඛ්‍යාවක් ජනතාව ලබා දෙයි කියා සිතන නිසාද? ජාජබයේ නැගීමට වෙන කාටත් වඩා බිය වන්නේ පාඨලී බව කවුරුත් දනී. හදිසියෙවත් ජාජබ ආණ්ඩුවක් හැදුනොත් ඔවුන්ගේ පලිගන්නා ලැයිස්තුවේ පැරණිම සාමාජිකයෙක් වෙන්නේ පාඨලී ය. ගෝඨාභයට සහ කාඩිනල්ට පින් සිද්ධ වෙන්න 88-89 දී ජීවිතය බේරා ගත්තත් මෙවර නම් එසේ බේරන්නට කිසිවෙකු නැති බව ඔහු දන්නවා විය හැකි ය.

 

එසේත් නැත්නම් පාඨලී බිය වන්නේ මහා මැතිවරණයෙන් නැවතත් පොහොට්ටුවට වැඩිපුර ආසන සංඛ්‍යාවක් ජනතාව විසින් ලබා දෙන බව ඔහු දන්නා නිසාද? රාජ්‍ය පාලනයෙන් ඉවත්ව සිටින බැසිල් රාජපක්ෂවම ඉලක්ක කර ඔහු දිගින් දිගටම මහා මැතිවරණය ප්‍රතික්ෂේප කිරීමෙන් අපට පෙනෙන්නේ පොහොට්ටුවේ ඡන්ද පදනම පෙර මෙන්ම ශක්තිමත් බව ඔහු සිතනා නිසාය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා නැවත ජනතාව විසින් තෝරා ගනු ඇත. පොහොට්ටුවෙන් ඉවත් වූ ඇතැමුන් වෙනුවට නවකයන්ටත් අවස්ථාව උදා වෙනු ඇත. ඊළඟ ආණ්ඩුවත් විපක්ෂයත් හැදීමේ තීරක බලවේගය වන්නේ පොහොට්ටුව බව පාඨලී නොදන්නවා විය නොහැකිය.

 

එක පැත්තකින් රනිල් වික්‍රමසිංහව දිනවීමට පොහොට්ටුවේ සහාය ඉල්ලන ගමන් අනෙක් පැත්තෙන් මහා මැතිවරණය පවත්වනවාට විරුද්ධව පොහොට්ටුවට බැන වැදීම නිවට කමකි. පාඨලී ඔබ බිය නොවන්න. කටින් වීර කතා කියනවාක් මෙන් ක්‍රියාවෙන්ද වීරකම පෙන්වන්න. ඔබ කියනා තරම් දක්ෂයෙක් නම් ඕනෑම මොහොතක ඡන්දයකට යෑමට ඔබට හැකි විය යුතුය. මහා මැතිවරණය පැවැත්වුවහොත් දිස්ත්‍රික්කයෙන් උපරිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පැමිණ පෙන්වන්න පුළුවන්ද? දිස් ඉස් පොලිටික්ස්.

(එරන්ද ගිනිගේ- 2024 මැයි 11)

 

එරන්ද ගිනිගේ මතුකරනා තවත් කාරණා කීපයක් ද ඉතා වටින්නේය.

 

එරන්දලාට අනුව මැයි 9 වෙනිදා උදේ වරුවක් තිබිලා නැතිය.

ලෝක ඉතිහාසයේ හවස් වරුවක් පමණක් තිබූ දිනයක් ලෙස රාජපක්ෂලා හා ඔවුන්ගේ

බත්බැලයන්ගේ දැනුම් පද්ධති ඇතුලේ මැයි 9 වෙනිදා සනිටුහන් වී ඇත.

එරන්දලාට අනුව අරගලය සාහසිකය.

අප්‍රේල් 9 වෙනිදා සිට මැයි 9 වෙනිදා දහවල දක්වා ගෝල්ෆේස් පිටියේ කූඩාරම් අටවා ගෙන සිටීමේ ඇති සාහසිකත්වය කුමක්දැයි එරන්ද අපට පහදන්නට ඕනෑය.

පුස්තකාලයක චිත්‍රාගාරයක සංවාද මණ්ඩපයක ඇති සාහසිකත්වය කුමක්ද යන්න එරන්දලා පහදන්නට ඕනෑය.

එරන්ද විසින් පාඨලීව ඒ සාමකාමී අරගලයේ පාර්ශ්වකරුවෙක් ලෙස හඳුන්වා දීම ප්‍රශංසනීයය.

ඉන් නොනැවතී පාඨලී system change එකක් බලාපොරොත්තු වන්නෙක් ලෙස හඳුනාගැනීමත් ප්‍රශංසනීයය.

බැසිල්ට මෙන්ම එරන්දලාටත් දැන් වෙලා තියෙන්නේ "සිස්ටම් චේන්ජ්" එක විකුණලා හෝ මහ මැතිවරණය ගේන්නට දත කන එකය..

එරන්ද ගිනිගේ ලා ඒ තරමට අසරණ වෙලාය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම මතවාදීමය ප්‍රතිවාදියා පාඨලී ය. ඒ ඇත්තය..

ජවිපෙ මතවාදය සමග මතවාදීමය ලෙස හැප්පෙන්නට හැක්කේ පාඨලීට පමණක් බව ජවිපෙ ඉහල නායකත්වය හොඳින් දන්නේය.

පාඨලී පසුපසින් පුද්ගලික ජන ගඟක් නැති බව දන්නා ජවිපෙ සිය උපරිම උත්සාහය දරන්නේ සිය කඳවුරට එරෙහිව ගොඩනැගෙන කඳවුරේ පොදු අපේක්ෂකයා ලෙස පාඨලීට ඇති අවස්ථා හැකිතාක් අවුරා දැමීමටය.

මාලිමාව පැත්තෙන් එහි වරදක් නැතිය. දේශපාලනය එහෙමය.

පොදු අපේක්ෂකයා කියනා සාධකය ජයග්‍රහණය කරවීමේදී එකී පුද්ගලයා පසුපසින් ඇති හෝ නැති පුද්ගලික ජනබලය සත පහකට වලංගු නොවන බව ජවිපෙ නායකයෝ නොදන්නවා නෙවේය.

 

මහමැතිවරණය ඉල්ලන්නේ බැසිල් ය.

 

දේශපාලන බංකොළොත් භාවයේ ඉන්නා එරන්ද ගිනිගේ මහමැතිවරණය තිබ්බොත් මාලිමාව වැඩි ආසන ගණනක් ගන්නා බවත් පාඨලී ඊට බය බවත් 88/89 දී ජීවිතය බේරා ගත්තාට මේ පාර එහෙම බේරා ගන්නට නොහැකි බවත් කියන්නේය.

එරන්ද ගිනිගේ කියා ඇත්තේ මහ භයානක කතාවකි. නොකියා කියන්නේ පාඨලීගේ ජීවිතය අනතුරේ කියාය.

 

ගිනිගේ…

 

සිය ජීවිතයට අනතුරක් ඇති බව ඔබ විසින් කියා ඇති බවත් එසේ නම් ඒ ගැන යම් රහස් තොරතුරක් ඔබ සතුව තියෙන්නට පුලුවන් යැයි කියාත් පාඨලී හට රහස් පොලීසියට පැමිණිල්ලක් කරන්නට හැකියාව ඇති බවත් සිහියේ තබාගන්න.

එරන්ද විසින් 19 වන සංශෝධනය විවේචනය කරන්නේ 18 වැන්න අහෝසි වීමේ දුකෙන් රාජපක්ෂලා තවමත් පෙළෙනා බවය.

රාජපක්ෂලා හට 19ට අත් එසවූවෝ එක්කලා තද ඇරියස් එකක් තියෙන්නේය. ඒක එලියට එන්නේ එරන්ද ගිනිගේලා හරහාය.

 

සිස්ටම් විනාශ කර දැම්මේ රාජපක්ෂලාය. ඔවුන් රටේ ආර්ථිකය ට කළ හානිය පිළිගනිමින් නඩු තීන්දුවක් පවා ලැබුණු බව ගිනිගේ ට අමතකය.

පාඨලී පමණක් නොව රටට ආදරේ ඕනෑම කෙනෙක් බැසිල් ප්‍රමුඛ රාජපක්ෂලාට විරෝධය දැක්වීමේ වරදක් නැතිය.

වරද තියෙන්නේ තාමත් ඒ පස්සේ යන කොට්ඨාසයක් ඉන්නා එකය.

රාජපක්ෂලා ඉලක්ක කරමින් පාඨලී විසින් යම් විරෝධයක් දැක්වීම අගය කල යුතුය..සමස්ත දේශපාලන සමාජය විසින්ම කළ යුත්තේ එයය.

 

@නදීෂ ද සිල්වා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි